IMG-LOGO

2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා


ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්‍රීලනිපය අනුමත කරයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සියයට සියයක් අනුමත කළ හැකි එකක් බව ශ්‍රී.ල.නි.ප ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඔවුන් සම ප‍්‍රතිපත්තිමය වශයෙන් එක මඟක යාමට හැකි බව ඉතා හොඳින් සනාථ වූ ලියවිල්ලක් යැයි කී සියඹලාපිටිය මහතා කීවේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මෙන්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇති කරුණු සාර්ථක කරගැනීම වෙනුවෙන් ද තම පක්‍ෂය එතුමාට සහය ලබාදෙන බව හෙතෙම සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ රාජගිරිය, නාවල පාරේ පිහිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ මැයෙන් එළිදැක්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ප‍්‍රකාශයෙහි ජනතාව නව ජනාධිපතිවරයකුගෙන් බලාපොරොත්තු වන සියලූ කරුණු අන්තර්ගතව ඇතැයිද සියඹලාපිටිය මහතා පැවසීය.

තම පක්‍ෂය ගෝඨාභය රාජපක්‍ෂ මහතා හැර වෙනත් අපේක්‍ෂකයකුට සහය දුන්නා නම් ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රකාශයට මෙතරම් හොඳින් එකඟවිය නොහැකි වනු ඇතැයි ද ප‍්‍රචාරක ලේකම්වරයා සඳහන් කළේය.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා



අදහස් (28)

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්‍රීලනිපය අනුමත කරයි

Achini Friday, 25 October 2019 11:48 AM

ඔහොම යමු ඉතින්...

:       1       18

saliya Friday, 25 October 2019 12:51 PM

මේ යන විදිහට ඔබතුමාලගේ සෞභාග්‍යමත් කාලයද අවසන් වී ගෙදර ඉන්නට නියත වශයෙන්ම සිදුවේ. ඒ නිසා අපට සෞභාග්‍යමත් කාලයක් ලැබීමටද ඉඩක් ඇත.

:       208       2537

rocky Friday, 25 October 2019 01:03 PM

දූෂිතයන්ට දඬුවම් කරනවා කියලා කියනවා නේද? උන්නැහෙත් ඇතුළුව පොහොට්ටුවේ ඉන්න දූෂිතයන්ට මොකද කරන්නේ..?

:       202       2056

විජිත් Friday, 25 October 2019 01:05 PM

ශ්‍රී ලනිපය අනුමත කලාට වැඩක් නැහැ. ශ්‍රීලනිපයේ ඉන්න නරි වග කියන්න ඕනෑ... මේ රටේ සිදුවුණු විනාශයට බාගයට බාගයක් එජාපය වගකිව යුතුයි. රටේ උගත්, බුද්ධිමත් මිනිසුන් තීරණය කළ යුතුයි අවුරුදු 70ක් රට කාපු කොළ, නිල් දේශපාලුවන්ට රටේ පාලනය දෙනවාද..? නැතිනම් උගත්, බුද්ධිමත් රටට ආදරේ කරන විකල්ප සංවිධානයට රට බාර දෙනවද කියලා..

:       73       1381

Saman Friday, 25 October 2019 01:13 PM

නැතුව ඉතින් ඔයගොල්ලෝ සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුමත කරන්නැයෑ..

:       112       253

sirimal Friday, 25 October 2019 01:20 PM

අනුමත නොකළා නම් තමයි පුදුමේ. අපට ආරංචියි නිර්පාක්ෂික කියකියා හිටපු ජනාධිපතිවරයාත් හෙට අනිද්දාම පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙනවා කියලා. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයින් හට ඔවුන්ගේ ඡන්දය දෙන බවට ගම් නියම් ගම් වලින් ආරංචි වෙන නිසා කිසියම් ආකාරයක හදිසි තත්වයක් ඇතිවෙලා වෙන්නට පුළුවන්... ඒවගේ තීරණයක් ගන්න ඇත්තේ. අනිත් අතට පොහොට්ටුවේ බලකොටු කියන තැන්වල සජිත් ප්‍රේමදාසගේ රැස්වීම් වලට බලාපොරොත්තු නොවුණු අන්දමට ජනකායක් එකතුවීම ගැනත් සමහර විට සමහරුන්ගේ ඇඟවල් හිරිවැටුණාද දන්නෙත් නැහැ. මොකද දකුණේ එහෙම නම් වෙන පළාත්වල තත්වය ඊට වඩා දරුණු වෙන්නට බැරි නැති නිසයි එහෙම හිතුණේ...

:       534       544

ChandiFriday, 25 October 2019 06:20 PM

ශ්‍රීමාල්.. මේ ගොන් කතා අහලා හිනාවෙන්න නම් ගොඩක් එන බව පේනවා..

:       386       150

Saman Friday, 25 October 2019 01:21 PM

අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා දැනට භාවිතා කරන 4G තාක්ෂණය වෙනුවට අධිවේගී 5G ජාල පද්ධතියක් ස්ථාපිත කරන බවත් බලි-තොවිල් සිදු කරන, ශාන්තිකර්ම සිදු කරන කට්‍ටඩියන්ගේ ගැටලු සොයා බලා විසඳුම් ලබාදීමට සංස්කෘතික අමාත්‍යංශය යටතේ නියාමන ඒකකයක් ස්ථාපිත කිරීමටද ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කරයි. දෙකම හොඳද? (විද්‍යාව සහ අවිද්‍යාව )

:       201       611

Dil PereraFriday, 25 October 2019 01:55 PM

දවල්ද? සමන්, ඔයා නම් නියමෙට කඩේ යනවා

:       350       21

KaluFriday, 25 October 2019 02:07 PM

මෝඩකම තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා.., ශාන්තිකර්ම වේදීන් කියන්නේ තවත් වෘත්තිකයින් පිරිසක්, ඒ වගේම අපේ සංස්කෘතියේ අංගයක්, (බුදුදහමට පටහැනි වුණත්). එයාලා පමණක් නෙමෙයි අනිත් පාරම්පරික වෘත්තීන් ආරක්ෂා කළයුතුයි. අපේ සංස්කෘතියට පයින් ගහලා අපිට ලෝකේ දිනන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඔයාට අර දාස තමයි ගැලපෙන්නේ...

:       337       96

SenaFriday, 25 October 2019 03:37 PM

අපේ සංස්කෘතිය නිසා බලියක් ඇරලා යුද්ධයත් දිනන්න තිබුණානේ?

:       33       284

සුලෝචනා Friday, 25 October 2019 05:28 PM

සමන් අර ගොල්ලන් ඔයාට අරක්කු වීදුරුවක් එහෙම දෙන්න ඇතිනේද? ලියන්න අත පණ එන්න.. හැබැයි අමතක නොකර අර රෙදි කෑල්ල නම් ඉල්ලගන්න වේවි..!! මොකද දැනටමත් ඔයා ඉන්නේ ඇඳුම් නැතිවනේ..

:       341       66

Mahee Friday, 25 October 2019 02:10 PM

පළමුවන ලෝක යුද්ධයට මුල පිරූ ජර්මනියේ කෙයිසර් විල්හෙල්ම් රජ්ජුරුවෝ පෝලන්තයේද කොහෙද එක්ක ගිවිසුමක් ගහලා ඒකත් කඩලා ඒ රට ආක්‍රමණය කළා. අැයි ගිවිසුම කැඩුවේ කියලා ඇහුවාම කිව්වා "ගිවිසුමක් යනු හුදෙක් කඩදාසි කැබැල්ලක් පමණකි" කියලා. මේ හාදයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන කියන්න තියෙන්නෙත්" ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන හුදෙක් කඩදාසි කැබලි පමණකි" කියලයි...

:       1       456

sirimal Friday, 25 October 2019 02:34 PM

මහින්ද රාජපක්ෂ මහත්තයා ඊයේ (24) මල්වතු - අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදී "වසන්ත සේනානායක බාගෙට ගිහින්... සිතාගැනීමටත් බැරි මට්ටමේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයකු නුදුරේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක්වනවා" කියා ප්‍රකාශයක් කළේය. මේ සම්බන්ධයෙන් අන්තර් ජාලයේ දැනට සංසරණය වෙන කතාවක් මෙසේය. "එජාපයෙන් පැනීමට සිටින ප්‍රබලයා සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවන කතාබහට අනුව ඒ සාගල රත්නායක ඇමතිවරයා බව අනුමාන කෙරේ. ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු වන අතර මේ වනවිට සජිත් පාර්ශවය ඉදිරියට පැමිණ සිටින නිසා අතිශය නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි. පසුගිය කාලයේදී රාජපක්ෂලාට එරෙහිව එල්ල වූ බොහෝ චෝදනා සනාථ කර ගැනීමට න‍ොහැකි වීම සහ අධිකරණ ක්‍රියාමාර්ග අවසන් කරගත නොහැකි වීම පිටුපස සිටින එක් ප්‍රධාන චරිතයක් වන්නේ සාගල රත්නායක මහතා බවට චෝදනා එල්ල වුනි. මේ වනවිටත් තිරය පිටුපස රාජපක්ෂලාට අවශ්‍ය පරිදි කටයුතු කරන පුද්ගලයෙක් වන නිසා යම් හෙයකින් සාගල රත්නායක මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවට ගොඩවීමට තීරණය කළහොත් එය අලුත් තත්වයක් නොවන බවයි බොහෝදෙනා කියන්නේ."

:       1       349

Saman Friday, 25 October 2019 03:42 PM

ඕකේ තියෙන ඒවා ගැන ප්‍රශ්නයක් ඇහුවොත් අයියාගෙන් අහන්න කියලා කියයිද දන්නේ නෑ. එදා වගේ..

:       1       735

Abilin Friday, 25 October 2019 05:08 PM

අපෝ කිරිඇල්ල නම් ගන්නට එපා...!!

:       0       48

Chanak los angeles Friday, 25 October 2019 05:25 PM

නිකන් බොරු එපා... මහා සාටක ඡන්දෙට ලංගමෙන් බස් අරගෙන ගෙවන්න තිබෙන මිලියන 10ට පොල්ල තියලා. දැන් එළිදක්වනවලු රට හදන වැඩ පිළිවෙල..

:       1       3091

WasudewaSaturday, 26 October 2019 06:07 AM

මේ දෙගොල්ලන්ටම බලය දෙන්න එපා. මේවා හිනායන සංදර්ශන... කියන තරමක් කියන්නේ පට්ට පල් බොරු. කලේ රට බංකොළොත් කරන එක විතරයි.

:       0       428

Chanak los angelesSaturday, 26 October 2019 03:47 PM

ඔබ කියන එක හරි.. වාසුගේ දුව බැඳලා ඉන්නේ විග්නේශ්වරන්ගේ පුතා.. සාටකයින්ගේ නංගි කෙනෙක් බැඳලා ඉන්නේ තීරු නඩේසන්... නමුත් මේ දෙගොල්ලන්ම ජනයා මුලා කරවන හැටි කොහොමද? අපිට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඉතා සුරක්ෂිත ලෙස නීතිගරුක සමාජයක් තුළ සතුටින් කල් ගෙවනවා. නමුත් අප ඉපදුණු රටේ අහිංසක ජනතාව මේ දෙගොල්ලන්ගේ ප්‍රයෝගවලට මුලා වෙමින් මැරිමැරී ජීවත් වෙනවා. එහෙම කියලා අපි නිකන් ඉන්නේ නැහැ. දුටු තැන මේ හොරුන්ගේ සායම දියකර හරිනවා..

:       0       0

විජිත් Friday, 25 October 2019 05:30 PM

සිරිමල්, සාගල රත්නායක ගෝඨාභයත් එක්ක යතොත් යන්නේ රනිල්ගේ කරදර එපාම වෙලා..

:       88       81

sinthiyaFriday, 25 October 2019 08:27 PM

අපිටත් ආරංචියි, රනිල්ගෙන් එතුමියට හරි කරදරයි කියලා... ඕවා ඉතින් දෙන්නම කැමතිවෙලා කරගත්ත දේවල්නේ...

:       0       52

sirimalSaturday, 26 October 2019 07:59 AM

සිකුරාදා ( 25 ) සාගල රත්නායක සජිත්ගේ රැස්වීමක වේදිකාවේ ඉන්නවා දැක්කා. නායකතුමා දෙකක් කතා කළාවත්ද දන්නේ නැහැ.

:       0       28

sirimalSaturday, 26 October 2019 08:07 AM

උපුටාගැනීමක් "සාගල රත්නායක මහතාව ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සම්බන්ධ කිරීමේ කපුකමෙහි නිරත වී සිටින්නේ සාගලගේ සොයුරු කාවන් රත්නායක මහතා බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. කාවන් රත්නායක මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳගේ පාර්ශ්වයෙන් ඥාතීත්වයක් තිබීම ද මීට බලපා ඇති බව සඳහන්... කෙසේවෙතත් මේ දේශපාලන දීගය ද සිදුවන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය වසර 4ක් තුළ නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධ සමීකරණය විසඳෙනු ඇත. එනම්, එවකට අධිකරණ ඇමතිවරයාව සිටි විජේදාස රාජපක්ෂ සහ එවකට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශ (FCID) ප්‍රධානී රවී වෛද්‍යාලංකාර යන දෙදෙනාම මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් එළිපිටම මැතිවරණ කටයුතුවල යෙදී සිටින අතර අඩුවට සිටින්නේ එවකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වූ සාගල රත්නායක මහතා පමණි." උපුටා ගැනීම අවසන්...

:       47       290

mahinda raja Saturday, 26 October 2019 01:20 AM

අනුමත කරන්නේ නැතුව වෙන මොනවා කරන්නද?

:       0       76

ajith Saturday, 26 October 2019 01:22 AM

ඔයා එහෙන් මෙහාට, මෙහෙන් එහාට පනින මිනිස්සුන්ට ජනතා ජනතා ප්‍රසාදයක් සහ කැමැත්තක් නැහැ. ඒ බව එස්.බී.ලා වගේ අයගෙන් ඔප්පුවෙලා තියෙන්නේ. ඒක නිසා කවුරු කොහේ ගියත්, ජනතාව ඉන්නේ තම ප්‍රතිපත්තිය ආරක්ෂා කරගෙන බව ආඩම්බරයෙන් කියන්න පුළුවන්..

:       0       129

de silva Saturday, 26 October 2019 08:00 AM

එහෙම නම් ගෝඨාගේ රැස්වීමට ගියා කියලා ඉසුර දේවප්‍රියව අල්ලගෙන කන්න හදන්නේ මොකටද?

:       0       90

කපුරුහාමි Saturday, 26 October 2019 06:08 PM

මේකත් හරියට මහින්ද චින්තනේ 1,2 වගේ බේගල් වට්ටෝරුවක් වෙන්ඩ ඇති .ආසියාවේ ආශ්චර්යය කරපු හෙටිත් අපි දන්නවා .බලයට එනකම් දේසපාලුවෝ කෙරුවෙ ජනතාව ගොනාට අන්දවපු එක .දුෂිත පවුල් පාලනේ හොර හැතිකරේ කිට්ටු කරගෙන රටට කරපු හරිය අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .

:       0       0

දේශපාලන අන්ද වහල්ලු Sunday, 27 October 2019 05:43 AM

රටේ මුළු මහත් ජනතාවම දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන කියන විදිහට කරලා කට වහගෙන ඉන්න පුරුදු වෙයල්ලා දැන් ඉඳලම... සාක්ෂරතාව හරි ඉහළයි කිව්වට මේකේ ඉන්න බහුතරයකගේම දේශපාලනික කියවීම ඉතාමත් දුප්පත්, මොවුන්ට වැඩ ගව් ගාණක් ඉදිරියෙන්... ඉතින් ඉන්නේ අනිත් රටවල දුප්පත්, නූගත් මිනිස්සු. තනිකරම වහල්ලු, තමන්ගේ දරුවා හුරුකරන්නෙත් මොවුන්ගේ බැලමෙහෙවර කිරීමට මයි. දෙපැත්තටම වහල්කම් කරන අය එක වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබයේ වෙබ් අඩවියෙන් තවත් ආචාර්ය පට්ටමක් හලයි
2024 දෙසැම්බර් මස 12 1545 0

පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන්ද ආචාර්ය උපාධියක් සඳහන්ව තිබී ඉවත් කරනු ලැබ ඇත.


අත්අඩංගුවට ගත්තැයි අසාද් සාලිට වන්දියක්
2024 දෙසැම්බර් මස 12 479 0

මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත


‘‘තෙල් හිඟයක් නෑ‘‘
2024 දෙසැම්බර් මස 12 219 0

ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් සංචිත පවතින බැවින් මෙරට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.


මාංචු යතුරක් රැගෙන සැකකරුවකු බලන්න ඇවිල්ලා
2024 දෙසැම්බර් මස 12 313 0

නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරුවෙකු බැලීම අමුත්තන් පෙන්වන ස්ථානයට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය තුළ සූක්ෂම අයුරින් සගවා ති


ආනයනික සහල් ටොන් 1900 ක් එයි
2024 දෙසැම්බර් මස 12 291 0

රජය විසින් පසුගිය 04 වැනිදා සිට සහල් ආනයනය සඳහා අවසරය ලබාදීමෙන් පසු රටතුලට සහල් ආනයනයආරම්භ වී ඇති බවත් ඒ අනුව, පසුගිය 10 වන දා සිට අද සවස 5.30 දක්වා ඉන්දියාවෙ


ගෝල් මාවල්ස් හිමිකරු අත්අඩංගුවට ගනී
2024 දෙසැම්බර් මස 12 1748 0

මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ගෝල් මාවල්ස් පිලේ හිමිකරු ව


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 20973 8


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 17055 6


ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13196 1

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 27 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 101 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 60 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site