(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කර තිබෙන ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය කිසිදු ලෙසකින්වත් වෙනස් නොකරන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (30) පැවැසීය.
තීන්දුවක් ගත්තානම් ඒ තීන්දුවත් සමඟම සිටිය යුතු බැවින් තමන් පත්කරන කිසිම කෙනෙක් වෙනස් කිරීමට කිසිම කිසිම සූදානමක් නැතැයිද ඔහු කීය.
විපක්‍ෂනායකවරයා මෙසේද කීය.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සාකච්ඡා කරන්නේ එකතු වෙන්න නෙවෙයි. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ පක්‍ෂ දෙකේම අනන්‍යතාවය ආරක්‍ෂාකරගෙන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කරවන්නයි. එහෙම නැතුව එක පක්‍ෂයකට එකතුවීමක් සිදුවෙන්නේ නැහැ. කොහෙම වුනත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ පවත්වන සාකච්ඡා සහ ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ පවත්වන සාකච්චාත් බොහෝදුරට සාර්ථක වෙලා තියෙනවා.
මේ ආණ්ඩුව නම් දැනටමත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට බයවෙලා. අපිට ගහන්නේ ඒ නිසයි. කොහොම වුනත් අපි නියම වෙලාවට අපේක්‍ෂකයා ඉදිරිපත් කළා. ජනතා විමුක්ති පෙරමුණත් අපේක්‍ෂකයා ඉදිරිපත් කළා. නමුත් එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුධ නිසා ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්නතවම බැරිවෙලා තියෙනවා. පක්‍ෂ ව්‍යවස්ථාව ඉදිරියට දාලා ඒ අර්බුදය වහගන්න දැන් එයාලා උත්සාහ ගන්නවා. දේශපාලන පක්‍ෂවල ව්‍යවස්ථා ඒ විදියටම ක‍්‍රියත්මක වෙනවානම් හරිම හොඳයි” යැයිද විපක්‍ෂනායකවරයා කීය.
කොළඹ,බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප‍්‍රදර්ශණය අද (30) විවෘත කිරීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟු ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් විපක්‍ෂනායකවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
බැරි වෙලාවත් වෙනස් කලොත් අන්ත පරාජයක් බලාපොරොත්තු වන්න.
ඔන්න ඔතන තමා අපිටත් ගැටළුවක් තියෙන්නේ. නීතිය, ව්‍යවස්ථාවට ගරු නොකරන කෙනෙක් රටක නායකයා උනාම කොහොමද වැඩක් කරන්නේ රටක් හැදෙන්නේ ?
ඒක එහෙම නෙවෙයි හලෝ, "පල ඇති රුකටලු ගල් වදින්නේ"....! ඒකනේ එයාට එරෙහිව තොග ගණන් චෝදනා එන්නේ... තව එකක්.. මම නේ මහදැනමුත්තා. මට උඩින් යන්න කවුරුත් නැහැ. ඒ නිසානේ මම ගන්න තීරණ "දේව වාක්‍ය" හැටියට කවුරුත් හිස් මුදුනෙන් පිළිගත යුත්තේ..!!! ඒ තීරණ කවුරු භාර ගත්තත් අන්තිම තීරණය තියෙන්නේ ඡන්ද පෙට්ටි තුළ බව නම් අමතක කරන්න එපා ලොක්කෝ...!!!
ඍජු තීරන කියන්නේ රටක නායකයෙකුට තියෙන්න ඕනෑ ප්‍රධානම ලක්ෂණයක්. මෑත ඉතිහාසයේ ඔබතුමා තරම් ඍජු තීරන ගත්ත කොන්ද කෙළින් තියාගෙන වැඩකරන මනුස්සයෙක් දැක්කේ නෑ.
ඉස්සෙල්ලා රටේ මිනිසුන්ගේ සල්ලිවලින් හැදුවේ අම්මගේ, තාත්තගේ සොහොන්... බලය හම්බ වුණාම රටටත්, අපටත් බුදු සරණයි.
එහෙම වෙනස් කරන්න එපා හොඳේ. ගෝඨා ඡන්දේ ඉල්ලන එකමයි හොඳ. අනික ඉතින් ඇමරිකාවේ පුරවැසියෙක් නිසා ඇමරිකාවත් හරි කැමති ඇති. බොරු ඇමරිකන් විරෝධය සහ බොරු දේශප්‍රේමීන් හඳුනාගන්න මේක හොඳ අවස්ථාවක්.. අනික ඉතින් අර රූප රාජිනිය දාන්න බෑනේ.. එයා බෞද්ධ නොවෙන නිසා.. ඉස්සර හිටිය නායකයෙක්... ඒ මිනිහා අපේ අයට සිංහල භාෂාවෙන් ඉගෙනගන්න ක්‍රමය හදලා මිනිහා තමන්ගේ ළමයි රට යවලා ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්නුවා. ඒ වගේ තමයි මෙයාත්..
අවසානයේ තරඟ කරන්නේ ශිරන්ති රාජපක්ෂ මිසක් ගෝඨා නොවේ.
ජනතා මතයත් කවදත් වෙනස් වෙන්නේ නැහැ. හිමාලෙට වඩා උසයි. නඩු කඳ මගේ හිතේ... මෙහෙම කෙනෙක් ජනාධිපති කරන්න... මේ රට අයිති ජනතාවට මිසක් එක පවුලකට නොවෙයි. රටේ ප්‍රශ්න තියෙනවා මේකට හොඳම කෙනා විසඳන්න. ගෝඨා, කවුද මේවා කියන්නේ, අධිකරණය කෙලින් ඉඳන් නීතියට අනුව වැඩ කරලා තීන්දු දෙනවා නම්..., මේ දරුණු පාලකයින් අවශ්‍ය නැහැ... මිනිසුන් හරිම අසරණයි, සේරම දූෂිත වැඩ කරන්නේ මේ පාලකයින් නීතිය උල්ලංඝනය කරමින්.., හරියට බැලුවොත් මෛත්‍රීත් හොඳ වැඩියි ජනතාව ඒ තරම් අහිංසකයි. මිනී ඔලු පැළඳගෙන, වශී ගුරුකම් කරගෙන, බලි පූජා තියන්න අවශ්‍ය නැහැ. මිනිස්සු යක්කු නෙමේ. ඇමරිකාව කොයිතරම් ලොකු දරුණු රටක්ද? අහලා දැකල තියෙනවද නායකයෝ, ඉන්දියාවේ කෝවිල වල ඉන්නවා බලය තියාගන්න... මට අවස්ථාවක් දෙන්න ප්‍රසිද්ධියේ මේ ගැන පහදලා දෙන්න. නඩු දවසට උසාවියට එන්නේ නැතිව පොල්ගහනවා.., අනේ මෙහෙමත් හරක්...
ඒ කියන්නේ බලය තම පවුලෙන් ගිලිහෙන්න දෙන්න කැමති නැහැ කියන එක නේද?
‘ගෝඨාභයගේ ජනපති අපේක්ෂකත්වය වෙනස් කරන්නේ නැහැ’ කළත් එකයි, නැතත් එකයි. අන්තිමට පරාජය. ඒක එහෙමමයි. එජාපයටත් ඒ ඉරණමමයි. ජවිපේ නැත්තටම නැතිවෙනවා මේ සැරේ. මේ පාර රටට වෙනසක් අවශ්‍යම වෙලාව. එ්කට හොඳම විසඳුම තමයි, නාගානන්ද, රොහාන් පල්ලෙවත්ත, අජිත් රෝහණ කොලොන්නේ, ගාමිණී විජේසිංහ, වින්යා ආරියරත්න.. ඇතුළු උගත් බුද්ධිමත් රටට ආදරේ කරන අවංක අය විසින් පිහිටුවාගත් එන්.පී.එම් සංවිධානය. අපි අපේ අනාගත පරපුර වෙනුවෙන් යමක් කලයුතුයි. ඒ සඳහා සුදුසුම ආයෝජනය තමයි මේ අයගේ අපේක්ෂකයාට ඔබගේ වටිනා ඡන්දය ලබාදී ඔහු හෝ ඇය රටේ පලකයා කොට දැන් සිටින නරි රැලම පලවාහැර රට ගොඩ ගැනීම...
මහින්ද අපිව අන්දනවා මට දැනුයි මේවා වැටහෙන්නේ..
වෙනස් කරලා කවුරු එවන්නද? අයියව දැම්මොත් පස්සේ එයාගේ ළමයින්ට රජකම යනවා. ළමයින්ගෙන් කෙනෙක් දැම්මොත් ඇඳන් ඉන්න වස්තරෙත් එක්කලා පරදිනවා. පිට කෙනෙක් දැම්මොත් රජකම විතරක් නෙමෙයි දොරටුපාල වැඩෙත් නැතුව යනවා. ගෝඨාභයගේ ළමයි ඇමෙරිකාවේ හැදිලා ඉංග්‍රීසි කතාකරන සුද්දෝ වගේ හැදුනු අය නිසා මලාට ඔටුන්න ඉල්ලගෙන එන්නේ නැහැ. මෙහෙ ජනාධිපති පඩිය බලපුවාම ඇමෙරිකාවේ කාර් හැදුවත් ඊට සැපයි කියලා එහෙ ඉන්නවා. ඒකනිසා මලාට මේ වගේ කෙනෙක් හම්බ වෙන්නේ නැහැ.
පවුල තමයි රටේ තීරණ ගන්නේ. මේවට හුරේදාන්න වහල්ලු ඉන්නකම් හොඳයි.
ඒක වෙන්න ඇති ඉස්සර " හූ ඊස් ලසන්ත " කියපු අපේ මහත්තයා දැන් "තෙරුවන් සරණයි" කියලා කතාව අවසන් කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඕවට නම් රැවටෙයි අපි...
ගෝටා ජනාධිපති . මහින්ද අගමැති . චමල් කතානායක. බැසිල් ආර්ථික සංවර්දන සහ මුදල් ඇමති . නාමල් තරුණ කටුයතු හා ක්‍රීඩා ඇමති . යෝෂිත ආරක්ෂා කටයුතු නියෝජ්‍ය ඇමති ( ආරක්ෂා ඇමති ගෝටා) ශෂින්ද්‍ර සංස්කෘතික බුද්ධ ශාසන ඇමති. ශිරන්ති වනිතා ළමා කටයුතු ඇමති.. රෝහිත විද්‍යා සහ ඩිජිටල් ඇමති අනිත් සියලු මැති ඇමතිවරු මේ අයගේ අණට යටත් වී වහලුන් සේ සිටිය යුතුයි මේ මට සිතෙන දේයයි ඔබෙගේ අදහස මොනවද?
ගෝඨාගේ නඩු ටික හෝ තවම නිශ්චිත නැති පුරවැසිභාවය සම්බන්ධයෙන් ඇති ගැටලුව නොවිසඳුනොත් ගෝඨා දන්නේ කොහොමද?
ගෝඨාභය මහත්තයාට විරුද්ධව ඇමෙරිකාවේ ඇති නඩු ජනාධිපතිවරණය අවසන්වනතුරු කල් තබන ලෙස ඇමෙරිකානු අධිකරණයෙන් ඉල්ලා ඇති බවට දැන් ආරංචි වෙනවා.