IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ගෝඨාට නඩු දාන්න කී ඇමැතිවරු හෙළි කරන්නැයි මහින්ද දිල්රුක්ෂිට කියයි

(නාලක සංජීව දහනායක)

සොලිස්ටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ සමයේ දී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නඩු පවරන ලෙස බලපෑම් කළ ඇමැතිවරුන් කවුදැයි වහාම රටට හෙළි කළ යුතු යැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (24) පැවසීය. 

ඇය එසේ නොකරන්නේ නම් ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ සියලූම මැති ඇමැතිවරුන්ට මෙම චෝදනාව එල්ල වන බවද ඔහු කීය.

එහිදී ඔහු මෙසේ ද පැවැසීය.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ අපිට කපන්නයි. අපිට කපන්න ගෙනාපු ඒ සංශෝධනයෙන් අද රටම කප්පාදු වෙලා. ඇමැතිවරුන්ගේ බලපෑම් නිසාවෙන් තමන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නඩු පැවරූ බව සොලිස්ටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය කියනවා. එහෙම නම්  ඒ බලපෑම් කළ ඇමැතිවරුන් කවුදැයි ඇය වහාම රටට හෙළිකළ යුතුයි. එහෙම නැතිවුණොත් ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ සියලූම මැති ඇමැතිවරුන්ට මේ චෝදනාව එල්ල වෙනවා. නීති කඩන, නීති නවන නිලධාරීන් අපිට වැඩක් නැහැ. මේ ආකාරයට පළිගන්නා ආණ්ඩු රටට වැඩක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

කොළඹ, ඩී.ආර්.විජයවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද (24) පැවති සමූපාකාරකයින්ගේ ජාතික මහා සම්මේලනයට සම්බන්ධ වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

 



අදහස් (13)

ගෝඨාට නඩු දාන්න කී ඇමැතිවරු හෙළි කරන්නැයි මහින්ද දිල්රුක්ෂිට කියයි

Sanath Kandy Tuesday, 24 September 2019 10:51 AM

එතුමිය කොතනකවත් කියන්නේ නැහැ ගෝඨාට නඩු දාන්න කියලා ඇමතිවරයෙක් බලපෑම් කළා කියලා. එතුමිය කණගාටුව ප්‍රකාශ කරන්නේ රැකියා අහිමි වුවන් ගැන. ඒ වගේම මේක එහෙන් මෙහෙන් කෑලි අමුණපු සංවාදයක් කියලා හොදට තේරෙනවා. අපිට දැනගන්න ඕන එතුමිය තනතුරෙන් ඉවත් කළාට පස්සේ මේ නඩුව අහක යන විදිහට වැරදියට ගොනු කරලා උසාවියට ඉදිරිපත් කළේ කවුද? එහෙම කරන්න උපදෙස් දුන් ප්‍රබල දේශපාලනඥයා කවුද කියන දෙයයි.

:       442       808

SujeewaTuesday, 24 September 2019 01:57 PM

දවල්ද? පත්තරයක්වත් කියවන්නේ නැත්ද ඔයා?

:       0       0

sirimal Tuesday, 24 September 2019 10:55 AM

2015 අරලියගහ මන්දිරයත් ආණ්ඩුවේ සල්ලිත් තිබුනා මේවගේ "මැතිවරණ ප්‍රචාරණ " පවත්වාගෙන යන්න. දැන් ඉතින් ඒ පහසුකම් නැහැනේ. ඉතින් අගුපිල්වල තමයි මැතිවරණ ප්‍රචාරණ කරන්න වෙලා තියෙන්නේ. අනේ කොහොම ඉන්න තිබුන මනුස්සයෙක්ද මේ?

:       222       243

Chathuri Tuesday, 24 September 2019 11:08 AM

හොරකම් කරපු නිසානේ නඩු දමන්න කිව්වේ. දැන් මේ ඇමතිලා බය නැතිව එලියට එන්න. ලිපි ගනුදෙනු සමග පොඩි ළමයෙක්ට නෙමේනේ කිව්වේ. රටේ. නඩුව කුරුටු ගෑවට සාක්ෂි ඉතිරි වෙලා තියෙනවා. ගෝටා දැන් කොහොමත් පරදිනවා. එන්නේ පලිගන්න.

:       182       106

Lion Tuesday, 24 September 2019 11:13 AM

මහත්තයෝ ඒ එක්කම තාජුදීන්ගේ මරණය රිය අනතුරකින් වෙච්ච මරණයක් කියලා පොලිසියට ප්‍රකාශ කරන්න නියෝග කළේ කවුද කියල හෙව්වනම් හොදයි නේද?

:       51       382

SamanWednesday, 25 September 2019 03:09 AM

නියම කතාව.. දීපන්කෝ පුලුවන් නම් උත්තර.. තාජුඩීන් සිද්ධියට නාරාහේන්පිට පොලීසියේ ලොක්කට කෝල් 47ක් ගත්තේ ඇයි?

:       0       0

රවින් Tuesday, 24 September 2019 12:04 PM

සහතික ඇත්ත. කවුරු වුනත් පුද්ගලයගේ නම එළියට දාන්න. මොකද ඔය වගේ අය පක්ෂෙක පමණක් නොවේ රටෙත් නොසිටිය යුතු පුද්ගලයෙක්. අතන මෙතන එක එක දේවල් කියා කියා රස්තියාදු වෙනවා ඇරෙන්න රටට කිසිම වැඩකට නැති පුද්ගලයෙක් වෙන්න ඇති.පහුගිය කාලේ ඔය වගේ අය මෙරට හිටිය හන්දා තමා දුෂණය වැඩිවුණේ.ඔවුන්ගේ එකම පරමාර්ථය ගසා කෑම. ඒපැත්තට මේ පැත්තට ගතු කියා තමන්ගේ බඩ වඩා ගැනීම.

:       0       0

Mama Tuesday, 24 September 2019 12:08 PM

ඕව හොයන ගමන් මගේ පුතේ උඹට දවස් ගණන් මගුල් කන්න සිදාදියේ කට්ටියයි,ගමේ උදවියයි, දහස් ගානකට කන්න බොන්නයි කොල්ලෝ තුන්දෙනාගේ මගුලට වියදම් කරන්න සල්ලි කන්දරාවක් හොයාගත්තේ කොහෙන්ද කිව්වනම් කොච්චර දෙයක්ද?

:       0       0

rim Tuesday, 24 September 2019 12:15 PM

කෝ දැන් අර කුමාරයා? මේවා නිකම් දාපු නඩු නෙවෙයි. ඔබතුමන්ගේ හදවත දන්නවා මොකක්ද ඇත්ත කියලා. ඉතින් තව මොන කතාද මහත්තයෝ?

:       33       72

nimal Tuesday, 24 September 2019 12:26 PM

ඔය උඩින් ප්‍රතිචාර ලියල තියෙන අයට තියෙන්නෙත් ආණ්ඩුවේ අයට වගේ රාජපක්ෂ භූමිකාව .

:       56       151

BamunuarachchiTuesday, 24 September 2019 01:59 PM

එ්කට තිබෙන්නේ රාජපක්ෂෆෝබියා කියලා. මා සමග වාදයක පැටළුණු ඩයස්පෝරා දෙමළෙක් කීව එයා රාජපක්ෂගේ රැවුලටත් බයයි, සිංහ කොඩියේ කඩුවටත් බයයි කියලා...

:       0       0

කරුණාපාල Tuesday, 24 September 2019 12:45 PM

උප්පරවැට්ටි දාලා මහාධිකරණයෙන් ගැලවුනාට ජනතා අධිකරණයෙන් ගැළවෙන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක විහිළුවක්. ඔහොම යං.

:       0       0

Chanak los angeles Tuesday, 24 September 2019 06:01 PM

නම් හෙළිකරන්න කියන්නේ බලයට ඇවිල්ලා පළිගන්න වෙන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29731 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18231 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11923 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 738 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 221 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 872 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site