IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ගෝඨාගේ අභියාචනයට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
         
ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති අභියාචන පෙත්සම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගත යුතු බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද(17) ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
 
ජනාධිපති නීතීඥවරයා මෙම දැනුම්දීම කරනු ලැබුවේ අධිකරණ බලය සම්බන්ධයෙන් ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලූ අවස්ථාවේදීය.
 
මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.
 
පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ ප‍්‍රියන්ත නාවන මහතා කියා සිටියේ අධිකරණ සංවිධාන පනතේ විධි විධාන අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ අධිකරණ බලය පිළිබඳව මූලික විරෝධතාවයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.
 
ඒ අවස්ථාවේදී පෙත්සම්කාර ගෝඨභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ එවැනි විරෝධතාවන් ඉදිරිපත් කරන්නේ නම් මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගත යුතු බවය.
 
ඒ අනුව පෙත්සම ජූලි 18 වැනිදා සලකා බැලීමට දින නියම විණි.



අදහස් (8)

ගෝඨාගේ අභියාචනයට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

sirimal Monday, 17 June 2019 12:47 PM

නඩුව අහන්න පටන් ගන්න එක තව මාස කීයක් ඇදගන්නද බලාපොරොත්තුව?

:       109       618

දිමුත්Tuesday, 18 June 2019 04:24 AM

ගෝඨා ජනාධිපති වෙනකම්ලු.

:       88       160

අතුල Tuesday, 18 June 2019 01:52 PM

ජනාධිපති වෙන්න නම් හිතාගෙන ඉන්නවා. ඡන්දයට කලින් හැම අපේක්ෂයෙක්ම හිතාගෙන ඉන්නවා මම තමයි දිනන්නේ කියලා. කොහොම උනත් ඡන්ද දායකයින් බුද්ධිමත්ද මෝඩයෝද කියලා, මේ පාර බලාගන්න පුළුවන්. ලංකාව ඉතියෝපියාවක් වෙනවද නැත්නම් ගොඩ යනවද කියල දැනගන්නත් පුළුවන්.

:       0       25

athula Monday, 17 June 2019 12:54 PM

නාගානන්දගේ ව්‍යවස්ථාව ගෙනෙන්නම ඕන ...

:       101       216

අතුල Monday, 17 June 2019 01:27 PM

කොහොම හරි කල් දාගන්න. දැනටමත් සැහෙන්න කල් ගත්තනේ. බඩගින්නට උයාගෙන කන්න අඹ කඩපු මිනිස්සුන්ට නම් මෙලහකටත් දඩුවම් හම්බවෙලා.

:       203       850

Sujeewa Monday, 17 June 2019 04:55 PM

අතුල මහත්මයා, මිලියන 21ක ජනතාව, කෘර ත්‍රස්තවාදයෙන් බේරාගත් මිනිහාවද ඔබතුමා අඹ කඩාපු මිනිහෙක්ට සමාන කරන්නේ...?

:       0       0

C.K.Lankaputhra Tuesday, 18 June 2019 01:28 AM

කවදාවත් නෑ නඩු. හැමදාමත් අපට ඉෂ්ඨ වෙන්න අසාධාරනය, සාධාරනය ඉෂ්ඨ වෙන්නෙ නෑ. අපේ පවු වලටයි මේ රටේ ඉපදිලා තියෙන්නෙ.

:       23       237

sumudu Tuesday, 18 June 2019 06:47 AM

මේ නඩුව ජනතා මුදල් හොරකම් කිරීම සම්බන්දව . තර්ක කරන්නේ හොරකම් කරද නැද්ද කියල නෙමෙයි . හොරකම් කරද නැද්ද කියන එක තීන්දු කරන ක්‍රමය ගැන දුන්න තීන්දුව හරිද වැරදිද කියල . ඔකේ නඩු තීන්දුව දෙන්නේ ලංකාව චීනයේ යටත් විජිතයක් වුනටත් පස්සේ .

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 808 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 930 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 383 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site