IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


‘ගජ’ සුළි කුණාටුවේ බලපෑම උතුරු පළාතට

(ඩයනා උදයංගනී)
 
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ගජ’ සුළි කුණාටුවේ බලපෑමෙන් හෙට (15) සවස් කාලයේ සිට උතුරු පළාත හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල ඉතා සැඩ ප්‍රහාරාත්මක සුළං හැමිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 
මෙම සුළි කුණාටුව හෙට (15) සවස් කාලයේදී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ තීරය ආසන්නයෙන් ගමන් කර දකුණු තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
ඒ අනුව යාපනය අර්ධද්වීපය හරහා පැයට කිලෝමීටර 80, 90 පමණ වන ඉතා තද සුළං සහ ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර 100 පමණ වන ප්‍රහාරාත්මක සුළං ද ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
 
ඊට අමතරව මන්නාරම, පුත්තලම, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, කිලිනොච්චිය, මුලතිව් සහ වව්නියාව යන දිස්ත්‍රික්කයන් හරහා ද පැයට කිලෝමීටර 60, 70 පමණ දක්වා තද සුළං ඇතිවිය හැකි බව ද ඔහු කීවේය.
 
ඇතැම් අවස්ථාවල එම දිස්ත්‍රික්කයන්හි පැයට කිලෝමීටර 80 පමණ වන ඉතා තද සුළං බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.
 
මෙම ප්‍රදේශයන්හි නිවාස හානි, ගස් හා විදුලි රැහැන් කඩා වැටීම් ආදිය සිදුවිය හැකි බැවින් ජනතාව විමසිලිමත් විය යුතු බව ද එම ප්‍රකාශකයා කීවේය.
 
මීට අමතරව යාපනය අර්ධද්වීපයේ විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ප්‍රදේශයන්හි මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි හා උතුරු පළාතේ සෙසු ප්‍රදේශවල ද මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
මෙම සුළි කුණාටුව හේතුවෙන් පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද තද සුළං හා විටින් විට පැයට කිලෝමීටර 110ක් පමණ වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බැවින් හෙට (15) සහ අනිද්දා (16) දිනයන්හිදී ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.



අදහස් (0)

‘ගජ’ සුළි කුණාටුවේ බලපෑම උතුරු පළාතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 586 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 502 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 427 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site