(ඉන්දිකා රාමනායක)
ගජමතු 11 ක් ළඟ තබාගෙන සිටි පුද්ලයන් සිව් දෙනෙකු මහනුවර දී හා පල්ලෙකැලේ දී අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස දුෂණ මර්දන ඒකකය කියයි.
මොවුන් මෙම ගජමුතු තොගය ගැනුම් කරුවන් ට අලෙවි කිරීමට සුදානම් වු අවස්ථාවේ පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 , 28, 35, 40 යන වයස්වල පදිංචිකරුවන් බවත් ඔවුන් අද (10) මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම ගජමුතුවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැතැයි ද කියයි.
COMMENTS
ඕවා වටිනවා නොමැරී ඉන්න ඕවගෙන් පුළුවන්කම තිබෙනවානම් .. එහෙමත් නැතිනම් රුපියලේ අගය නංවලා දෙන බලයක් හරි තිබෙනවානම් ? එහෙම නැතිනම් ඕවා බදාගෙන ඉඳලා හිරේ තපින්න යන්නේ මොන පවකටද ?