දහස් ගණනක් පරිශීලකයින්ට බලපෑම් කරමින් ගූගල් මේල් සේවාව අද (14 වැනිදා) සවස හදිසියේම කඩා වැටිණ. මෙම කඩා වැටීම විනාඩි 20 කට ආසන්න කාලයක් තිබූ නමුත් ගූගල් සමගම විසින් එය ඉතා ඉක්මනින්ම යථා තත්ත්වයට පත්කරන ලදි.

ඇතැම් විද්යුත් ලිපි ලියමින් සිටියදී ඇණහිටි අතර කඩාකප්පල් වූ සේවාවන් අතර ගූගල් විද්යුත් ලිපි යැවීම්, ගූගල් සෙවුම්, යූ ටියුබ් සහ ගූගල් සිතියම් ඇතුළත් වේ.

මෙම හදිසි කඩා වැටීම අවසන් වරට එවැන්නක් සිදුවූ අවස්ථාවට වඩා තීව්‍ර බවක් පෙනෙන්නට තිබේ.

අන්තර්ජාල සේවා ඇනහිටීම් නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් වන ‘ඩවුන් ඩිටෙක්ටර්‘
ආයතනය වාර්තා කර සිටියේ ලොව පුරා 20,000 කට අධික සංඛ්‍යාවක් මෙම හදිසි ඇණහිටීමෙන් පීඩාවට පත්වූ බවයි.