(මුදිතා දයානන්ද)
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නැව්තෙල් ආනයනය වසර දහඅටකට පසු යළි තමන් සතු කරගත් බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා කියයි.
ප්‍රථම නැව් තෙල් තොගය හෙට (10) මෙරටට ගොඩබෑමට නියමිත බවද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා
ඒ අනුව නැව් තෙල් ආනයනය කරන එකම ආයතනය බවට සංස්ථාව පත්වන බවද මෙතෙක් නැව් තෙල් ආයනයනය කරනලද සමාගම් වෙත ඔවුන් මෙතෙක් දැරූ ආනයනික පිරිවැයට වඩා අඩු මුදලකට සංස්ථාවෙන් ලබාදීමට හැකි බවද ඔහු පැවසීය.
ප්‍රථම නැව්තෙල් තොගය මෙට්‍රික් ටොන් 60,000ක් වන අතර එය ඉදිරියේදි තවදුරටත් වැඩිවනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
නැව් තෙල් ආනයනය පෞද්ගලීක අංශයට පැවරීම නිසා සංස්ථාව ඊට මැදිහත් නොවු බවද ඔහු පැවසීය.
නැව්වලට තෙල් සැපයීම ලංකාවට විදේශ විනිමය ඉපයිය හැකි වැදගත් ව්‍යාපාරයක් බවද ඔහු පැවසීය.
නැව් තෙල් සැපයීම සඳහා වැඩි වැඩියෙන් නැව් අපේ රට වෙත ආකර්ශණය කර ගැනිමෙන් ඔවුන්ට ජලය, ආහාර, ඇතුලු අනෙකුත් පහසුකම් සපයා විදේශ විනිමය ඉපයීම තවදුරටත් ඉහළ නංවා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද සභාපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උල්පත් නම් පෑදෙයි. ඒත් කාගේ හරි සාක්කුවකට තමයි. එහෙම නොවුනොත් තමයි පුදුම.
රට වෙනුවෙන් හරිම සතුටුයි .
නැව් වලට සේවා සපයන්න මේ කියන විදිහට ලේසි යෙන් ගන්න බැ. ඒවාට ගිවිසුම් ගහල තියෙන්නේ, අනික ගොඩක් නැව් තෙල් ගන්නේ අඩුම තැන් වලින්, සිංගප්පුරුව, ෆුජෙරා වගේ තැන් ප්‍රසිද්ධයි, කොගොම නමුත් තරගයක් දීල වැඩේ කරන්න පුළුවන් නම් ලොකු දෙයක්,
ඛනිජ තෙල් සංස්ථාව කියන්නේම උල්පතක් තමයි එක එක අයගේ සාක්කුවලට නම්...