
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවට බොර තෙල් සහ ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන දිගුකාලීන ණය පදනම යටතේ ලබාගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉරානය සමඟ බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පසුගියදා සාකච්ඡා කළේය.
බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී සෙයිෆ් ඇලනාෆ්බි සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හසීම් අස්ජසාඩේ යන මහත්වරු සමඟ මේ පිළිබඳව පසුගියදා සාකච්ඡා කළහ.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මහේන්ද්‍ර ගරුසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනිකර සිංහල ආණ්ඩුව මුස්ලිම් අයගෙන් හිඟාකනවා . හරිම ශෝචනීයයි
ඔබේ අදහස් සහ ප්‍රතිපත්ති කෙසේවෙතත් ඔබේ උත්සාහය සාර්ථක වේවායි පතනවා...
හෙජිං අංක 2...