(මොහොමඩ් ආසික්)
එළඹෙන මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග කරනු ලබන කණ්ඩායම නාම යෝජනා පත්‍රයට අත්සන් කිරීම අද (13) මහනුවර දී සිදුවිය.
ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායමේ නායක ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි.ලාල්කාන්ත මහතා පළමුව නාම යෝජනා පත්‍රයට අත්සන් කළ අතර අනෙකුත් අපේක්ෂකයින් ද පසුව අත්සන් කරනු ලැබූහ.
ජාතික ජන බලවේගය සිය නාම යෝජනා බාරදීම ලබන සතියේ සිදුවන බවත් මෙහිදී කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය.

COMMENTS
අපේ ඉඩම් හිමි වැවිලිකරුවාත් ඡන්දෙට ලක ලෑස්ති වෙන්නේ...!
අපරාදේ 3 නෑ මෙදා................................
3% කල්ලිය බින්දුවට වැටේවා මේ එන ඡන්දෙන්...
තියෙන දේවලුත් නැතිවෙන වැඩක්...
මර්වින් සිල්වා දවසක් කීවා ලාල් කාන්තට මෙයාව සතපහකට විස්වාස කරන්න එපා කියලා.