











මාතලේ- ලග්ගල පිහිටි කළුගඟ ජලාශයේ ඉදිකිරීම් කටයුත්තකට යොදවා තිබු බුල්ඩෝසරයක් ජලයේ ගිලීමෙන් එය නැවත ගොඩට ගැනීමට නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයෝ සමත් වුහ.
කළුඟ ජලාශයේ ඉදිකිරීම් අතර තුරදී ක්‍රියා විරහිත වී ඇති එම බුල්ඩෝසරය පසුගිය දිනයන්හි පැවැති අධික වර්ෂාවත් සමඟ ජලාශයට ජලය පිරීමෙන් ගොඩට ගෙන ඒමට නොහැකිව අඩි 70 ක් පමණ ජලයෙන් යට වී තිබිණි.
අනතුරුව එම ඉදිකිරිම් සමාගම නාවික හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත නැගෙනහිර නාවික විධානයට අයත් විධාන කිම්දුම් අංශයට අනියුක්ත නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවික නිලධාරීන් විසින් එම යන්ත්‍රය ගොඩට ගනු ලැබුහ.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියතලාවේ හමුදා කඳවුරේ වැවක ගිලුණු එකකුත් තියෙනවා. එ්කත් ගොඩගන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
අපේ නාවික විරුවන්ට තෙරුවන් සරණයි ! ඔබට ජය
දක්ෂ නාවික සෙබළුන්ට අපේ ආචාරය.
මේවා දැක්කහම නොකියත් බෑ. හැබැයි මේක අනතුරක් නොවී සිදුවුණා නිසා මේවා කියපුහාම අපිට බැනුම් අහන්නත් වෙනවා. නමුත් මේ කේබල් අමුනලා තිබෙන වැරදි විදිහ සහ ඒවා ඇදීමේදී ඉතා පහසුවෙන් කැඩී යා හැකිව තිබියදී ඒ අසල සේවකයින් රැදී සිටීම ඇඟ කිලි පොලා යයි.
සුභ පතන්නේ හදවතින්මයි
සුභ පැතුම් .....!
සුබ පැතුම්. විසිරුණු තෙල් ටිකත් අරන් දාන්න ඇති කියලා හිතනවා.