(ඩයනා උදයංගනී)
පවතින දැඩි වර්ෂාපතනය සමඟ කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කළු ගෙඟේ ජල මට්ටම රත්නපුර ප‍්‍රදේශයෙන් සහ කැලණි ගෙඟේ ජල මට්ටම කිතුල්ගල සහ නෝර්වුඞ් ප‍්‍රදේශයන්ගෙන් පිටාර මටට්මට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු ආර්.එම්.එම්.ආර් අලවතුගොඩ මහත්මිය පැවසුවාය.
ඉදිරියේදීත් වැසි ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කර ඇති බැවින් රත්නපුර දිස්ත‍්‍රික්කයේ කළු ගඟ ආසන්නයේ ජීවත් වන ජනතාව හා එහි අතු ගංගාවන් දෙපස පහත්බිම්වල පදිංචි ජනතාව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව ඇය කීවාය.
කෙසේ වෙතත් ගංගාවන්හි ජල මට්ටම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විමසිල්ලෙන් පසුවන බවත් ජල මටට්ම ඉහළ යාමේ අවදානම් අවස්ථාවල කල්වේලා ඇතිව ජනතාව දැනුම්වත් කරන බවත් අධ්‍යක්‍ෂවරිය සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
908
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කළු - කැලණි ගංඟාවල ජල මට්ටම ඉහළට