IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොළඹ ස්ථාන 09ක් ‌ඩ්‍රෝන නිරීක්ෂණයට

(නිමන්ති රණසිංහ)

රථවාහන තදබදය සහිත කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 09ක් ඩ්‍රෝන කැමරා මගින් නිරීක්ෂණය කර රථවාහන පාලනය සම්බන්ධයෙන් ගුවන් හමුදාව දිනපතාම ශ්‍රී ලංකා පොලීසියට සහයෝගය දක්වන බව ගුවන් හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

ඒ අනුව, නෙ`ථම් පොකුණ මංසන්ධිය, ආයුර්වේද මංසන්ධිය, දියත උයන ප්‍රදේශය, පාර්ලිමේන්තුව අසල මංසන්ධිය, පංචිකාවත්ත, නව කැළණී පාලම, කිරුළපන මංසන්ධිය, දෙහිවල සහ නුගේගොඩ යන ස්ථානවල උදෑසන සහ පස්වරුවේදී මෙම ඩ්‍රෝන කැමරා ව්‍යාපෘතිය ක්‍රියාත්මකව ඇතැයි ද ඔහු සදහන් කළේය.

ඩ්‍රෝන කැමරා නවයකින් ලබාගන්නා මෙම සජීවි දත්ත වාර්තා ගුවන් හමුදා මූලස්ථානයේ ස්ථාපිත මෙහෙයුම් මධ්‍යස්ථානයට ලබාදීමෙන් පසු පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන සම්බන්ධ නිලධාරියෙකු සෑම දිනකම එම ස්ථානයට පැමිණ රථවාහන පාලනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවත්, නිතිකඩන රියැදුරන් සම්බන්ධයෙන් ඒ මොහොතේදීම ක්‍රියාත්මක වන බවත් හෙතෙම පැවසීය.

මෙම ක්‍රියාපටිපාටිය ඉකුත් 02 වැනිදා සිට ආරම්භ කළ බවත් මේ වන විට කොළඹ නගරයේ රථවාහන තදබදයට මෙමගින් විශාල පිටුවහලක් සිදුවී ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා සදහන් කළේය.

ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා මේ බව සදහන් කළේ, “ගත වූ දෙවසර තුළ ත්‍රිවිධ හමුදාවේ ක්‍රියාකාරීත්වය” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (15) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ය.



අදහස් (0)

කොළඹ ස්ථාන 09ක් ‌ඩ්‍රෝන නිරීක්ෂණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 96 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site