(නිමල කොඩිතුවක්කු)
අවුරුදු පනහක් හැටක් කිසිදු සැලැස්මක් නැතුව ගොඩනැගුන කොළඹ නගරය සිංගප්පූරුව වගේ ලෝකයේ අළංකාර නගරයක් බවට පරිවර්තනය කරමින් ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.
ඊළඟ අවුරුදු පහේදී විශාල, අලංකාර නගරයකට පහසුකම් ලබාදී දේශීය සහ විදේශීය ආයෝජනයක් රටට ලබාගැනීම වෙනුවෙන් මේ සියල්ලක්ම සිදු කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ සමාරම්භක උත්සවයට අද (22) එක් වෙමිනි.
එහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් බෝට්ටු අංගනය විවෘත කිරීමෙන් පසු ප‍්‍රථම ගමන් වාරයට එක්වීම විශේෂත්වයකි.
කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක වන බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව කි‍්‍රයාත්මක වේ.
කොළඹ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බස් රියකින් ගමන් කිරීමේදී විනාඩි 30 ක පමණ කාලයක් ගත වන අතර මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවාවෙන් මිනිත්තු 9 -10 ක් අතර කාලයකින් ගමනාන්තයට ළඟා විය හැක.
මුල් මාසය ඇතුළත මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව කි‍්‍රයාත්මක මෙම යාත‍්‍රා සේවය නාවුක ගමනා ගමනයේදී පිළිපැදිය යුතු සියළු ආරක්ෂක විධිවිධාන අනුගමනය කරමින් කි‍්‍රයාත්මකයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.
‘‘අද අපි දක්න්නේ අළංකාර කොළඹක්. සිංගප්පූරුව වගේ ලෝකයේ අළංකාර නගරයක් බවට කොළඹ පරිවර්ථනය ඇති කරමින් තිබෙනවා. මේ නගරය අවුරුදු පනහක් හැටක් කිසිම සැළැස්මක් නැතුව සංවර්ධනයක් ඇතිවුණා.
අපි කුඩා කාළයේදී බේරේ වැව කියන්නේ ඉතා අලංකාර ප‍්‍රදේශයක්. ඒ සියල්ලම නැති වුනා. ඒත් ගිය අවුරුදු හතරේදී මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ගත් ක‍්‍රියාමාර්ග නිසා අවුරුදු පනහකින් හැටකින් කරන්න බැරිවුන වැඩකටයුතු අද මෙතනදි සිදුවෙනවා කයලා මම කියන්න කැමතියි.
මේ බෝට්ටු දෙකෙන් පළමුවෙනි බෝට්ටු සේවය මේ ප‍්‍රදේශවල ආරම්භ වුණා. දැන් ගමනා ගමන පහසුකම් තියෙනවා. අලංකාර නගරයක් තියෙනවා. අළංකාර නගරයක් පමනක් නෙමෙයි නවීන නගරයක් ඉදිවෙනවා.
වාණිජ ගොඩනැගිලි, නිවාස, මිශ‍්‍ර කාර්යයන් තියෙන ගොඩනැගිලි ඒ සියල්ලක්ම මෙතනට එනවා.
මෙතන සිදුවෙන්නේ විශාල අලංකාර ගොඩනැගිල්ලක් ඇති කිරීමයි. අපි ක‍්‍රියා කරන්නේ ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරිමටයි. ඒ කේන්ද්‍රස්ථානයේ කේන්ද්‍රය වෙන්නේ මේ වටේම තියෙන මේ මහා නගරයයි.
ඒ නගරයේ තමයි දැන් සැලසුම් කරන්නේ. ඒ නගරය සම්බන්ධ වෙන්නේ එක අධිවේගී මාර්ගයක් තියෙනවා නුවරට. අනික තියෙනවා හම්බන්තොටට. ඒත් මේ ප‍්‍රධාන නගරය මෙතන බිහිවෙනවා. මෙහෙම නගරයක් බිහි කරද්දි දුෂ්කරම කාර්යය එහි ආරම්භය ඇති කිරිමයි.
අඩු ආදායම් ලාභීන්ට තට්ටු නිවාස හදාගෙන යනවා. මේ සමග අනිත් සංස්ථා, අනිත් අමාත්‍යාංශ එකතු වෙලා විශාල දියුණුවක් ඇති කරනවා. අපි බලන්නේ ආපහු දකුණු ආසියාවේ හොඳම නගරය, අළංකාරම නගරය කොළඹ බවට පත් කරන්නයි. ඒ වගේම ඉන්දියන් සාගරයේ මහා නගරය කොළඹ බවට පත්කරන්නත් අපි සැලසුම් කරලා තියෙනවා.
මේ සියල්ලම කරන්නේ ඊළඟ අවුරුදු පහේදී මෙහෙම විශාල අලංකාර නගරයකට පහසුකම් ලබා දීලා දේශීය වෙන්න පුළුවන් විදේශීය වෙන්න පුළුවන් විශාල ආයෝජනයක් මේ රටට ලබා දෙන්නයි.
අපි අපනයන ආර්ථිකයක් මේ රටේ ඇති කළ යුතුයි. අපි ණය ගත්තා වගේ දැන් සම්පුර්ණයෙන්ම මුල් මුදල ආපහු ගෙවන්න ඕනෑ. අපි දියුණු රටක් විදියට යනවානම් අපිට හැමදාම ණය ගන්න බැහැ. හිඟා කන්න බැහැ. අන්න ඒ තත්වයට යන්න අපිට ආත්ම ගෞරවයක් ඇති කරගන්න තමයි අපි ක‍්‍රියා කරගෙන යන්නේ.
ඒ සඳහා මේ මහා නගරයට වැදගත් ක‍්‍රියාවලියක් තිබෙන බව ප‍්‍රකාශ කරමින් ඇමැතිතුමාටත් අමාත්‍යාංශයටත්, නාවික හමුදාවටත් මම ස්තූති කරනවා’’ යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.
COMMENTS
පසුගිය අවුරුදුවල ඔබතුමාගේ පාලනේ නිසා රට සෝමාලියාව නොවී බේරිලා ඉන්නේ අනූනවයෙන්..! ඔය කතා ඇහෙනකොට හිනා නෙමේ යන්නේ... බය හිතෙනවා.
2015දී කොළඹ ලෝකයේ වැඩියෙන්ම දියුණු වුණු නගරය වෙලා නේද තිබුණේ, ඒ අලංකාරය ඇයි ඔබලා නැතිකරේ. ඒ විතරක් නෙවෙයි, ඔබතුමා මේ කියන්නේ ගෝඨා කරපු දේවල් අායිමත් කරන්න ඕනෑවගේම සජිත් කියන දේ හරි නැහැ වගේ. එ්කනේ ණයගන්න හොඳ නැහැ කියන්නේ. සජිත් නම් යන්නේ ණය සහ ආධාර නැතුව බැහැ කියලනේ.
ඒ වුණාට ඔයා මෙච්චර කල් කරපුවා එක්ක ඔහොම කරන්න පුළුවන් වෙයිද කියන එකත් විහිළුවක්නේ. දැන් බලන්න එජාපය අරන්, කොහොම තිබුණු පක්ෂයක්ද විනාශ කරේ. සියයට 40ක් වගේ ඡන්ද තිබුණු පක්ෂයක් ඔයා සීයට 29ක් විතර බැස්සුවනේ අවුරුදු 25ක් තිස්සේ.. හොඳට තිබුණු මහබැංකුවට විද්දානේ, ආණ්ඩුව ගන්නකොට 130ට වගේ තිබුණු ඩොලරය ඔයා 180ත් පනිනකන් බාල්දු කරගත්තානේ. දුන්නේ බෝම්බ පිපිරෙන්නේ නැති රටක්... හැබැයි දැනදැනම 350ක් විතර මිනිස්සු මැරුවා හෝ තුවාලකාරයෝ කළා. ඉතින් ඔයා විශ්‍රාම ගියා නම් හොඳයි නේද දැන්වත්... නැත්තම් ඉතින් සිංගප්පූරුව කෙසේවෙතත් සෝමාලියාවක් සිරියාවක් නම් කරයි..
අනේ එහෙම තිබුණු නගරයට මේ වසර ගානේ කරපු දියුණුව හොඳටම ඇති මහත්තයෝ, ආයේ මොකටද කරදර වෙන්නේ නේද?
බෙරේ සංවර්ධනය මෙන්ම කොළඹ ලස්සන කරේ කවුද කියලා ජනතාව දන්නවා. ඔබතුමා සිංගප්පූරුවක් කරනවා නම් අපි නිව්යෝර්ක් වගෙ කරන්න ගොඨාභය මහත්තයාට ඡන්දෙ දෙනවා.
ලස්සන වේගෙන ආවා. කොළඹ, අවලස්සන කලේ පසුගිය අවු 4දී... ඒ නිසා ඇත්ත ඇති සැටියෙන් දකින්න. එහෙම නැතිව ඡන්දයක් ලංවෙද්දී විහිලු සපයන්න එපා. පසුගිය කාලයේම මම දැක්කා. තමුන්ගේ අප්‍රසන්න කයිවාරු. දැන්වත් බොරු කයිය නවත්තලා හිටියොත් තියෙන ඡන්ද ටිකවත් රැකගන්න පුළුවන් වෙයි. නැතිනම් ඉතින් අබසරණයි..!
මෙයා හිතනවද දන්නෑ රටේ ජනතාව මැරිලා ඉපදිලා කියලා... අගමැතිතුමෝ, රටේ සංවර්ධන මතක් වෙන්නේ ඡන්දයක් ළංවෙනකොටද? තමුන්නාන්සේලා හිතන්නේ තමුන් වහන්සේලාවගේ මීහරක් කියලද? ලස්සනට තිබුණු රට නැත්තටම නැතිකරලා දැන් පම්පෝරි ගහනවා. තමුන්නාන්සේට බලය දෙන්න තරම් මේ රටේ ජනතාව මෝඩයින් නෙමෙයි.
හිටවපු ගහකට වතුර ටිකක් නොදාපු අය කොළඹ නගරයේ ඉන්නේ..
ඔයාගේ මුහුණ දකිනකොටත් හිරිකිතයි හලෝ..
මෙතුමාගේ සැලසුමේ පරිදි මුලින්ම කලේ සිංගප්පූරුවෙන්ම මහ බැංකු අධිපති කෙනෙක් ගෙන්වීමයි. දැන් ඒවා කාටත් අමතකයි.
ඔබ කොතරම් දක්ෂ පාලකයෙක්ද කියන්නේ අපේ ආර්ථිකය හරි හමං ආණ්ඩුවක් නැති ඇෆ්ගනිස්තානේ ගාණට වැට්ටුවා. මන්දපෝෂණය රටේ වැඩි වුණා. ජාතික ආරක්ෂාව බින්දුවට බැස්සා. පාතාලය රුපියල් පන්දාහටත් මිනී මරනවා. යන්තමින් හරි අලංකාර නගරයක්ව තිබුණු කොළඹ ඒ ආකාරයෙන්වත් පවත්වා ගන්න බැරිවුණු ඔබද මේ කවුරුවත් ලියලා දුන්න බහුබූත දොඩවන්නේ... තවත් ලෝක වාර්තා තියන්නේ නැතිව දැන්වත් විශ්‍රාමයන්න. පින් අයිතිවෙයි..! ඔබව අපට එපා..!
රට අපායක් කරලා තවම සිහින දකිනවා ....
අවුරුදු 4 ක් වැඩ නෑ ..
මිනිස්සු දැන් බුද්ධිමත්. මෙයාලා හැමදාම අහිංසක මිනිස්සු රවට්ටගෙන රට විනාශ කෙරුවා ඇති. දැන් උදාවෙන්නේ ලංකාවට හොද කාලයයි .
මේ පාරේ චුයිංගම්, බ්‍රේස්ලට්, කාර්නැතිව සිංගප්පූරු.. ඉතා අලංකාරව, පිරිසිදුව, මාර්ග දෙපස පදික වේදිකාවල කඩ නැතිව තිබුණු කොළඹ බෝම්බේ පරණ මුඩුක්කුවක් වගේ ජරා කලේ හිතුවක්කාර පාලනය තමයි. රනිල් පොළවේ පයගහලා ඉන්න මනුස්සයෙක් නම් නෙවෙයි. මෙයා ඉන්නේ කොයි පැත්තේද ඡන්දෙ දෙන්න එපා. පක්ෂේත් ඒකාධිපති, රටේත් ඒකාධිපති වෙලා -දෙකම විනාශ කළා.
විහිළු නොකර ඉන්න මහත්තයෝ . රටේ ඉන්නෙ බුද්ධිමත් අය. රටට වෙච්ච දේ කවුරුත් දන්නවා. ළඟ ළඟම එනවා රටට වැඩක් කරන්න පුලුවන් කේසර සිංහ පැටියෙක්. ඒ සිංහයා යුද්ධය නිමා කරලා කොළඔ සංවර්ධනය කළා වගේම රටම ගොඩදාලා ජාතිය කෙලින් හිටවයි.
අනේ පව්... කරුණාකරලා කොළඹ කුණු ටිකට මොකද කරන්නේ කියන්නකෝ ?
හිටපු සිංගප්පූරු අගමැති ලි ක්වාන්ග් යූ, කීප වරක්ම කියලා තියනවයි කියලයි ආරංචියි.. සිංගප්පූරුව ලංකාව වගේ කරනවයි කියලා. දැන් අපි කියනවා ලංකාව සිංගප්පූරුවක් කරනවයි කියලා. අපේ රට යන්නේ කොයිබටද? ඉස්සරහටද? පස්සටද?
මෙයා කියන මේ බහුබූත කතා විශ්වාස කරලා මෙයාට විතරක් නෙවෙයි මේ අයගේ පක්ෂයේ කවුරු ඉල්ලුවත් ඒ ඉල්ලන කෙනාට ආයෙත් රට බාරකරලා ඉල්ලගෙන මැරෙන්න මිනිස්සු කැමති වෙයිද? බැරිවෙලාවත් එහෙම කැමැති මනුස්සයෙක් උන්නොත් ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම ගැන සිතාගැනීමට පුළුවන්...
හොඳ තේමාවක් .
මේ පොස්ට් කියවනකොට හිතෙන්නේ අපේ රටේ මිනිස්සු කොයි තරම් දේශපාලනයට අන්ධ වෙලා ඉන්නවද කියල. යථාර්තය දකින්න කැමති නැහැ. සියලුම දෙයට වැඩිය ලොකු දේශපාලනය. මෙය මේ රට දියුණු නොවීමට බලප ඇති කොඩි විනයක්. පසුගිය රජය රටට යම් වැඩ කොටසක් කළ බව අපක්ෂපාතී ඕනෑම කෙනෙක් පිළිගත යුතුයි. එමෙන්ම එය විධිමත් සංවර්ධනයක් නොවන බවත් පිළිගත යුතුයි. එය සම්පුර්ණ ණය ආර්ථිකයක්. ඒ හේතුවෙන් රට ගොඩ ගත නොහැකි ණය අර්බුදයකට මුහුණදී ඇති බවත් පිළිගත යුතුයි. දුෂණය ඉහවහා ගිය වියදම් වල මෙන්ම මහා ප්‍රමාණ ව්‍යාපෘති වල කිසි කළමනාකරණයක් නොතිබූන බව පිළිගත යුතුය.
දැන් නම් මට විශ්වාසයි මොහු ඉන්නේ ලංකාවේ නෙවේ. මොහු දියුණු කරා කියන්නේ ලංකාව නෙවේ.
අනු නවයෙන් අපේ රට සෝමලියාවක් නොවී බේරුනා. බොරු සෝබන සුරංගනා කතා දැන්වත් නවත්තන්න. කරපු හරිය හොදටම ඇති.........
ස.තො.ස. සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව සිය දේශපාලන කටයුතුවල යොදා ගැනීමෙන් රජයට රුපියල් කෝටි 4කට අධික පාඩුවක් සිදු කළ බවට ඔවුන්ට චෝදනා එල්ලවී තිබේ. අදහස් පලකරන අයට දැනගැනීම පිණිසයි.
මේවට කොහොම හිනා වෙන්නද මම දන්නේ නෑ අනේ....
සිංගප්පුරු ඕනෙ නෑ..කරුණා කරලා කුණු ටික ඇදලා පාරවල් හදන්න. ඒ ඇති.
තවත් ලැජ්ජා නැතුව සංගප්පූරුව මතක් කරනවා. සිංගප්පූරුවේ ඉන්න ගජ මිතුරා - බැංකු හොරා මතක් වෙලා ඔල්මාදෙන් දොඩවනවා.
දැන් ලොක්කගේ මොලේ හරියට වැඩ කරන්නේ නෑ වගේ. ඔන්න ඔහෙ ඕනෑ දෙයක් කියන්න දෙන්න.
මටත් හිතෙනවා මෙයා ඊලග පාර කරයි කියලා ...
ඔයාට ආයේ රැවටෙන්නේ නෑ ...
හරියට ඊළඟ අවුරුදු පහේ මෙයා බලයේ ඉන්නවා වගේ. කරන්න ඕනේ නම් හිටපු අවුරුදු පහක් ඕනේ තරම් ඇති.
සිංගප්පුරුව කතා දැන් කියන්න එපා. අඩුම ගානේ මේ අවුරුදු පහට ගෙනාපු විදේශ ආයෝජනයක් කියන්න බලන්න. ඔබතුමා මේක සිංගප්පුරුව කරනකොට අපේ ඉඩමට කොහේ හරි සමාගමකට මාසික මුදලක් ගෙවන්න වේවි. එදාට තමයි දන්නේ මුළු රටම කොහේ හරි රටකට විකුණලා කියල .
හොඳ අදහසක්. ඒ එක්කම ඊට කලින් අර සිංගප්පූරුවේ ඉන්න ගජ මිත්‍රයා මෙහාට ගෙන්වලා දෙන්න බැරිවෙයිද?
රනිල්ගේ සිංගප්පූරුවේ ඉන්න යාළුවද කොළඹ ලස්සන කරන්න කොන්ත්‍රාත්තුව ගන්නේ? අනේ මෙහෙමත් පෝරිසාදයෙක්...
කොළඹ, සිංගප්පූරුව වගේ කලොත් අර සිංගප්පූරුවට යන්න උදව් කරපු කෙනාව ගෙන්න ගන්න පුළුවන් වෙයිද?
අපට දැන් හැමදෙයක්ම දුන්නේ, කාර් දුන්නා, රත්තරන් දුන්නා, රැකියා දුන්නා, එන්ටර්නෙට් දුන්නා... වෙන මොකුත් එපා. ගෙදරකට කඩු දෙක ගානේ දෙන්න ජීවිත ආරක්ෂාවට...
මේ කතා කරන්නෙ කටින්ද..? නැත්නම් වෙන කොහෙන් හරිද...?
තමන්ගේ නොහැකියාවන් පිළිගෙන ඉල්ලා අස්වෙනවනම් හොඳ නැද්ද?
කොළඹ අලංකාර උනාට රටේ ඔක්කොම හරියන්නේ නැත.
ඝෝඨාභය මහතා ලස්සන කල කොළොඹ නගරය කාබාසිනියා කලේ ඔයාලා. කොටුවේ හරස් වීදිවල සහ ඕල්කොට් මාවතේ පදික වේදිකාව මිනිසුන්ට ගමන් කළහැකි ආකාරයට සකසා දුන්නේ ඝෝඨාභය මහතා. ඒවා නැවත පදික වෙළදුන්ට දුන්නේ කව්ද?