(ඉන්දිකා රාමනායක)
කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල රථ වාහන තදබදය අවම කිරීම සදහා අද (24) සිට රථ වාහන පොලිසිය සමඟ ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියද රාජකාරියේ යොදවා ඇතැයි හමුදාව කියයි.
කොළඹ නගරයට රථවහන ඇතුළු වන පිටවන ප්‍රධාන මාර්ගවල මෙම හමුදා නිලධාරීන් සේවයට යොදවා ඇතැයි හමුදා මූලස්ථානය පැවසීය.
අධික රථවාහන තදබදය හේතුවෙන් නිකරුණේ වැය වන කාලය අවම කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවද හමුදාව සඳහන් කරයි.
දිනපතාම පෙරවරු 6.00 සිට - 10.00 සහ පස්වරු 4.00 සිට 7.00 දක්වා කාලය තුළ මෙම පිරිස රථවාහන පොලිසිය සමඟ එක්ව සේවයට යොදවා ඇති බවද හමුදාව සඳහන් කරයි.
හමුදා පොලිස් නිලධාරීන් රථවාහන හැසිරවීමට අමතරව ජංගම මෝටර් රථ සහ යතුරු පැදි පහක් යොදගෙන මාර්ග තදබදය නිරීක්ෂණය කිරීම සහ සන්නිවේදන සම්බන්ධතා මගින් මාර්ග තදබදය ඇතිමාර්ග හඳුනාගෙන එම මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳව මහජනයා දැනුවත් කිරීමක්ද කරනු ලබන බවද හමුදාව වැඩිදුරටත් පවසයි.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම හමුදාකරණය කරගෙන යනවා ලස්සනට... බලාගෙන ඉමුකෝ මොකද වෙන්නේ කියලා...
මේක නිත්‍යානුකූල නැහැ නේද? මාර්ග වල රථවාහන මෙහෙය වීමේ බලතල හමුදාවන්ට නැහැ.
ඉතාමත්ම හොද වැඩ පිළිවෙලක්. යම් ආකාරයකට පොලිසියේ අතිකාල දීමනා සදහා තදබද වැඩි වීම හේතු විය හැකි මුත් මෙමගින් එය වලක්වා ගත හැකිය. යතාර්ථවාදී ජනාධිපති වරයෙක්.
ඔක්කොමටම ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියත්මක කරන්න. හරියට තමන්ට අදාල ලේන් එකේ යන්නේ නැති අයට දඩ ගහන්න. ඉරි කපන ඒවට දඩ ගහන්න ගහන්න උදේට දඩ ගන්නේ නෑ.එහෙම කරද්දී මිනිස්සු නිකම්ම වැරදි කරනවා.
එහෙම නොකර දැන් අවුරුදු හැත්තෑවක් වෙච්ච දේ අපි දැක්කනේ. එත් ඉතින් හමුදාව දාලා මදි. අර හරක් බලන අපේ කොල්ලෝ ටිකක් වන්නියෙන් ගෙනවානම් මේක නියමෙටම කරනවා.
පව්. දැන් කොහොමද අපේ පොලීසියේ ඇත්තෝ පිළිවෙලට අපේ ලයිසන් බලලා ජරාවක්වත් කන්නේ? ඔන්න දැන් එකක් එක නම් වලින් පොලීසියේ අය ටික මේක විවේචනය කරලා කොටන්න පටන් ගනියි.
හමුදාව දාන එක නම් අනුමත කරන්න බෑනේ. මහ ඡන්දෙන් පස්සේ මීට එහා යන්න ඉඩ තියෙනවා. කළ යුත්තේ පොලිසියේ ප්‍රමාණය වැඩි කරන එක.
හමුදා පාලනයක පෙරනිමිති. 69 ලක්ෂයට ජයවේවා !!!
රථවාහන හසුරුවන්නන්ට දැනට යොදන හමුදා පොලිසිය පසුව තව නොයෙක් දේවල් වලට එන්න පුළුවන්.
යුද්ධ හමුදාව රථවාහන හසුරවන රාජකාරි වල නියැලෙන ලෝකේ එකම රට ලංකාව වෙන්න ඇති. බෙර කාරයෝ කස ගහනවා කස කාරයොත් කස ගහනව දැන්.
රථවාහන තදබදය අවම කරන්න තවත් මිනිස්සු යොදාගෙන වැඩක් නෑ. පාරවල් තනිමංතීරු කරලා හරි පාරවල් ලොකු කරලා හරි විකල්ප මාර්ග හදුන්වලා දීලා තමයි පිළියම් යොදන්න ඕනි.
අලුතින් පාරවල් හදන්නේ නැතුව සහ හැමදේටම කොළඹ එන්නේ නැතුව ඔන්ලයින් කරන්න පුළුවන් වැඩ එහෙම කරන්න ක්‍රම හදන්නේ නැතුව මේ මිනිස්සු පාරවල් වල ඉඳන් අව්වේ කර වෙලා මොනා කරන්නද?
යුද හමුදා පොලීසිය පාරට දැම්ම කියල වාහන තදබදය නැති කරන්න බැහැ. මේ ලක්ෂ ගානක් තියෙන කොලබ ත්‍රී රෝද රථ වලට විකල්පයක් දෙන්න.
මාර්ග වර්ණ සංඥා පද්ධතිය යාවත්කාලීන කරානම් විශ්වවිද්‍යාල එක්ක එකතුවෙලා මේකට නියම උත්තරේ තියෙනවා. ඉංජිනේරු පීඨ තිබෙන්නේ මේවටනේ. පොලිසියට කරන්න තියෙන්නේ මාර්ග නීති කඩන අයට එරෙහිව ක්‍රියාකරන්න විතරයි. රථවාහන තදබදය නවත්වන්න පොලිසියේ රථවාහන අංශයේ ඉන්න අය පුහුණු කරලා තිබ්බට සමහර නිලධාරීන් කටයුතු කරන විදිය දැක්කම හිතෙන්නේ තදබදය වැඩි කරනවා කියලා.
මේ එන්නේ මිලිටරිකරණයට මිසක් වෙන මොකටද ?
ගෝඨාභය දන්නේ හැමදේටම හමුදාව යොදවන්න විතරයි මගේ හිතේ .. ඔහොම යන් .. ඔහොම යන්
හමුදාව හැම එකකටම ආදේශ කරගන්න එක හොඳ නැහැ. මට හිතෙන්නේ මේක හොඳ වැඩක්. හැබැයි මොන දේ කරත් මේ "සමහර" තැන් වල "සමහර " පොලිස් නිලදාරීන් නම් අයින් කරන්නේ නැතුව වැඩක් වෙන්නේ නැහැ . මේක පටන් ගත්තේ ඊයේ මම ඊයෙත් අදත් දැකපු දෙයෙක් තමයි යුදහමුදා පොලීසියේ අය කරන්නේ අරගොල්ලන් නවත්තන වාහන වලට ම එයාලත් අත දමාගෙන ඉන්න එක විතරයි. හරි නම් පොලීසිය අයින් කරලා අරගොල්ලන්ට දීල බලන්න නැත්නම් මේ වැඩේ පලයක් නැහැ මම දවසකට වර්ණ සංඥා පහන් 41 ක් එක පැත්තකට පහු කරගෙන(දෙපැත්තට 82 ක් දවසට ) කොළඹ හරහා වසර 15 ක් තිස්සේ යන කෙනෙක් . ඉතින් මම මේ ලිව්වේ මම දකිනදේ . 95% විතර පොලිස් නිලදාරීන් කරන්නේ මොකක් හරි එක පැත්තක් නවත්තල අනිත් පැත්තට යන්න දෙන එක. ටික වෙලාවකින් එතුමාට අර නවත්තපු පැත්ත මතක නැහැ ! දැන් මිනිස්සු නලාව හඬවනවා ඒ වගේ වෙලාවට ඊයේ උදේ දෙමටගොඩදී මේක උනා.
භයානක ප්‍රවණතාවක්.
හොද තීරණයක් බව පෙනේ.
නියමිත මන්තිරුවේ තමන්ගේ වහනය ධාවනය කරනවානම් ගොඩක් තදබදය අඩු කරන්න පුළුවන්. මේක කඩ කරන වාහන වලට විශේෂයෙන් ති රෝද රථ වලට දඩ ගැසිය යුතුය.
මෙයාට යුද හමුදාව යොදා ගන්නෙ නැතිව පොලිස් නිලධාරින්ටම පුහුණුව හා පහසුකම් ලබා දුන්නානම් තමයි හොද. අනික මෙය නිසා පොලිස් නිලදාරින් හැල්ලුවට ලක්විමක් හා ජනතාවට යම්කිසි තර්ජනාත්මක බලපැමක් සිදුවෙන බව මගෙ හැගිමයි . වාහන පාලනය වැනි සිවිල් සෙවාවන්ට යුද හමුදාව යෙදවිම එතරම හිතකර නැත.
සංකල්පය නම් වරදක් නැහැ. හොද දෙයට හොද කියන්නම් ඕනේ නමුත් අපටත් නොදැනීම රට හමුදාකරණයට යනවා වගේ නේද ?
මමත් ගෝඨාභය මහත්මයට ඡන්දෙ දුන්නේ නැහැ. නමුත් අවංකවම අදහස් පලකරනවානම් ,පොලිස් ඇතුළු බොහෝ රජයේ ආයතනවල නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් සිටියත් එම නලධරින්ගෙන් වැඩි පිරිසක් (සියලුදෙනාම නොවේ ) අල්ලසට බර නිසා එම ආයතන සියල්ලේ ක්‍රියාපටිපාටිය අදාල වී ඇත. පසුගිය දශක 2-3 ඇතුලත ක්‍රම ක්‍රමයෙන් එම ආයතන සැකසිලා තිබෙන්නේ සංකීර්ණ අනවශ්‍ය නීති ඉදිරියට දමමින් ජනතාව රස්තියාදු කරවමින් ඔවුන් අල්ලස් දෙන තැනට ගෙන එන්න කටයුතු කිරීම , මට පෙනෙන්නේ ගොටභය මහත්මය හදන්නේ අර යුද්ධ කළේ කොටි පාලන ප්‍රදේශ වලට කුඩා කොමාන්ඩෝ කණ්ඩායම් යොදා ගරිල්ලා ක්‍රමයට පහර දුන්න වගේ , මේ දුෂිත රජයේ ආයතන තුලට හමුදාව යොදවල සහ තමන් පෞද්ගලිකව රජයේ ආයතන වලට ගිහින් ඒවා ගැන සොයා බලමින් ජනතාවට යම් සහනයක් ගෙන දෙන්න. මේ හැම දෙයකට හමුදා කරණය කියල ලේබල් ගහන්න එපා. රාජ්‍ය සේවයේ සියලුම් ආයතන වල 80% රජ කරන්නේ අල්ලස සහ දුෂණය නම් එමගින් රට මුදාගන්න විටින් විට හමුදාව යෙදවීම හැර වෙන විකල්පයක් මම නොදකිමි .
හමුදාව මේ වගේ රාජකාරියකට යෙදවීම කිසිම වැරැද්දක් නැහැ. ලංකාවේ අපේ අය හොද දෙයක් කරත් හොදයි කියන්න බැරි තරම් කුහකයි. රථ වාහන තද බදය නැති කරන්න තියන හොදම විසදුම control system එකක් ඇතිකරන එක. වෙන රටවල වගේ.එ තකොට පාලන මැදිරියේ ඉදල රථවාහන පාලනය කරන්න පුළුවන්. පොලීසියට තියෙන්නේ නීති කඩන රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට ටික කාලයක් යනකොට මේකට විසදුමක් ලැබෙනවා.
කොළඹ රථවාහන තද බදයට හොඳම විසදුම ජනතාවගේ අවශ්‍යතා ( ජාතික හැදුනුම්පත් , ගමන්බලපත්‍ර , රියදුරු බලපත්‍ර ,) රථවාහන ලියාපදිංචිය ඇතුළු විවධ කොළඹ රජයේ කාර්යාල වලින් කළයුතු දේවල් , තමන් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා හෝ පළාත්බදව පිහිටවන ලද කාර්යාල හරහා දින කිහිපයක් තුල කරගැනීමට අවශ්‍ය කටයුතු සැලසීමයි. එතකොට හැමෝම කොළඹ ඇවිත් එතන රථවාහන තදබද , කුණුකසල ප්‍රශ්න වැනි දේවල් ඇතිවෙන්නේ නැහැ. මනුස්සයන්ගේ කාලයත් ඉතුරු වෙනවා. බොහෝවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අවශ්‍ය ගොඩනැගිලි, උපකරණ වැනි භෞතික පහසුකම් තිබෙන බව පෙනෙනවා. කරුණාකර ක්‍රියාත්මක කරවන්න.
ඒකේ මොකක්ද තියෙන වරද? හොරුන්ට නම් වැරදි පෙනෙයි. අපි නම් බලාපොරොත්තු වුනේ මේ දේ මීට කලින්. ලොකයේ දියුණු වුනු බොහෝ රටවල් ජනතා ඡන්දයෙන් පත්ව හමුදාවට වැඩි ඉඩක් දීලා තමයි අද තත්වයට පත්වුනේ. හොදම උදාහරණය ලංකාවේ අයගේ රුකියා සිහිනයක් වන දකුණු කොරියාව දැක්විය හැක.