IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොළඹ වරායේ වෘත්තිය සමිති එකමුතුව වර්ජනයක

(නිමල කොඩිතුවක්කු)
 
චීනයෙන් ගෙන් වු ගැන්ට්‍රි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් වෘත්තීය සමිති 23කට අයත් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව අද(2) දිනයේ කෑම පැයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක්  ආරම්භ කළේය.
 
වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග වෘත්තීය සමිති නියෝජිතයන් ඊයේ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ  සභාපති සංජය කුමාර වැලිගම මහතා ලංකාදීපයට පැවැසීය. වර්ජනය හේතුවෙන් ජයබහාලුම් පර්යන්තයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිට ඇති බැවින් වරාය කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවද ඔහු සඳහන් කළේය.
 
මෙම ගැන්ට්‍රි දොඹකර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ  සභාපති සංජය කුමාර වැලිගම මහතා ඇතුලු වෘත්තීය සමිති ක්‍රියාකරුවෝ තුන්දෙනෙක් කොළඹ වරාය පරිශ්‍රයේ, මීටර 50ක් උසැති ගැන්ට්‍රි දොඹකරයකට නැඟී ඊයේ(1) දහවල් 12.00 පමණ සිට විරෝධයේ නිරත වූහ. ගැටලුවලට විසඳුම් ලැබෙනතෙක් ඊයේ දිනයේ සිට ආහාර වර්ජිතව අඛණ්ඩව මෙම විරෝධයේ නිරත වන බවද වැලිගම මහතා සඳහන් කළේය.

ඉකුත් ජූනි මස 20 වන දින චීනයෙන් මෙරටට ගෙන්වා ඇති ගැන්ට්‍රි දොඹකර 3 ක් තවමත් කොළඹ වරායේ නැංගූරම්ලා ඇති නෞකාවක ඇති බවටත් ඒවා නැගෙනහිර පර්යන්තයේ සවි කරන ලෙසටත් බල කරමින් මෙම විරෝධතාව ආරම්භ කළේය.
 
මෙම ගැන්ට්‍රි දොඹකර නවතා ඇති නැවට එක් දිනකට ඇමරිකානු ඩොලර් හැටදහසක  මුදලක් ගෙවීමට සිදුවන බැවින් විශාල මුදල් නාස්තියක් සිදුවන බවද  ඔහු සඳහන් කළේය.
 
බලධාරීන් සමග දින ගණනක් මේ පිළිබඳ සාකච්ඡා කළ බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙම විරෝධතාවය ආරම්භ කළ බවත් ඔහු පැවසීය.
 
වරාය මුදල් කොට්ඨාසයේ ස්වාධීන සේවක සංගමයේ ලේකම් හර්ෂණ මදුරංග සහ ස්වාධීන ටජ් යාත්‍රා සේවක සංගමයේ සභාපති නුවන් රූපසිංහ  යන මහත්වරුද මෙම විරෝධතාවයට එක්ව සිටිති.



අදහස් (0)

කොළඹ වරායේ වෘත්තිය සමිති එකමුතුව වර්ජනයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site