( තිළිණි ද සිල්වා)
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීමට අදාළ ගිවිසුමට අද (30) දින අත්සන් තබනු ලැබිණි.
ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ දේශීය නියෝජිත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර මෙම ගිවිසුමට අත්සන් තැබූ බව හින්දු පුවත් පත් වබ් අඩවිය වාර්තා කර සිටී.අදානී සමූහ ව්‍යාපාරය් නියෝජිතයින් ඊට මාර්ගත ක්‍රමය ඔස්සේ ( ඔන්ලයින් ) ඊට සම්බන්ධ වී ඇත.
අමෙරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනයක් ඉක්මවන මෙම ව්‍යාපෘතියේ ගිවිසුම අනුව වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් නමින් නව ඒකාබද්ධ සමාගමක් මගින් බටහිර පර්යන්තයේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට නියමිත ය.
ඉන්දියාවේ අදානි සමාගම, ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට තීරණය කරමින් පසුගිය මාර්තු 2 වන දින කැබිනට් අනුමැතිය හිමිවිය.එහි ගිවිසුම් කාලය වසර 35කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd