(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා පාර්ලිමේන්තුවට අනිද්දා(18) දැනුම් දෙන බව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පවසයි.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අනිද්දා(19)බදාදා සහ 20 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතය.
විවාදය එම දින දෙකේදී දවස පුරාම පැවැත්වෙන අතර පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4ට පැවැත්වේ.
මේ කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැර වෙනත් බාහිර කිසිවෙකුට පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණීම තහනම් කර ඇත.
පාර්ලිමේන්තුවේ දී හෙට සලකා බැලෙන්නේ මුදල් පනත් පිළිබඳ යෝජනාය.
මේ අතර මෙම පාර්ලිමේන්තු රැස්වීම් තුන උපරිම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එහි නිලධාරීහු පවසති.
රැස්වීම් පැවැත්වීමට පෙර මැති සභා ශාලාව පූර්ණ ලෙස විෂබීජහරණය කිරීමට කටයුතු යොදා ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"රැස්වීම් පැවැත්වීමට පෙර මැති සභා ශාලාව පූර්ණ ලෙස විෂබීජහරණය කිරීමට කටයුතු යොදා ඇත..." මේ ලෝකයෙන් දැනට සොයාගෙන ඇති භයානකම විෂබිජ 225 ක් පමණ සිටින්නේ ඔය ඌරු කොටුවේ බව නොදන්නා කෙනෙක් මේ රටේ ඉන්නවද..? විෂබීජ හරණය කරන්නම ඕනෑනම් විෂබීජ 225ත් සමගම, රටට අවාසනාව ගෙනාපු ඔය භූත මන්දිරය පොළවටම සමතලා කරලා දමන්න.
ශ්‍රී ලංකාවේ ආර්ථාකයට හොඳ අවස්ථාවක්.. චීනය හොඳම රට...