(ඉන්දිකා රාමනායක)
කොළඹ වරායට පිවිසෙන හා පිටවන මුහුදු මාර්ග අවහිර කරමින් අධි ආරක්ෂිත කලාපයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ධීවරයින් 13දෙනෙකු යාත‍්‍රා තුනක් සමග අද(07) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මෙම ප‍්‍රදේශයේ ධීවර කටයුතු තහනම් කර තිබියදී නෞකා සඳහා සංඥා ලබාදෙන බෝයාවල පවා දැල් ගැට ගසමින් ධීවරයින් ධීවර කටයුතුවල නිරත වන බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය.
නාවික හමුදාව කොතෙක් එම ප‍්‍රදේශයේ ධීවරයින් දැනුවත් කර ඔවුන් ඉවත් කිරීමට පියවර ගත්ත ද ධීවරයින් නැවත පැමිණ එම ප‍්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වන බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
මේ සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිසිය දැනුවත් කර පොලිසිය හා නාවික හමුදාව යාත‍්‍රාවකින් නාවික එම ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ලූතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය.
මෙම මුහුදු මාර්ග අවහිර කරමින් ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් ජාත්‍යන්තර නෞකා ගමනාගමනයට බාධා වන බවත් එසේම ධීවරයින් නෞකාවල ගැටී අනතුරට පත්වීමේ අවදානම වැඩි බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා ස`දහන් කළේය.
ජාත්‍යන්තර නෞකාවලට බාධා වන අයුරින් එම මුහුදු මාර්ග අවහිර කරමින් ධීවර කටයුතු වල නිරත වීම මෙරටට ජාත්‍යන්තර වශයෙන් බලපාන ගැටලුවක් බවත් එසේ නොකර ධීවරයින්ට අයත් සීමාවල සිට පමණක් ධීවර කටයුතුවල නිරත වන ලෙසට නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා ධීවරයින්ගෙන් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
677
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ වරායේ අධි ආරක්ෂිත කලාපයේ ධීවර කටයුතුවල යෙදුණු 13 ක් දැලේ