(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ඉඩම් ඇමැතිවරයා කොළඹ ව්‍යාපාරිකයන් සහ හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 34 දෙනෙකුට සීතල සැප ගැනීමට සූරියකන්ද පනිලකන්ද ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් අක්කර 4, 8, 10 බැගින් ලබාදී ඇතැයි සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේශා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය.
සමහරුන් මේ ඉඩම් ලබාගෙන ඇත්තේ සිය බිරින්දෑවරුන්ගේ නම් වලට බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රශ්නයක් මතුකරමිනි.
කෙසේ වෙතත් ජනතාව ඒ අයට මේ ඉඩම් වලට යෑමට ඉඩදී නැතැයි පැවසූ විතානගේ මහතා ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඉඩම් මංකොල්ලය මේ දිනවල ජයටම සිදු වන බවද ප්‍රකාශ කළේය.
මෙසේ ඉඩම් බෙදා දී ඇත්තේ එම ප්‍රදේශයේ අට සියයකට වැඩි පිරිසක් ඉඩම් නැතිව සිටියදී බවත් මෙම තත්වය සැලකිල්ලට ගෙන එම ගිවිසුම් අහෝසි කරන්නැයි තමා ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
මෙහිදී අදහස් දැක්වූ ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පැවසුවේ මුඩු ඉඩම් වගා කටයුතු සඳහා ලබාදීමට තීරණය කර ඇති බවයි.
ව්‍යවසායකයන්ට මෙවැනි ඉඩම් අක්කර 5ට අඩුවෙන් ලබාදීමට කටයුතු කරන බවත් ඕනෑම අයකුට ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
හේශා විතානගේ මහතා:
මේ දෙන්නේ ඒ පැත්තෙ අහිංසක මිනිසුන්ගේ ඉඩම්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඉතින් ලන්දේසි ලන්දේස ආණ්ඩුවක් නේ ,දන්නේ නැද්ද ?
සූරියකන්ද මතක් වුණේ... පුතාණෝගේ තාත්තා මතක් වෙලාවත්ද? නැතිනම් පුතාණෝට මතක් කළාවත්ද?
මේවා නම් සහගහන අපරාද.. පරිසර විනාශ, වන විනාශ, ඉඩම් මංකොල්ල රටේ හැමතැනම... මේක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. මේ අය අපායේ තමයි යන්නේ...
හා.. හා වගා කටයුත්තටලු දෙන්නේ. මේ ඉඩම් ඇමති ගොවීන්ට හරිම ආදරෙයි. මෙයා මාවිල් ආරු වන්දි මුදලුත් ගොවීන්ට ජයටම දුන්නා...
ඒ කාලේ මහවැලි ජලාශ වටේ රක්ෂිත ඉඩම් නිවාඩු නිකේතන වලට කියලා යාලුවන්ට බෙදුවා වගේ වෙන්න ඇති .තව අර ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඉඩනුත් යාලුවන්ට නිකන් දුන්නේ >ජයවික්‍රම පෙරේරා මැතිතුමා කියයි බෝ පිටියේ ඉඩම් ගැන එහෙම .ප්‍රේමදාස මහත්තයත් කොළඹ නගරසභා ඉඩම් යාලුවන්ට දුන්නා නේද ?
මේ ළමයා නේද සර්ට ජම්පර් අන්දනවා කිව්වේ, මේ බබා ජම්පර් තාම මහනවා වෙන්න ඇති.
කොහොමද අප්පා ... සෞභාග්‍යයේ සීතල සැප.. නියමයි නේද?