IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොළඹ මහ නගර සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවයක

( ඩයනා උදයංගනී)

සංචරණ සීමා හේතුවෙන් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට වියළි ආහාර පාර්සල් ලබාදීමට එම නගර සභාව මගින් යෝජනාවක් සම්මත කරගෙන තිබියදීත් නාගරික කොමසාරිස්වරිය එයට අනුමැතිය ලබා නොදුන්නේ යැයි විරෝධය පා එහි ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරු නගර සභාව ඉදිරිපිට අද (27) විරෝධතාවයක නිරත වූහ.

කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරයෙක් වන රම්සි ටෝනි මහතා ද මෙම විරෝධතාවට එක්ව සිටියේය.

ජනතාවට වියළි ආහාර මල්ලක් ලබාදීමේ යෝජනාව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විරෝධය පා මෙම විරෝධතාව මුලින්ට ආරම්භ කර ඇත්තේ ද රම්සි ටෝනි මන්ත්‍රීවරයා වන අතර පසුව එයට ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීන් ද එක්ව ඇත.

රට තුළ සංචරණ සීමා ක්‍රියාත්මකවීම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහනයක්වීම සඳහා ඔවුන්ට සතොස මගින් රුපියල් 4,000ක වියළි ආහාර පාර්සලයක් ලබාදීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට නාගරික කොමසාරිස්වරිය ඇතුළු නිලධාරීන් අනුමැතිය නොදීම කණගාටුවට කරුණක් බව උපවාසයට එක්වූ නගර සභා මන්ත්‍රීවරු පැවසූහ.

නාගරික කොමසාරිස්වරිය මෙහිදී නගරාධිපති සතු බලතල ද අතට ගෙන ඇති බවත්, මේ ගැන අවධානය යොමුකර සාධාරණයක් ඉටුකර දෙන බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ද ඉල්ලා සිටින බවත් ඔවුහු කීය.

මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මෙසේ පැවසුවාය.

“මේ නගර සභා සීමාවේ වැඩි වශයෙන් ඉන්නේ දෛනික ආදායම් ලබන ජනතාවයි. දැන් මාසයකට වැඩි කාලයක් සංචරණ සීමා ක්‍රියාත්මකවීමෙන් ඔවුන් දැඩි පීඩාවකට පත්වෙලා. ඒ නිසා සංචරණ සීමා ක්‍රියාත්මක කාලයේදී අඩු ආදායම්ලාභී ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය පාර්සලයක් ලබාදෙන ලෙස අපි විශේෂ මුදල් කාරක සභාවලදී ඉල්ලීම් කළා. මහා සභාවක් කැඳවා එහිදීත් එය සම්මත කරගත්තා. නමුත් දැන් එය නොදෙන තැනට නිලධාරීන් කටයුතු කරනවා. මෙය කළ නොහැකි බවට හේතු ඉදිරිපත් කරනවා. ඒ එකක්වත් නීත්‍යානුකූල හේතු නෙවෙයි.''

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (1)

කොළඹ මහ නගර සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවයක

අබිලින් Monday, 27 September 2021 06:34 PM

ආණ්ඩු පක්ෂය ලෙසට දැක්වීම වැරදියි එය පාලක පක්ෂය ලෙස වෙනස්විය යුතු වන්නේ නගර සභාව ආණ්ඩුවක් නොවන නිසායි..

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site