(ජයන්ත සමරකෝන්)
කොළඹ නගරයේ නිවෙස්වලින් බැහැර කරන කසළ අපද්‍රව්‍ය සඳහා ගාස්තුවක් අයකිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම යෝජනාව ලබන වසරේ මාර්තුවේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද එහි කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පැවසීය.
නගරයේ හෝටල් හා ව්‍යාපාරික ස්ථානවලින් දැනටමත් සහන ගාස්තුවක් අයකරන බවද ඒ මහතා කීය.
ලීටර් 40ක කසළ බාස්කට් එකකට දැනට රුපියල් 100ක් අයකරන බවත්, කොමසාරිස්වරයා නිවාසවලින් ලබාගන්නා කසළ ප්‍රමාණය අනුව නියමිත ගාස්තුවක් අයකිරීමට සාකච්ඡා කරන බවද හෙතෙම සඳහන් කළේය.
දැනට කොළඹ නගරයේ කසළ පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට බැහැර කරන අතර, එහි නඩත්තුව සඳහා මෙසේ මුදල් අයකිරීමට නියමිත බවද ඔහු කීය.
ලබන වසරේ මාර්තු සිට කසළ ප්‍රවාහනය රජයේ වියදමින් දුම්රිය මගින් සිදුකෙරෙන බව නගරසභාව පවසයි.
දැනට බැහැර කරන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 600කි.
COMMENTS
අපගේ අදහස්වලට අපට මෙන් අපගේ දෙමාපියන්ටද පලු යන්න දොස් පවරනු ඇත. නමුත් මෙය නම් ඉතාම වටිනා මෙන් කාලෝචිත අදහසකි. එමෙන්ම ඉතා කුඩා ගෙයක සිටින සාමාජිකයින් අනුව එකතුවෙන කුණු ප්‍රමාණය ස්වභාවයෙන්ම වැඩිය. එබැවින් කුණු සඳහා අයකර ගැනීමේදී සාමාජිකයන් ප්‍රමාණය අනුව ගාස්තු සකස් වන්නේ නම් වඩාත් යෝග්‍ය වේ...
ඇ...!!! නාගරිකයින් බදුගෙවන්නේ මොකටද? මේ පාර අපු ගමන් නගර සභිකයින්ගේ වේතනා වැඩි කරගත්තා... දීමනා වැඩිකරගත්තා. ඉස්සෙල්ලා හිටිය කෙනෙක් වැඩිපුර සේවකයින් ගත්තා. අනවශ්‍ය වාහන ගත්තා. දැන් ඉන්න කට්ටිය මොකද කරන්නේ? වැඩක් කරගන්න ගියහම රස්තියාදුවලු. එක මේසෙක ඉඳන් අනික් මේසෙට යන්න දින ගණන් ගන්නවාලු... අකාර්යක්ෂමතාව උපරිමයෙන්ලු. තව මුදල් අය කරනවා නම් ඉස්ස ඉස්සෙල්ලාම වැඩිපුර ඉන්න... නගර සභිකයින් ගණන අඩු කරන්න. මෙ රටට අවශ්‍ය දේශපාලුවන් නොවේ. වැඩකරන කාර්යක්ෂම මිනිසුන් පමණයි. හාල්පාරුවන් දාන්න කුඹුරු කොටන්න.
නෝනගේ සුපිරි ටොයිලට් එක නඩත්තුවට බර වියදම් ඇති..
හයියෝ... කොළඹ කන්නම ඉපදිලාද කොහෙද?
කොළඹ නිවාසවලින් බැහැර කරන කසළවලට ගාස්තු අයකිරීමේ ක්‍රමය වෙනුවට කළයුතුවන්නේ බදු 2% කින් පමණ වැඩි කිරීමයි. මේ නිසා කුණු දමන අයත්, නොදමන අයගෙනුත් අයකිරීමට හැකියාව පවතී. මුදල් ලබාගැනීමත් ජනතාවගේ ඇඟට නොදැනී කළයුතුව ඇත.
මේක සාධාරණ යෝජනාවක්. ගෙදරවල්වල කුණු එළියෙන් තියලා නිකම් ගෙනියන කම් බලාඉන්න එක හරි නැහැනේ...
එහෙමනං මේ වැඩේට පුරපති හෝ මන්ත්‍රීලා අවශ්‍ය නැහැ. ඔය වැඩේට කම්කරුවන් ඕනෑතරම් ඇති...
කමක් නැහැ කාගෙන් සල්ලි ගත්තත්. එංගලන්තයෙනුත් ගෙනැල්ල මෙහෙ හන්දියක්, හන්දියක් ගානේ දැම්මා නම් ඉතින් සල්ලි තමයි. ඔය කවුරු හරි සුද්දකර ගන්නේ නැතෑ. ඒත් ඉතින් ජනතාවගෙන් ටැක්ස් ගහන්නේ නැතිව ඒ වගේ අයගෙන් දඩ හැටියට මුළු ගානම ගන්නත් පුලුවන් නේද...?
ඇමෙරිකාවේ නගරවල පමණක් සතියකට වරක් කසල එකතු කිරීමට නගරයේ සෑම නිවසකින්ම මුදලක් අයකරනවා. එකතු කරන වාහනයට යාන්ත්‍රික ක්‍රමයකින් කුණු පටවන නිසා සෑම නිවසකටම බහලුම ලබාදී තිබෙනවා. අපට මාස දෙකකට වරක් බිලක් ලැබෙනවා. ලංකාවේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි බිල් නොගෙවන එක...
ඉතාම හොඳ අදහසක්. ඒ විතරක් නෙවෙයි මේ කසල කලමනාකරණය පටන්ගත යුත්තේ නිවසින්මයි. කසල වර්ගීකරණය කර එකතුකරන්න. දිරාපත්වන, දිරාපත් නොවන සහ අන්තරායකාරී ආදී වශයෙන්. එවිට ඒ ඒ වර්ග නියමිත ප්‍රතිචක්‍රීකරණ මධ්‍යථානවලට කඩිනමින් යොමු කළ හැකියි. කොම්පෝස්ට් පොහොර නිපදවීම, විදුලිය නිපදවීම් ආදියටද ප්‍රයෝජනවත් වේවි. නගර සභාව මගින් විවිද පාට කන්ටේනර් මේ සඳහා ජනතාවට ලබා දිය යුතුයි..
කසල සම්පතකි. හොඳ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රමයක් හඳුන්වා දී කසල මිලදී ගන්නා ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න.
ඕකේ එච්චර වෙනසක් නැහැ. ආණ්ඩුව කෝච්චිවල යන මහ ජනතාවවත් සලකන්නේ කසල ගානටනේ...
ඔව් ඔව් තරාදියක් අරගෙන ඇවිත් කිරලා බරට අනුව අයකරන්න. තවත් පාරවල් අයිනේ කුණු ගොඩගැසෙන වැඩක්...
සෑම නිවසකටම කොම්පෝස්ට් බින් එකක් නොමිලේ දීලා දිරන කුණු ගෙනයාම නවත්වන්න. අපි කියනවා විතරයි. කවුරුත් අහන්නේ නෑ.
ක්‍රම වේද නැහැ. පරිපාලනයක් නැහැ. සැලැස්මක් නැහැ. පිටරට දේවල් කොපි කරන්ඩ හදනවා. අන්තිමට සේරම ජනතාවට. ඡන්දේ දෙන්නෙත් බලාගෙන ඡන්දේ තියනකල් කරන එකක් නැහැ.... ඊට පස්සේ නියමට දෙයි.
කසල ටික අයින් කිරීම නගර සභාවේ වැඩක්... ඒවාටත් එක්ක තමයි මිනිස්සු වරිපනම් ගෙවන්නේ. මේ විදියට හැම එකටම බදු ගහන්න ගියොත් ඉතින් කියන්න වෙන්නේ අර " ......... බලු කුක්කට මොන බදුද අනේ - තියෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වෙවිලු ලබන දිනේ " කියලයි. බදු ගත්තත් කමක් නැහැ කියමු - ඒවායින් ටොයිලට් හදනවා. මේස පුටු ගන්නවා. ඕවා නොවැ වැඩ..! අපිට සතුටුයි අපි නම් ඔය මුල් පුටුවල ඉන්න නාටිකාංගනාවන්ට ඡන්දෙ දුන්නේ නැහැ.
කොහොමද...? අපි හිතුවා කොහොම හරි කුණු බද්දකුත් එයි කියලා..
චූන් නෝනා. තව තව අරගන්න. එච්චර තමයි එජාපය දන්නේ...
කසල සම්පතකි. හොඳ ප්‍රතිචක්‍රීකරණ ක්‍රමයක් හඳුන්වා දී කසල මිලදී ගන්නා ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න. කෘත්‍රිම හා රසායන පොහොර ආනයනය නවත්වන්න, ගොවියන්ට නොමිලයේ පොහොර දෙන්න. මිනිස්සු ලෙඩවීම් නවතීවි. බෙහෙත්වලට යන වියදම නවතීවි, පරිසරය සුන්දර වේවි. කසල හිසරදය නැතිවේවි.
අපි නම් කුණුගෙනියන අයට රුපියල් 200ක් අනිවාර්යයෙන් ගෙවන්න ඕනෑ. බදු මුදලුත් ගෙවන්න ඕනෑ. එතකොට තවත් ගෙවන්න ඕනෑද කුණු ගෙනියන්න. එ්ක හරියට දුම් සහතිකය සහ කාබන් බද්ද වගෙයි. එ්ක හරියට ඉස්සර මෝඩ මිනිසුන්ගෙන් ස්ටෑම්ප් ඩියුටියි, මුද්දර ගාස්තුයි ගත්තා වගෙයි...
මොන මගුලකට කොළඹ ඉන්නවද? හොඳ ගානකට ඉඩම විකුණලා කැබිතිගොල්ලෑවේ නොම්මර එකේ ගෙයක් හදාගෙන මැරෙනකල් අත දිහැරලා වියදම් කරලා සතුටින් හිටපල්ලා.
අයකරනවානම් කළමනාකරණය කරන්න ඕනේ...කුණු කඳු ගොඩගහන්න සල්ලි අය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි.
අවැසි දේත් අනවශ්‍ය දේත් මහපාරට විසි කරන ක්‍රමවේදය නතර කිරීමට මෙය හොද තීරණයක්. තමන් විසින් තමන්ගේ කුණු පාලනය කරගන්න ජනතාව හුරු කළ යුතුය එසේම පොලිතින් බෑග් භාවිතය පොහොර හා කෘෂි රසායන වලට පමණක් සීමා කල යුතු අතර ඒවා නැවත ලබා ගැනීමට ක්‍රියා කළ යුතුය. එවිට භාවිතයට ගන්න දේවල් ඉක්මනින් දිරා යන නිසා තමන්ට තමන්ගේ ගෙවත්තේ මේවා වල දැමීමක් හා එසේ කළ නොහැකි අයගේ මේ අපද්‍රව්‍ය ආයතන මගින් ගොඩ ගසන ස්ථාන කදු බවට පත් නොවී එම දිරා යන ද්‍රව්‍යයන් කොම්පෝස් ලෙස වෙනම වෙළද පොලට දැමීමේ හැකියාවක් ඇතිවේ. ප්ලාස්ටික් භාවිතය වහාම තහනම් කළ යුතුය. එසේම ඝණ අපද්‍රව්‍ය එකතු කරන වෙනම දිනයක් සතියකට හෝ මාසයකට වරක් සිදු කිරීමට පියවර ගත යුතුය. අවිධිමත් ලෙස පාරට දමන ඝණ අපද්‍රව්‍ය වලට හිමිකරුවන්ගෙන් දඩ අයකර ගැනීමය කටයුතුළ යුතුය .
"අවැසි දේත් අනවශ්‍ය දේත් මහාපාරට විසි කරන ක්‍රමවේදය" කව්ද මහත්තයෝ අවැසිදේ මහපාරට තබා කොහාටවත් විසිකරන්නේ? එසේත් නැතුව මහපාරට විසිකළ යුතු විශේෂ දේවල් තිබෙනවාද?
කොළඹ ගෙවල් වලින් විතරද කුණු එකතු වෙන්නේ ? ඇයි හම්බන්තොට බුත්තල , මැදවච්චිය පැත්තේ කුණු , නිපදවුණ ගමන් නැති වෙනවාද ? ඔක්කොම බදු බර උදේ ඉඳන් නැහිලා අනුන්ට බරක් නොවී කීයක් හරි හම්බ කරගන්න දඟලන කොළඹ මිනිස්සුන්ට තමයි.