IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


කොළඹ ජනගහනයෙන් 1000කට 9ක් ආඝාත රෝගීන්

(රංජන් කස්තුරි)
 
ලංකාව පුරා මේ වනවිට ආඝාත රෝගීන් ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයක් සිටින බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.
 
කොළඹ නගරයේ ජනගහනයෙන් සෑම 1000කටම 9දෙනෙකු ආඝාත රෝගීන් බවද එම වාර්තාවල දැක්වේ.
 
බෝ නොවන රෝගයක් වන ආඝාතව ලොව පුරා මරණවලට හේතුවෙන තුන්වන ප්‍රබලතම රෝගය ද වේ.
 
සෑම පුද්ගලයන් 6දෙනෙකුගෙන් එක් අයකුට එක් වතාවක් හෝ ආඝාත තත්වය ඇති විය හැකි බවද කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර මගින් රෝගය වළක්වා ගත හැකි බවද වෛද්‍යවරු පවසති.



අදහස් (11)

කොළඹ ජනගහනයෙන් 1000කට 9ක් ආඝාත රෝගීන්

kumara Tuesday, 04 February 2020 10:54 AM

මොකක්ද යකෝ මේ ලෙඩේ...?

:       239       227

PradeepTuesday, 04 February 2020 12:59 PM

මොලයට රුධිරය සපයන වාහිනී වල ඇතිවන අවහිරතාවක් හේතුවෙන් මොලයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම ආඝාතය ලෙස හදුන්වනවා. (ස්ට්‍රෝක් එකක් කිව්වත් හරි) මෙය ලොව පුරා ඇති ප්‍රධානතම බෝ නොවන රෝග වලින් එකක් වන නිසා ඒ වෙනුවෙන් දිනයක්ද වෙන්කර තිබෙනවා. ඒ ඔක්තෝබර් 29 වැනිදායි.

:       0       43

කපුරු හාමි Tuesday, 04 February 2020 11:30 AM

අපේ GMOA කට්ටිය මේ ගැන තවම දන්නේ නැද්ද?

:       0       111

Nimal ... Tuesday, 04 February 2020 12:15 PM

ඕක තමයි අංශභාග රෝගී තත්ත්වය කියන්නේ GMOA එකේ කට්ටියට පහුගිය කාලේ ඕක ඉස්මුරුත්තාවටම වැළඳිලා තිබුණේ...

:       0       112

එම්. ඒ.ජේ Tuesday, 04 February 2020 12:52 PM

මෙය පුදුම වීමට කාරණයක් නොවේ! මෙසේ නොවන්නේ නම් එය පුදුමයට කරුණක් විය යුතුයි.. කොළඹ නගරයට ආසන්නව ජීවත් වන අයට දැඩි මානසික වෙහෙසක් දැරීමට සිදුවේ. ආතතිය, මග අනවශ්‍ය ලෙස කාලය ගතකිරිම නිසා ඇතිවවන කායික මානසික පීඩනය බොහෝදුරට මානසික සෞඛ්‍ය පිරිහීමට හේතුවේ. උදාහරණයක් ලෙස කිලෝමීටර් 25-50 දුරක් බස් රථවලින් ගමන් කරන අය ඒ සඳහා දිනකට පැය 3-5 අතර ප්‍රමාණයක් වැය කරයි. බස්වල කන් පැලෙන "බස් සිංදු" වාදනය, අධික තෙරපීම නලා ශබ්ද, වාහන ශබ්ද ආදිය මේ පීඩනයට බොහෝ හේතුන්ය. අනිත් අතට නිසි ව්‍යායාම නැති කම, පාරිසරික සෞඛ්‍ය පිරිහීම, වැරදි සහ විසසහිත ආහාර රටාව, ආදි බොහෝ බාහිර පීඩාවන් ශාරීරික අපහසුතා ඇති කරති. රටේ ජනතාව දැනුවත් කිරීමෙන්ද, පවතින නීති-රීති වර්ධනාත්මකව ක්‍රියාත්මක කිරිමෙන්ද බොහෝ සමාජ දුෂ්කරතා අවම කළ හැකිය. ඒත් ඒ සඳහා සංවේදි පාලකයින් රැලක් නොමැති කම, නායකත්වයක් නොමැති කම රටවැසියන් වූ අප පෙර කරපු පාප කර්මයක ප්‍රතිඵලයක් දැයි සිතේ...

:       0       207

DhammikaTuesday, 04 February 2020 03:03 PM

"රටවැසියන් වූ අප පෙරකරපු පාප කර්මයක ප්‍රතිඵලයක් දැයි සිතේ"...100%ක් සහතික ඇත්ත..

:       0       13

මල්ලව ආරච්චිTuesday, 04 February 2020 03:27 PM

රටේ ප්‍රවෘත්ති වලින් 90% යොදා ගන්නේ දේශපාලනය ගැන කථා කරන්න. කලාතුරකින් හෝ මෙවැනි දෙයක් පලකිරීම රටට ප්‍රයෝජනවත් යැයි සිතමි. ඉහත අදහස ඉතා නිවැරදිය. මෙම තත්වයට හේතුවන්නේ බාහිර සෞඛ්‍ය බලපෑම් සහ ජීවන-ක්‍රමයේ තිබෙන පසුබෑම්ය. ආඝාතය/අංශභාගය ඉතා පහසුවෙන් වළක්වා ගත හැකිය. ඒ සඳහා බලපාන මෙම කරුණු ගැන විමසිලිමත් වීම අවශ්‍ය වේ. අධි-රුධිර පීඩනය, ආතතිය හෝ අධික කායික/මානසික මහන්සිය, හෘද සෞඛ්‍ය පිරිහීම, වැරදි ආහාර රටාව, නිසි ව්‍යායාම නොමැතිකම, ඒකාකාරි ජීවන රටාවකට හුරුවීම, මධ්‍යසාර අධිකව ගැනීම, දුම්පානය, මේ කරුණු දෙස බැලීමේදි පැහැදිලිවම පෙනී යන්නේ මේවා සමාජ-ආර්ථික සහ දේශපාලන පරිසරය විසින් නිර්මාණය කරන ලද රෝග කාරක බවයි. උදාහරණයක් ලෙස විසසහිත හෝ කල් ඉකුත් වූ ආහාර විකිණීම..!. මාර්ග තදබදය සහ පොදු ප්‍රවාහන සේවාවල තිබෙන අධික පීඩනය ඇතැම් විට ආතතියට හේතුවකි. රටේ ජනතාව පරිභෝජනය කරන ආහාර ටික හෝ ආරක්ෂා කරදීමට පාලකයින්ට හැකිනම් එය අද කාලයේ දේශපාලකයෙකුට රටට කළ හැකි මහඟු සේවයකි.

:       0       20

Akila Tuesday, 04 February 2020 03:59 PM

මේ ලෙඩේට එන්නතක් තියෙනවා හැදිලා පැය 3ක් ඇතුලත ගහන්න ඕනේ , එකෙන් ආපහු යථාතත්වෙට එන්න පුළුවන් ඉක්මනින්ම, ඒ ගැන වැඩිදෙනෙක් දන්නේ නැහැ , ඇහුවේ නැත්නම් රෝහල් වලින් දෙන්නෙත් නැහැ

:       0       5

Ruwan R Wednesday, 05 February 2020 05:31 AM

ලිපිය වගේම වැදගත් පාඨක අදහස් ටික.

:       0       7

ගගන Wednesday, 05 February 2020 06:20 AM

1000 කට 9 ක් කකුල් නෑ කියලද කියන්නේ ?

:       8       0

දිමුත් Wednesday, 05 February 2020 06:33 AM

මේ ගැන ජනතාව දැනුවත් කරන්න. වළක්වාගත හැකි ක්‍රම ගැන කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1373 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1272 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site