(ජයන්ත සමරකෝන්)
කොළඹ මහ නගර සභා සීමාව තුළ එක්රැස්වන කසළ පුත්තලම අරුවක්කාලු කසළ අංගනය වෙත ප්‍රවාහනය කිරීම සඳහා දිනකට ලක්ෂ 40 ක් වැය කෙරෙන යෝජනාව තවත් මාස 6 කට දිර්ඝ කිරීම සඳහා අනුමැතිය අද (30) හිමිවිය.
කොළඹ නගරයේ දිනපතා එකතුවන කසළ මෙට්ට්‍රික් ටොන් 600 ක් ටිපර් රථ 40 කින් ප්‍රවාහනය කිරීම ඉකුත් ජුලි 13 වැනිදා සිට ආරම්භ කර තිබුණි.
එම යෝජනාව ලබන දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පැවති මෙම ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 71 ක් ද විපක්ෂව ඡන්ද 16 ක් ද ලැබී තිබුණි.
ඊට විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ සහය හිමිවීමද විශේෂ සිදුවීමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝප් කමිටුවට කියන්න වෙනවා. මේ ටිපර් කොන්තරාත්තුව කාටද හම්බවෙලා තියෙන්නේ කියලා හොයන්න කියලා. ඒ වගේම මේවා ප්‍රවාහනයට යන ඇත්ත වියදම කීයද කියලත් හොයන්න කියලා.
ලක්ෂ 40 ප්‍රවාහනයට විතරක් නම් එක ටිපර් එකක් දවසට 100,000.00 ගන්නවා. 180 කි.මි. ගෙනියන්න. මාරම ප්‍රවාහන වියදමක්. හරිම පුදුමයි.
ඇයි ටිපර්? දුම්රියෙන් ගෙනියන්න නේද යෝජනා කලේ? ටිපර් කාගේද? ඒකෙන් කුණු ඇමතිට පගාව කීයක් ලැබෙනවද? මහජන මුදල් නේද මෙහෙම බෙදන්නේ තම තමන්ගේ හෙන්චයියන්ට? මොවුන්ගේ අපේක්ෂයාව පත් කරගෙන මේ නිහීන ක්‍රියා තව අවුරුදු 5ක් නෙමේ ඔබේ මුළු ජීවිත කාලෙටම පවත්වාගෙන යන්න දායක වෙන්න ...
ඇත්තටම යනවා ඇත්තේ කොච්චර පොඩි මුදලක්ද, ලක්ෂ කීයක් දේශපාලුවෙක්ගේ සාක්කුවට යනවා ඇත්ද, අපරාදේ අපේ සල්ලි.