(සුජිත් හේවාජුලිගේ)
කොළඹ නාගරික සීමාවෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල 25ක සාම්පල 14ක් සැකකටයුතු බව ජාන විශ්ලේෂණ පරීක්ෂණ සිදුකරන කණ්ඩායම් දැනුම්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
මේ සාම්පල දාහතරේම ජාන විකෘතිතා සහිත ප්‍රභේද පවතින බවට එම කණ්ඩායම් සැක පළ කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මෙම සැක සැකකටයුතු සාම්පල සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බවත් මෙම පරීක්ෂණවල අවසන් වාර්තාව ඉදිරි සතියේදී ලබා දෙනු ඇති බවත් හේමන්ත හේරත් මහතා පැවසුවේය.
මේ අතර මෙම තොරතුරු ලැබීමෙන් පසු එම ජෛව පටල සාම්පල අයත් පුද්ගලයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් විවිධ ආරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.
එසේම එම පුද්ගලයන් පදිංචි ප්‍රදේශ සම්බන්ධයෙන්ද පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇතැයි දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අප කොළඹ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ පරීක්ෂණ කණ්ඩායම් කොළඹ නගරයේ මෙවැනි සැකකටයුතු සාම්පල පිළිබඳව පසුගිය දිනවල දැනුම්දීම් ගණනාවක් කර ඇති බවයි.
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේ වනවිට සොයාගෙන ඇත. සොයාගනු ලැබූ එම පිරිසෙන් වැඩි දෙනෙක් කොළඹ නාගරික සීමාවේ පදිංචිකරුවෝ වෙති.
2025 නොවැම්බර් මස 04
734
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹින් ගත් සාම්පල 25 කින් 14ක් සැක සහිතයි
Sri Lanka Tuesday, 13 July 2021 05:05 PM
ඩෙල්ටද? සැරගල් අරක්කුද? සහ සිගරට්ද කියලා පරීක්ෂණයක් කරලා බලන්න. ස්තුතියි..!!!