(ඩයනා උදයංගනී)

කොළඹ නගරයට ඇතුළුවන වාහනවල ස්ටිකරයක් ඇළවීමට පොලීසිය පියවර ගෙන ඇත.

ඒ අනුව ගම්පහ, පානදුර, නුගේගොඩ, ගල්කිස්ස, වත්තල, පෑලියගොඩ, බත්තරමුල්ල ආදී ප්‍රදේශවලදී මෙම ස්ටිකර ඇලවීම සිදුකෙරුණු අතර ඒ හේතුවෙන් කොළඹ නගරය අවට දැඩි රථවාහන තදබදයක් ද නිර්මාණය වී තිබිණි.

සංචරණ සීමා උල්ලංඝනය කරන්නන් හඳුනා ගැනීම සඳහා මෙම ස්ටිකරය ඇලවීමට පියවර ගෙන ඇතැයි පොලීසිය කියයි.

එක් දිනකට පමණක් වලංගු මෙම ස්ටිකරය ඇලවීමෙන් එකම වාහනය කිහිපවරක් පරීක්ෂා කිරීම සිදුනොවන බවත්, ස්ථාන කිහිපයකදී පරීක්ෂා කිරීමෙන් සිදුවන ප්‍රමාදයන් අවම කරගැනීම මෙහි අරමුණ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශත නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

(ඡායාරූප: ශාන්ත රත්නෘයක)