IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කළමැටිය ධීවර වරායේ ගින්නක්

(චන්ද්‍රසේන ගමගේ)

කළමැටිය ධීවර වරායේ  නවතා තිබූ ධීවර යාත්‍රා රැසක් ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය පවසයි.

මෙම ගින්න ඊයේ රාත්‍රී 11.30ට පමණ හටගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ගින්නෙන් කළමැටිය ධීවර වරාය භූමියේ නවතා තිබූ එක්දින ධීවර යාත්‍රා 20ට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම  විනාශ වී තිබේ.

ගිනි ගත් යාත්‍රා තුළ මෙන්ම ගොඩබිමේ තිබූ ධීවර ආම්පන්න රැසක්ද හානි වී ඇත.

කළමැටිය ධීවර වරායේ ඉදිකිරීම් කරනු ලබන සමාගමේ ආරක්ෂක නිලධාරීන් ගින්න දැක ඇති බවත් පසුව ඔවුන් පොලීසිය දැනුම්වත් කළ බවත් පොලීසිය පවසයි.

ධීවර වරාය භූමියේ  අළුතින් ඉදි කර තිබූ පොල් අතු සෙවිළ කරන ලද මඩුව පළමුව ගිනි ගෙන ඇති බවත් අනතුරව ගින්න පැතීරී ගොස් තිබූ බවත් පොලීසිය කියයි.

තංගල්ල නගර සභාව සතු ගිනි නිවන රථ 02 ක් පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇ.ත.

පුද්ගලික ආරවුලක් මෙම ගින්නට හේතු වී ඇතැයි ද ගිනි තැබු පුද්ගලයින් පිළිබදව තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද හුංගම පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.



අදහස් (0)

කළමැටිය ධීවර වරායේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 657 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site