(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු අද(26) එහි 6 වන මහළින් වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ වැල්ලවත්ත විජේරත්නපුර පදිංචි මුනියන්දි සත්‍යරාජු නමැති 48 හැවිරිදි අයෙකි.
මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර සිරුරේ වූ තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට ඇතුළත්ව 27 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි අයකු බවත් පොලිසිය කියයි.
අනතුර සිදුවීමත් සමඟ රෝහලේ සේවකයකු වහාම රෝගියා වාට්ටුවට ඇතුළත් කර ඇති අතර රෝගියා පරීක්ෂා කිරීමේදී ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් පැවසූ බව පොලිසිය කියයි.
මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා අද(26) සිදුකිරීමට නියමිතය.
එම පුද්ගලයා 6 වන මහළින් වැටී මියගියාද, නැතහොත් ඉන් පැන දිවි නසාගත්තාදැයි සෙවීම සඳහා විමර්ශන පැවැත්වේ.
කොහුවල පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
749
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
567
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කළුබෝවිල රෝහලේ 6වන මහළින් වැටී රෝගියෙක් මරුට
eresh S kumara Thursday, 26 December 2019 05:23 AM
පැනලා වෙන්න ඇති. මොකද රෝහල් ඉතිහාසයේ මෙවැනි දේවල් මීට පෙර සිදුවී නොමැත.
SAM Thursday, 26 December 2019 08:15 AM
හිටපු සෞඛ්‍ය ඇමැති ගැන දුක හිතිලා වෙන්න ඇති...