(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරොන්තුඩුව කුඩාගෝනදුවසහ තුඩුවප‍්‍රදේශවල නිවාස දෙකකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන්ට තර්ජනය කිරීම සහ කාන්තාවකට පහරදුන්බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර ප‍්‍රාදේශීය සභා පොදුජන පෙරමුණ මන්ත්‍රී මනෝජ් ඒකනායක මහතා ඇතුළු නවදෙනෙකු අද(15) අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත්වුවන් අතර කාන්තාවන් හත්දෙනෙකු ද සිටිනබව පොලිසිය කියයි.
නිවැසියන් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඉකුත් 06 ප‍්‍රදේශවාසීහු පිරිසක් මොරොන්තුඩුව ප‍්‍රදේශයේ පවුල් දෙකක සාමාජිකයින් මත්ද්‍රව්‍ය අලෙවිකර ගම විනාශකරන බව පවසමින් එම නිවෙස් දෙකට කඩා වැදී සිය විරෝධය පළකළහ.
එම සිද්ධිය සැලවී පැමිණෙමින් සිටි එම පවුල්වලට හිතවත් කාන්තාවකට ද කාන්තාවෝ පිරිසක් පහරදුන්හ.
ඒ හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නූගත් පොහොට්ටුවන්ගේ කැලෑ නීතිය.
මොනා වුණත් එතනත් පොහොට්ටුවේ එකක් සම්බන්දයි. පොල්පිති වලට ඡන්ද දුන්නම ඔහොම තමයි.
තනිකරම පොලිසියෙ අඩු පාඩු නිසා ගම්මු ගිහින් කුඩුකාරයන්ව ඇල්ලුවා. පොලිසියෙන් අහින්සක ගම්මුන්ව ඇල්ලුවා. ජරාව මතම යැපෙන අකාර්යක්ශම පොලිසියක්,
දැන් පේනවනේ පොහොට්ටුවේ පැටිකිරි. ඔවුන්ට ඡන්ද දෙන අය දැන් හරි බුද්ධිමත් වියයුතුයි.
නුගතුන් පිරිසක් විසින් නුගතුන් පත්කර ඇත ...රට ආපස්සට කරා ගමන් කරයි
හැමදාම අදහස් දාන ගෝඨාභය මහතාට පක්ෂ අය කියනවා. එයාට රටදෙමු කියලා. එතකොටයි රටේ විනය හැදෙන්නේ කියලා.. මෙම නිව්ස් එක මගහැරිලාද එයාලට... කියනවා නම් නරකද මේ චණ්ඩිකම් නවත්තන්න කියලා. දැනට කීදෙනෙකු කූඩුවේ ලැග්ගද මේ වගෙ වැඩවලට.. පළාත් පාලන නියෝජිතයින්.. මේ විපක්ෂයේ ඉන්නේ... ආණ්ඩුවේ නම් තව හිතාගන්න පුළුවන්නේ.. එතකොට අපේ රටේ දේශපාලන සංස්කෘතිය දැන්වත් වෙනස් වියයුත්තක්. (සියලුම පක්ෂ මේ ගැන අවධාරණය කර වහාම මෙවැන්නකදී ඔවුන් තම පක්ෂයේ දරණ තනතුර අහිමි කළයුතුයි. පක්ෂයේ සාමාජිකත්වයද අහිමිකළ යුතුය....)
ගමෙහි මත්ද්‍රව්‍ය විකුණන කවුරු හරි ඉන්නවා නම් ඔවුන් ගැන පොලිස් ස්ථානයක් විසින් රාජකාරි සිදුනොකරන අවස්ථාවකදී කලයුතු දෙය නම් ඉන් ඉහළ නිලධාරීන් මගින් කටයුතු කරවීම... එහෙම නැතිව නීතිය අතට ගත්තම හරිද?.. විශේෂයෙන් මහජන නියෙජිතයින්ට එලෙස කටයුතු කළ නොහැකිය. රටට පොලිස් නිලධාරීන් සිටින අතරම ඔවුන්ගේ වැරැදි වෙනුවෙන්ද අායතන පවතිනවා...