IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කළුතර ප්‍රා. සබේ මන්ත්‍රී ඇතුළු 9 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මොරොන්තුඩුව කුඩාගෝනදුවසහ තුඩුවප‍්‍රදේශවල නිවාස දෙකකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන්ට තර්ජනය කිරීම සහ කාන්තාවකට පහරදුන්බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර ප‍්‍රාදේශීය සභා පොදුජන පෙරමුණ මන්ත්‍රී මනෝජ් ඒකනායක මහතා ඇතුළු නවදෙනෙකු අද(15) අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට පත්වුවන් අතර කාන්තාවන් හත්දෙනෙකු ද සිටිනබව පොලිසිය කියයි.

නිවැසියන් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 
 
ඉකුත් 06 ප‍්‍රදේශවාසීහු පිරිසක් මොරොන්තුඩුව ප‍්‍රදේශයේ පවුල් දෙකක සාමාජිකයින් මත්ද්‍රව්‍ය අලෙවිකර ගම විනාශකරන බව පවසමින් එම නිවෙස් දෙකට කඩා වැදී සිය විරෝධය පළකළහ.
 
එම සිද්ධිය සැලවී පැමිණෙමින් සිටි එම පවුල්වලට හිතවත් කාන්තාවකට ද කාන්තාවෝ පිරිසක් පහරදුන්හ.
 
ඒ හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
සැකකරුවන් පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 



අදහස් (7)

කළුතර ප්‍රා. සබේ මන්ත්‍රී ඇතුළු 9 ක් අත්අඩංගුවට

දිමුත් Monday, 15 July 2019 10:00 AM

නූගත් පොහොට්ටුවන්ගේ කැලෑ නීතිය.

:       474       644

Bishan Monday, 15 July 2019 12:27 PM

මොනා වුණත් එතනත් පොහොට්ටුවේ එකක් සම්බන්දයි. පොල්පිති වලට ඡන්ද දුන්නම ඔහොම තමයි.

:       0       59

Sugath sanjeewa Monday, 15 July 2019 03:26 PM

තනිකරම පොලිසියෙ අඩු පාඩු නිසා ගම්මු ගිහින් කුඩුකාරයන්ව ඇල්ලුවා. පොලිසියෙන් අහින්සක ගම්මුන්ව ඇල්ලුවා. ජරාව මතම යැපෙන අකාර්යක්ශම පොලිසියක්,

:       8       126

Hafeel Monday, 15 July 2019 04:04 PM

දැන් පේනවනේ පොහොට්ටුවේ පැටිකිරි. ඔවුන්ට ඡන්ද දෙන අය දැන් හරි බුද්ධිමත් වියයුතුයි.

:       32       45

nihal Tuesday, 16 July 2019 04:01 AM

නුගතුන් පිරිසක් විසින් නුගතුන් පත්කර ඇත ...රට ආපස්සට කරා ගමන් කරයි

:       0       0

සේනාරත්න Wednesday, 17 July 2019 12:24 PM

හැමදාම අදහස් දාන ගෝඨාභය මහතාට පක්ෂ අය කියනවා. එයාට රටදෙමු කියලා. එතකොටයි රටේ විනය හැදෙන්නේ කියලා.. මෙම නිව්ස් එක මගහැරිලාද එයාලට... කියනවා නම් නරකද මේ චණ්ඩිකම් නවත්තන්න කියලා. දැනට කීදෙනෙකු කූඩුවේ ලැග්ගද මේ වගෙ වැඩවලට.. පළාත් පාලන නියෝජිතයින්.. මේ විපක්ෂයේ ඉන්නේ... ආණ්ඩුවේ නම් තව හිතාගන්න පුළුවන්නේ.. එතකොට අපේ රටේ දේශපාලන සංස්කෘතිය දැන්වත් වෙනස් වියයුත්තක්. (සියලුම පක්ෂ මේ ගැන අවධාරණය කර වහාම මෙවැන්නකදී ඔවුන් තම පක්ෂයේ දරණ තනතුර අහිමි කළයුතුයි. පක්ෂයේ සාමාජිකත්වයද අහිමිකළ යුතුය....)

:       0       0

සේනාරත්න Wednesday, 17 July 2019 12:52 PM

ගමෙහි මත්ද්‍රව්‍ය විකුණන කවුරු හරි ඉන්නවා නම් ඔවුන් ගැන පොලිස් ස්ථානයක් විසින් රාජකාරි සිදුනොකරන අවස්ථාවකදී කලයුතු දෙය නම් ඉන් ඉහළ නිලධාරීන් මගින් කටයුතු කරවීම... එහෙම නැතිව නීතිය අතට ගත්තම හරිද?.. විශේෂයෙන් මහජන නියෙජිතයින්ට එලෙස කටයුතු කළ නොහැකිය. රටට පොලිස් නිලධාරීන් සිටින අතරම ඔවුන්ගේ වැරැදි වෙනුවෙන්ද අායතන පවතිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 762 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 572 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site