IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘කළුගඟ ජලාශය ඉදිරිකිරීමෙන් පසු කිසිම දවසක ජල ප‍්‍රශ්නයක් ඇතිවන්නේ නෑ‘‘

(ක.ග.කරුණාරත්න)

මොරගහකන්ද කළුගඟ ජලාශ ඉදිකිරීම නිසා රජරට ජනතාවට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ජලය පිළිබඳ ප‍්‍රශ්නයක් අනාගතයේ කිසිම දවසක ඇතිවන්නේ නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (06) පොලොන්නරුවේ මැදිරිගිරියේදී ප‍්‍රකාශ කළේය.

මොරගහකන්ද ජලාශයට කිලෝමීටර් 07 ක් දුරින් උමගයක් ඔස්සේ ජලය ගෙන එන කළුගඟ ජලාශය හෙට දිනයේ විවෘත කරන බව ජනාධිපතිවරයා කීවේය.

ඒ මහා ජලාශවල වැඩ මේ වනවිට අවසන් බවත් වයඹට,රජරටට,නැගෙනහිරට ජලය ගෙන යන මහා ඇලවල් 03 ක් දැනට වැඩ පටන් ගෙන ඉදිරි අවුරුදුවලදී නිම කිරීමට ඇතැයිද පැවැසූ ජනාධිපතිවරයා ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 23000ක් බව කීය.

ඒ තුළ මාතලේ දිස්ත‍්‍රික්කය අනුරාධපුර, පොලොන්නරුව,කුරුණෑගල,ත‍්‍රීකුණාමලය දිස්ත‍්‍රික්කවල ජල ප‍්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙන බවද ජනාධිපතිවරයා පැවැසීය.

ඒ ප‍්‍රදේශවල ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ජල හිඟය පිළිබඳ කඳුළු කතාව නිමාවනු ඇති බවද ජනාධිපතිවරයා පැවැසීය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ ‘‘පිබිදෙමු පොලොන්නරුව‘‘ දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මැදිරිගිරිය කවුඩුළු මහින්ද මහා විද්‍යාලයේ අලුත්වැඩියා කරන ලද පන්ති කාමර ගොඩනැගිලි කිහිපයක් සිසු අයිතියට පැවැරීමෙන් අනතුරුව එහි පැවැති උත්සව සභාව අමතමිනි.

 



අදහස් (7)

‘‘කළුගඟ ජලාශය ඉදිරිකිරීමෙන් පසු කිසිම දවසක ජල ප‍්‍රශ්නයක් ඇතිවන්නේ නෑ‘‘

de silva Wednesday, 06 November 2019 04:05 PM

ඔන්න තවත් බොරුවක්..., මාස 2-3 පෑව්වොත් වතුර නැතුව ගොවියන්ට ජීවත් වෙන්නේ සිද්ධ වෙන්නේ නියන් සහනාධාර වලින්, මේවත් 2014 පළකරපු මෛත්‍රී පාලනය නැමති පොතේ තිබුණු ආකාරයේ බොරු පොරොන්දු ගොන්නේ අඩංගු බොරුවක් වැනි එකකි. ඕවා අහලා අපට එපාවෙලා, ඉස්සර කිව්ව මහවැලිය සම්පූර්ණ කළාම ඉන්දියාවටත් විදුලිය දෙන්න පුළුවන්.... ගොවියන්ගේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා කියලා...

:       454       325

DD Wednesday, 06 November 2019 06:26 PM

විශාල ප්‍රමාණයේ මෙවැනි ව්‍යාපෘති ලංකාවේ ස්වබාවික පරිසරයට හානි කරයි. අවුරුදු ගාණනකට පරිසසරය දුෂණය වෙනවා. ඔබ තුමා සිටින අනුරාධපුරයේම බලන්න. ඒවා රජවරු කලේ සුළු පරිමාණයෙන්. එහෙම ගැලපෙනවා.

:       0       1

mahinda Wednesday, 06 November 2019 10:35 PM

අව්ව වැස්ස දෙකත් ඕනේ විදියට හරවන්න පුළුවන් නම් ඔය ප්‍රශ්න නැහැ.

:       0       1

ranjith Thursday, 07 November 2019 02:45 AM

පසුගිය මාස 2 තුල මොරගහකන්ද සම්පුර්ණයෙන් හිස් වුන වතුර නිදහස් කලාම. දැන් වැස්ස නිසා පිරිලා. ඕක විවෘත කරන්න මෙච්චර පරක්කු වුන එක ගැන හරිනම් ලජ්ජා වෙන්න ඕන. මේ ආණ්ඩුව එනකොට 35% විතර ඉවර කරලා තිබුනේ.

:       3       35

sharm warn Thursday, 07 November 2019 04:14 AM

එක කාලයක කට්ටියක් නැටුවා ඉන්දියාවටත් විදුලිය දෙන්න පුළුවන් කියලා අන්තිමේ තුර්කි නැවෙන් විදුලිය ගන්න හදන තැනට එනකල් පල්ලම් බැස්සා. රටේ තරමට නෙමෙයි නේ කටේ සෞදම කාගේ කාගේත්. කියන කතාවෙන් ම අපිට අනාගතය මැවිලා පේනවා ඉතින් .. අන්තිමේ ඉන්දියාවෙන් වතුර ගේන්නත් වෙන්න පුළුවන් කියල නම් හොදටම විශ්වාසයි මේ අය තව ටිකක් හිටිය නම් ...

:       0       9

Hafeel Thursday, 07 November 2019 06:29 AM

අනේ මේ ව්‍යාපෘති වෙනුවෙන් කී පාරක් විවෘත කරලා උත්සව ගත්තද?

:       0       3

singapuli Thursday, 07 November 2019 06:41 AM

2015 හංසයත් එක්ක ගිහිල්ලා කරපු විනාශය තමයි මේ.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31211 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13374 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10971 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 74 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 906 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site