IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කහ - බීඩි කොළ මන්නාරමෙන් අල්ලයි

(ඩයනා උදයංගනී)

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියලි කහ කිලෝග්‍රෑම් 370කට අධික ප්‍රමාණයක්, එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් සහ බීඩි කොළ කිලෝග්‍රෑම් 294කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව අද (16) සිය භාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම, කොන්තපිඩ්ඩි සහ සිලාවතුර, අරිප්පු යන වෙරළ ප්‍රදේශයන්හි අද (16) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම තොගය සොයාගෙන තිබේ.

මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වෙරළ කළාපය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදුකරන අතර ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම කොන්තපිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු දැක සිදුකළ පරීක්‍ෂාවේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට රැගෙන ඒමට උත්සාහ කළ වියළි කහ තොගය සොයාගත් බව නාවික හමුදාව පවසයි.

මෙම වියලි කහ කිලෝ 370 ග්‍රෑම් 600ක පමණ තොගය මලු 13ක අසුරා තිබී ඇත.

වයඹ නාවික විධානය මඟින් අරිප්පු වෙරළ තීරයේ සිදුකළ මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 294 ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර ඒවා මලු තුනක අසුරා තිබූ බව නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 සහ 37 යන වයසේ පසුවන මන්නාරම පල්ලේමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායනය සඳහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාරදී ඇත.

නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදී ඇති අතර, බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තැබීමට පියවර ගෙන තිබේ



අදහස් (0)

කහ - බීඩි කොළ මන්නාරමෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site