
(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමින් යුතු, කහ කිලෝ 1,396 ක්, කල්පිටිය දූපත් සමූහයට අයත් වෙල්ල සහ ඉප්පන්තිවු නම් ජන ශූන්‍ය දූපත්වල වළ දමා තිබිය දී සහ නොරොච්චෝල ප්‍රදේශයේ ලොරි රථයකින් ප්‍රවාහනය කරම්න් තිබිය දී, කල්පිටිය විජය නාවුක හමුදා නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවුක හමුදාවට ලද තොරතුරකට අනුව,මෙම වැටලීම සිදු කර ඇති අතර සැක කරුවන් 6 ක් සමඟ කහ ප්‍රවාහනයට යොදා ගත්, වැගන් ආර් රථයක් සහ ලොරි රථයක් ද අත් අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අතුරින් සිව් දෙනෙකු කල්පිටියේ පදිංචිකරුවන් වන අතර දෙදෙනෙකු කෑගල්ලේ පදිංචි කරුවන් වෙති. මොවුන් වයස අවුරුදු 20 සිට 45 අතර වයස් කාණ්ඩවල අය වෙති.
කහ තොගය, නඩු භාණ්ඩ සහ සැකකරුවන් කල්පිටිය පොලිසියට හාර දෙන ලද අතර කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.