
(වන්නි රොමේෂ් මධුෂංඛ)
20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළද රිෂාඩ් බදියුදීන් තම පක්ෂයට එකතුවීම සම්බන්ධයෙන් තමන්ද විරුද්ධ වන බවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (03) වව්නියාවේදී පැවති වන්නි දිස්ත්‍රීක්කයේ මාධ්‍යෙව්දීන්ගේ ප්‍රශ්න ගැටලු පිළිබඳව වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී සෘජුවම සාකච්ඡා කිරීමේ වැඩසටහනකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය වරයා කියා සිටියේ,
‘ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය දැක්වීම සඳහා අපි 225 ටම ආරාධනා කරලා තියනවා ඒ නිසා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහාය දැක්වීම ඔහුගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කරයි. නමුත් අපේ පක්ෂයට එකතු කරගත යුතු නැහැ කියන තීරණේ මම ඉන්නවා. මොකද එතුමන් සම්බන්ධයෙන් මේ වන විට යම් කිසි ප්‍රශ්නයක් තියන නිසා...
එමෙන්ම යුද සමයේදී අතුරුදහන් වූවන් සමබන්ධයෙන් ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් තියනවා මම අතුරුදහන් වූවන්ගේ ගැටලුව සම්බන්ධයෙන් හුඟක් අධ්‍යයනය කරපු කෙනෙක් විදිහට අවුරුදු 30 කට වැඩි කාලයක් යුද්ධයක් තිබුණු රටක මිනිස්සු තිස් හතළිස් දහසක් මැරුණු වාතාවරණයක අතුරුදහන් වූවන් සම්බන්ධයෙනුත් අපට තීරණයකට එන්න පුලුවන්... මොකද ඒ අය එක්කෝ මිය යන්න ඕන. නැත්නම් විදෙස්ගත වෙලා ඉන්න ඕනෑ.
උදාහරණයක් වශයෙන් යුද්ධය පවතින අවස්ථාවක එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් ප්‍රදේශයන්ට මැදිව යුද හමුදාවෙන් පිරිසක් ඔවුන්ගේ ප්‍රහාරවලින් මිය යනවා. නමුත් ඒ අයගේ මළ සිරුරු හෝ හමු නොවන අවස්ථා තියනවා ඒ අයත් අතුරුදහන් ලැයිස්තුවේ තමයි නම් කරන්නේ.. පැහැදිලිවම එල්.එල්.ආර්.සී. වාර්තාවේ යුද්ධය හේතුවෙන් 21,000 කට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉන් 5000ත් 6000ත් අතර ප්‍රමාණයක් යුද හමුදාවේ පිරිසක් ඉන්නවා අපි මෙහි සත්‍යතාවය වටහා ගත යුතුයි.. ‘‘ යනුවෙන් ප්‍රකාශ කළේය.
තවද මෙම අවස්ථාවට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය සදාසිවම් ව්‍යාලේන්ද්‍රන්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ, වව්නියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්ධුල සේන යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙළියගේ මතය එහෙම උනාට පොහොට්ටුවේ මතය එහෙම නොවේ. පොහොට්ටු පක්ෂය ගොඩනැගුවේ කෙහෙළිය නොවේ. ජාතිවාදය 20 වන සංශෝදනයට සම්බන්ද කරගන්න අපි කැමති නැත.
මටනම් ඔය දෙන්නවම කොහෙත්ම වටින්නේ නැහැ. ලංකාවේ දේශපාලකයින් සහ දේශපාලනඥයින් නැහැ.
රිෂාඩ්ව ගත්තොත් පොහොට්ටුව මැලවිලාම යාවි. දැන්වත් රට වෙනුවෙන් හිතන්න.
ඔබලා රිෂාඩ්ව සම්බන්ද කර ගත්තොත් සිංහල අපි ඔබලා ගෙන් අයින් වෙනවා.
හුහ් හුහ් හූ, අපි නොදන්න ලයිව්.
රිෂාඩ් එපා එපා...
වවුලන් සමග ලගින්නට වගේ ඉගියක්.