IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


කෙහෙළියට එරෙහි අල්ලස් නඩුව අවසන්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ  හිටපු සභාපතිවරයකු වන ජයම්පතී බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම මඟින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි බව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද (20) තීන්දු කළේය.

අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ අත්සනින් තොරව මෙම නඩුව පවරා ඇති නිසා,  මෙම නඩුකරය ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව  රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ජයම්පතී හීන්කෙන්ද මහත්වරුන් මහාධිකරණය හමුවේ ගොනු කළ ප‍්‍රතිශෝධන අයැදුම්පතක්  සලකා බලමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.

2012 වසරේ මාර්තු මස 15 වැනිදා සිට  එම වසරේ අපේ‍්‍රල් මස 14 වැනිදා දක්වා කාලසීමාව තුළ එවකට ජනමාධ්‍ය  අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවදියේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අයත් පෞද්ගලික ජංගම දුරකථනයෙහි මාසයක බිල වන රුපියල් දෙලක්ෂ තිස් දහසක මුදලක් රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාවේ මුදල් වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළැයි චෝදනා කරමින් කෙහෙළිය රඹුක්වැල්ල සහ එම සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.

මෙම නඩුව ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම නඩුව පැවරීමට අදාළ එම කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාගේ ලිඛිත අනුමැතිය අධිකරණය හමුවේ ගොනු කර නොමැති හෙයින් එය විභාග කර පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියේ නීතිඥවරු විසින් මූලික විරෝධතාවක් මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ මතු කර තිබිණි.

එහෙත් එම මූලික විරෝධතා ප‍්‍රතික්ෂේප කළ මහේස්ත‍්‍රාත් අධිකරණය එම නඩුව විභාග කිරීමට තීන්දු කළ අතර, එම තීරණයට එරෙහිව කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරු විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප‍්‍රතිශෝධන අයැදුමක් ඉදිරිපත් කළේය.

එම ප‍්‍රතිශෝධන පෙත්සම විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේ නඩුවක් ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතිය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය අංගයක් බව මෑතකදී අභියාචනාධිකරණය විසින් ප‍්‍රකාශයට පත් කරන්නට යෙදුණු තීන්දුවක සඳහන් කර ඇති බවයි.

රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස, නීතීඥ නිරෝෂන් සිරිවර්ධන යන මහත්වරුන්ද, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පතී බණ්ඩාර හීන්කෙන්ද මහතා වෙනුවෙන් රංජිත් හීල්ලගේ හා ප‍්‍රදීප් ගුණතිලක යන නීතීඥවරුන් ද පෙනී සිටියහ.

 

 



අදහස් (11)

කෙහෙළියට එරෙහි අල්ලස් නඩුව අවසන්

Mahee Friday, 20 December 2019 02:59 PM

මේක ක්‍රියා පරිපාටිය පිළිබඳ වරදක්. අධ්‍යක්ෂ ජනරාල් මේ තාක්කල් අවුරුදු විස්සක් තිහක් තිස්සේ අල්ලස් නඩු පවරන්න ඇත්තේ ඔය විදිහටනේ... ඉතින් දැන් මේ හදිස්සියේ ඒක පටිපාටියට විරුද්ධ දෙයක් වුනේ කොහොමද? රන්ජා කිව්වේ බොරු නෙමෙයි වගේ...

:       1       457

විජිත් Friday, 20 December 2019 06:58 PM

මහි මල්ලි, රන්ජා කියන්නේ සම්පූර්ණ ඇත්ත. නමුත් ආත්මයක් නැති මිනිස්සුන් ඒවා පිළිගන්න කැමති නැහැ ප්‍රසිද්ධියේ. ඒ තමන්ට ලැබෙන යමක් ඇතිනම් ඒවා නොලැබෙයි' කියන " බය " නිසයි. අපේ අවාසනාවට නාගානන්ද මහත්මයාට ඡන්දෙ ඉල්ලන්නත් බැරිවුණා. යම් විදිහකින් එතුමා බලයට පත්වුණා නම් කරන පළමුවැනි දේ .." නඩු කාරයින්ව ගෙදර යැවීම " බව කීවා මතකයි. දැන් ඉන්න නඩුකාරයින්ගෙන් 98% පමණම කොඳු නාරටිය කැඩිච්ච අයයි. එහෙමත් නැතිනම් " බඩ පිරෙන්නම ජරාව " කන ජරා පප්පලා. එහෙමත් නැතිනම් දූෂිත දේශපාලුවන් සමග ඩීල් දාපු නඩුකාරයින් ටික... ඉතින් කොහොමද සාධාරණව නඩු අහන්නේ..? මේ දූෂිත ජරා පප්පලාගේ කතාවට යමෙක්" තිත" තියන තෙක් අපේ රටේ නීතිය වල්වැදී තියේවි.

:       0       73

senaSaturday, 21 December 2019 10:15 AM

නඩුකාරවරුන්ට බනින එක හරි අසාධාරණයි.. ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ ඡන්ද දායකයාගේ හැසිරීම මත අපි ඡන්දය දැමීමේදී දේශපාලනයේදී මහත්වරුන් හැටියට හැසිරෙන මන්ත්‍රීවරුන් තොරාගන්නවාද? නැහැනේ ඉතින් ඉතාම නූගත් රස්තියාදුකාරයන් දේශපාලන බලය ලබාගත්තාම නඩුකාරයින් හෝ අනිකුත් නිලධාරීන්ට නිදහසේ රස්සාව කරන්න පුළුවන්ද? ඒ අයත් දරු පවුල් රකින අපි වගේ මිනිස්සුනේ...

:       0       1

sanjeewaSaturday, 21 December 2019 02:40 AM

සාමානයෙන් නඩු පවරන්නේ ලිඛිත අනුමැතියෙන්... ඒත් දේශපාලනේ නිසා හදිස්සිකාරයින් එහෙම අනුමැතියක් අරගෙන නැහැ. නැත්නම් ඇතැම් කොමසාරිස්වරුන්ට මේ නඩුව ගැන වෙනත් මතයක් තියෙන්න ඇති...

:       10       1

vidya Friday, 20 December 2019 06:32 PM

දැන් මොනවද? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. මොනවා වුණත් කමක් නෑ. අරෙහේ මෙහෙ ගිහිල්ලා ජනේල තියන තැන්වලින් පරිස්සම් වෙන එක හොඳයි. දැන් ඉන්නේ වෙනස්ම ජනාධිපති කෙනෙක්. පැන්නොත් පැන්නම තමයි.

:       2       150

Mahesh Friday, 20 December 2019 07:06 PM

මේ යන විදියට නම් මේ ආණ්ඩුවද යන්නේ ගිය ආණ්ඩුව ගිය රේල් පාරේමයි. මොවුන්ද ඉතිහාසයෙන් තවමත් පාඩම් ඉගෙනගෙන නැත. බලේ ලැබුණාම ඔක්කොම එකයි කියා යලි ඔප්පු කිරීමක් තමයි.

:       0       2

Raveendra Friday, 20 December 2019 08:38 PM

ලජ්ජා නැතිව මෙසේ ඇවිදින්නෙත් ඔබේ අපේ මුදල්වලින් අඩුටික හදාගත්ත නිසානේ අනේ අම්මපා.. දුප්පත් මිනිසුන්ගෙන් එකතුකර ගන්න බදුමුදල් වලට වෙනදේවල් හැබෑට... එක අතකින් බැලූකල අපි බදුගෙවමින් අපම නොදැන පින්දහම් කරන එකත් නරකම නැහැ.

:       0       6

Buddika Saturday, 21 December 2019 02:09 AM

අවංකවම කිවහැකිද? කිසිඳු ලෙසකින් රටේ සල්ලි හොරකම් නොකළ බව? කියන එකා නම් කියයි. ඒත් මිනිස්සු දන්නවා පහුගිය කාලෙ මේ අය හොරකම් කළ හැටි. නීතියෙන් නිදහස් වෙන්නේ හොරකම් නොකළ නිසා නොවේ. නීතියට බලපෑම් කරන නිසයි. මාසයක් ඇතුළතදී පොලීසියට සියලු බලපෑම් කරලා ඉවරයි. පොලිස් කොමිසමක් අද නැහැ. නීතියට අවශ්‍ය පරිදි බලපෑම් කරනවා.

:       0       11

රවින් Saturday, 21 December 2019 02:59 AM

ආයෙත් බැල්කනියෙන් පැන්නනේ...

:       0       11

Naushi Saturday, 21 December 2019 03:27 AM

නිදොස් කොට නිදහස් කිරීමේ කාලය ආරම්භ වූ වගයි.

:       0       14

ajith Sunday, 22 December 2019 03:06 AM

අල්ලස් කොමිසමේ මහත්වරු මේ තරම් අනුවණ මිනිස්සුද කියලා හිතාගන්න අමාරුයි. ඒත් වැඩේ කරලා තියෙන්නේ විත්තියට වාසියටනේ. ඒක එහෙම සිද්ධ වුනේ කොහොමද කියලා බලන්න කොමිසමක් පත් කළොත් නරකද? දැන් හැම එකටම කොමිසම් පත් කරන එකේ. විත්තිකාරයෝ දෙන්නා වරද කරලා තියෙන එක නම් ඔප්පු වෙනවා. මේ නඩු දැමිල්ලේ වරද නිසා දඬුවම් කරන්න තමයි බැරි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1028 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1063 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site