IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


‘කසළ’ මාතර පොළ වහයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
කසළ ප්‍රශ්නය හේතුවෙන් අද (10) මාතර මහජන පොළ වසා දැමීමට මාතර මහ නගර සභාව පියවරගැනීම හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බව වෙළෙන්දෝ සහ පාරිභෝගික ජනතාව පවසති.
 
විශේෂයෙන්ම දුර බැහැර සිට එළවළු හා පලතුරු විකිණීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ට ආපසු හැරී යාමට සිදු වී ඇතැයි ඔවුහු චෝදනා කරති.
 
මේ නිසා සති පොළේ වෙළදාම් කර ජීවත් වන වෙළෙන්දන් පීඩාවට පත්ව ඇත.
 
මහජන පොළ පවත්වා ගෙන යන ගොඩනැගිල්ල මහ නගර සභාව විසින් ඉබි යතුරු දමා වසා දමා තිබූ අයුරුද, මේ හේතුවෙන් වෙළෙන්දන් කිහිපදෙනෙකු එම ගොඩනැගිල්ල ඉදිරිපිට කොටුවේගොඩ පාර අයිනේ තම බඩු තබාගෙන වෙළදාම් කරනුද දක්නට ලැබිණි.
 
වෙනත් දිනවල පලතුරු හා එළවළු වෙළදාම් කරන ස්ථානවල කසළ පිරී දැඩි දුර්ගන්ධයක් හමා එමින් තිබූ අතර, මේ හේතුවෙන් වෙළඳ ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගික ජනතාවගේ ද විශාල අඩුවක් දැක ගත හැකි විය.
 
අද(10) සහ ලබන 14වැනිදා මාතර මහජන පොළ වසා දමන බවට මාතර නාගරික කොමසාරිස්වරිය ප්‍රසිද්ධ නිවේදනයක් මගින් ජනතාව දැනුවත් කර තිබුණේය. දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ද ඇති වී තිබෙන කසළ අර්බුදය හේතුවෙන් මහජන පොළ වසා දමන ලෙසට මාතර මහ නගර සභාව වෙත නියෝග කළේය. ඇති වී තිබෙන කුණු කසල ප්‍රශ්නය විසඳීම සඳහා මාතර වැඩබලන පුරපති චතුර කරුණාරත්න මහතා ඇතුළු මහජන නියෝජිතවරු කටයුතු කරති.
 
මාතර එක් රැස් වන කුණු කසල ගාල්ල රත්ගම මොන්රෝවියාවත්ත කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට රැගෙන යාම ඊයේ(09) ආරම්භ කළ අතර අද (10)  එම කටයුත්ත සිදු නොවූ බව දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා පැවසීය. ඔහු සඳහන් කලේ වැඩබලන පුරපතිවරයා මෙම ප්‍රශ්නය විසඳීමට ප්‍රශංසනීයකාර්ය භාරයක නිරත වන බවයි.
 
කෙසේ වෙතත් මාතර කසළ කොටවිල කසළ අංගනය වෙත බැහැර කිරීම වළක්වාලමින් මාතර අධිකරණය මාස තුනක කාලයකට තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමග මෙම තත්වය ඇති විය.



අදහස් (0)

‘කසළ’ මාතර පොළ වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 323 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 421 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site