(රොෂාන් ගුණරත්න)
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා පසුගිය සතියේ පැවැති කිලෝ මීටර් දෙකක් දිවීමේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත්වූ ක්‍රීඩකයින් වෙනුවෙන් අද (16 වැනිදා) පැවැති දෙවැනි පරීක්‍ෂණයේදී ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ ඉන් සමත් වූහ.
සිය විවාහ උත්සවය හේතුවෙන් පළමු ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට එක්වීමට නොහැකිවූ කුසල් මෙන්ඩිස් ද අද පැවැති පරීක්‍ෂණයට එක්වී ඇති අතර ඔහුද එම පරීක්‍ෂණයෙන් සමත්වී තිබේ.
මිනිත්තු 8 යි තත්පර 35 ක කාලයක්තුළ කිලෝමීටර 2 ක දුරක් ධාවනය කිරීමට ක්‍රීඩකයන්ට නියම වූ අතර එහිදි මිනිත්තු 8 යි තත්පර 23 ක කාලයකදී ධනුෂ්ක ගුණතිලකද, මිනිත්තු 8 යි තත්පර 27 ක කාළයක් තුලදී භානුක රාජපක්ෂද කිලෝමීටර 2 ක දුර සම්පූර්ණ කිරීමට සමත්වූහ.
මිනිත්තු 8 යි තත්පර 18 ක කාලයකින් කිලෝමීටර 2 ක දුර ප්‍රමාණය සම්පූර්ණ කරමින් කුසල් මෙන්ඩිස් ද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් විය.
පසුගිය සතියේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ කුසල් ජනිත් පෙරේරා සහ ආබාධයක් හේතුවෙන් පසුගියදා පැවැති යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී නොවූ අවිශ්ක ප්‍රනාන්දු ඉදිරි දිනකදී යළිත් මෙම පරීක්ෂණය සදහා මුහුණ දීමට නියමිත බව වාර්තා වෙයි.
(ඡායාරූපය - ධනුෂ්ක ගුණතිලකගේ ට්විටර් ගිණුමෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆේල් වෙන හැමකෙනාම පාස් වෙනකන් යෝග්‍යතා පරීක්ෂණ තියන්න නම් පරීක්ෂණ තියන්නෙම නැතුවම ඉන්න තිබ්බනේ....
ක්‍රිකට් ගහන්න බැරිවුණත් දිව නම් එළියට දාගෙන තමයි ඉන්නේ.
මේ අය හදන්න බෑ.. මේ අයගේ ජෙනරේශන් එකේ අවුලක් තියෙන්නේ..1990න් පස්සේ ඉපදුණු ඔක්කොම කෑවත්, බිව්වත්, ගුටි කෑවත්, සිය දිවි නසාගන්න ගියත්, වැසිකිළි ගියත් සමාජ මාධ්‍යයේ දාන පිරිසක් වෙලා ඉවරයි. කරන්න ඕනෑ මේ අයගේ හැන්ඩ් ෆෝන් අයින් කරලා අවුරුද්දක් විතර පුනුරුත්ථාපන කඳවුරකට දාන්න. මේ අය දැක්කාම පේන්නේ ක්‍රිකට් ගහන ක්‍රීඩකයින් වගේ නෙවෙයි..
සතුට... හරියට ටෙස්ට් ශතකයක් ගැහුවා වගේ.
එහෙනම් ඉතින් කෝලි දිව අඩි 5ක් විතර දාන්න ඕනේ...
ශාරීරික යෝග්‍යතාවය සහ විනය තියාගන්න බැරි සියලුම වෘත්තීය ක්‍රීඩකයින්ට සියලු ගිවිසුම් අවසන් කරන්න පාලකයින්ට මොලය පෑදේවා..!!!
එයාලා කියනවා අපි අහනවා. මෙයාලා චීත්තයක් ඇඳගෙන පන්දු රැක්කා නම් බෝක්කු යන එක හරි නවත්තගන්න තිබුණා. මෙයාලගේ වැඩ බලාගන්න පුළුවන් පිටියේදී..