
(යොහාන් භාසුර)
එංගලන්තයේදී විනය විරෝධීව හැසිරීමට වරදකරුවන් වී තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට සහභාගි කරන ලෙස කණ්ඩායම් කළමනාකාරිත්වයට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන මෙම ක්‍රීඩකයන් තිදෙනාගේ තහනම තවම ඉවත් කර නොමැති බව ඈෂ්ලි ද සිල්වා මහතා කීය.
කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් තිදෙනාට අන්තර් පළාත් තරගාවලියට සහභාගි වීමට අවසර ලැබී ඇති බව දැනගන්නට ඇති අතර මෙම ක්‍රීඩකයන් තිදෙනාට වසරක තහනමට අමතරව රුපියල් කෝටිය බැගින් කෝටි තුනක දඩයක් ද නියම කර තිබේ.
COMMENTS
වැනෙන කණු වලින් ශක්තිමත් නිවසක් සෑදිය හැකිද?
මොවුන් අවශ්‍ය නැත. ඉන්න කණ්ඩායම හොඳ දක්ෂකම් පෙන්වනවා. මේ විෂබීජ ඇතුළට ගන්න එපා.
ගිය අවුරුද්දේ ලෝක කුසලානයේ හොඳට සෙල්ලම් කළා... ලෝකයේම විචාරකයෝ අගය කළා අලුත්ම කණ්ඩායමක් වෙලා සෙල්ලම් කරපු විදිහට. මේ විෂබීජ ටික ආයෙම ඇතුළට දාගෙන ඉතින් ආපහු ගහන ගහන එක පරදින මැච් බලන්න තමයි වෙන්නේ අපිට...
දඩය ගැහුවද? නොගැහුවද? කියලවත් අපි දන්නේ නැහැ. කිසිම විනිවිදභාවයක් නෑ... ක්‍රිකට් ආයතනයේ වැඩ...
ක්‍රිකට් ආයතනයේ අය නම් දැනටමත් මොවුන්ගෙන් දඩය අයකරගෙන වගේ...