(ඉන්දිකා රාමනායක)

කොළඹ තේ වෙළෙඳපොළට රැගෙන එමින් තිබු කසල තේ කිලෝ 6100 ක්   පේරදෙණිය  අගුණවල  ප‍්‍රදේශයේ දී  ගම්පොළ විශේෂ කාර්ය බළකා කඳවුරේ භට කණ්ඩායමක් විසින් අද (30)  අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගත් කසල තේ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 13 ට අධික බව විශේෂ කාර්ය බළකාය කියයි.

ගෙලිඔය සිට ලොරියකින් කොළඹට කසල තේ ප‍්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් ලොරිය ද සමඟ මෙම කසල තේ තොගය අත්අඩංගුවට ගනු ලැබීය.