(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ඉදිරියේදී කිසිදු විදෙස් රටකින් කසල මෙරටට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙසද, ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සැප්තැම්බර් 20 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (31) තීන්දු කළේය.
එසේම කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන, එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසල එම ස්ථානයන්හි පරිසරයට හානි නොවන ලෙස පවතින ආකරයෙන්ම තබා ගන්නා ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක්ද නිකුත් කළේය.
පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සමක අභියාචනාධිකරණය හමුවේ කැදවූ අතර එහිදී මෙම නියෝග නිකුත් කළේය. අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැදවිණි.
පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසල ආනයනය වැළැක්වීමට ගොනු කළ රිට් පෙත්සම විභාගය සැප්තැම්බරයට