
(රංජිත් රාජපක්ෂ )
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව තවදුරටත් පහළ බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
කාසල්රි ජලාශයේ ජල ධාරිතාව අඩි 155 වන අතර අද (21) දින උදෑසන 6 වන විට එම ජලාශයේ ජල ධාරිතාව අඩි 18 කින් පහල බැස ඇති බවත්, මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අඩි 157 වන අතර අද (21) අලුයම වන විට එම ජලාශයේ ජල ධාරිතාව අඩි 34 කින් පහල බැස ඇති බවත් ජලාශ භාර ඉංජිනේරුවන් කීහ.
මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අඩු විමත් සමග එම ජලාශය ඉදි කිරිමේදි යට වු නටබුන් රැසක් මේ දිනවල යලි මතු වෙමින් පවති.
මවුස්සාකැලේ ජලාශයෙන් ජලය ලබාගෙන මෙගාවොර්ට් 75 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන කැනියොන් ජල විදුලි බලාගාරයට ජලය රැගෙන යන උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව දැනට මාසයක පමණ කාලයක් නතර කර ඇති තිබේ.
එම විදුලි බලාගාරය හැර ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සදහා අවශ්‍ය ජලය ලබා ගැනිමට කැනියොන් ජලාශයේ සොරොව්ව මාසයක පමණ කාලයක් දිවා රාත්‍රි දෙකේම විවෘත කර ඇති අතර , එම නඩත්තු කටයුත්ත අවසන් විමට තවත් මාස කිහිපයක් ගත වන බවද විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෙකු කියා සිටියේය.

2025 නොවැම්බර් මස 21
16
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
134
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
981
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කාසල්රී-මාවුස්සාකැලේ ජල මට්ටම තවත් පහළට
Hafeel Friday, 21 January 2022 11:19 AM
පවිත්‍රා අද විදුලිබල ඇමැති නම්, මුට්ටි හරි හලන්න තිබුණා වහින්න කියලා...
kamal Friday, 21 January 2022 12:18 PM
ඩොලර් මට්ටමත් වඩා පල්ලෙහාට බැහැලා...?
sharm warn Friday, 21 January 2022 04:47 PM
ජල විදුලිය නිපදවීම අඩුකරන එකත් මෙයාලගේ හොඳ ව්‍යාපාරයක්... එතකොට පෞද්ගලික පොඩි බලාගාරවලින් වැඩිමිලට විදුලිය ගන්න පුළුවන්.. විදුලි බල මණ්ඩලයේ ජලවිදුලි බලාගාරවල කරන්නේ මොනවද කියලා මිනිස්සු දන්නේ නැහැ. හැමෝම ඩීසල් බලාගාරවල වෙන දේවල් බලාගෙන හූල්ලනවා. මෙච්චර වියදමක් කරලා හදපු ජලවිදුලි බලාගාරවලින් හොඳට වැඩේ ගෙනියනවා.