
(එෆ්.අස්ලම්)
කිසිදු දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු හෝ මැතිවරණ නීති නොපිළිපදින බවත් මැතිවරණ නීති වැඩි වීමට ප්‍රධානම හේතුව ඒවාට සම්බන්ධ අපේක්ෂකයින්ට අධිකරණය හමුවට ඉදිරිපත් නොකිරීම බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් බදුල්ල මැතිවරණ කාර්යාලයේ දී පැවසීය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට සම්බන්ධ එකදු අපේක්ෂකයකු හෝ අධිකරණය හමුවේ වරදකරු වන්නේ නම් ඔහුට ලැබෙන දඬුවම් අමතරව වසර හතක දේශපාලන තහනමක් පැනවෙන බවත් හූල් මහතා සඳහන් කළේය.
මැතිවරණ තත්වය සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම සදහා රත්නජීවන් හූල් මහතා අද (2) බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට පැමිණි අතර එහිදී සහකාර මැතිවරණ කොමසාරිස් ඉන්දික හතුරුසිංහ මහතා ප්‍රමුඛ නිලධාරීන් සමගින් සාකච්ඡාවක ද නිරත විය.
එම අධීක්ෂණ චාරිකාව පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රත්නජීවන් හූල් මහතා මෙසේද සදහන් කළේය.
සහකාර මැතිවරණ කොමසාරිස් ඉන්දික හතුරුසිංහ මහතා ප්‍රමුඛ නිලධාරීන් මැතිවරණ කාර්යාලයේ කටයුතු සාර්ථකව සිදුකර තිබෙනවා. නමුත් මේ ප්‍රදේශයෙන් තරග වදින කිසිදු දේශපාලන පක්ෂයක එකදු අපේක්ෂකයකු හෝ මැතිවරණ නීති නිසි ලෙස පිළිපදිමින් මැතිවරණ ව්‍යාපාරය කරන බවක් පෙනෙන්නේ නැහැ.
මැතිවරණ නිති වැඩි වීමට ප්‍රධාන හේතුව දේශපාලකයින් මැතිවරණ නීති සෙල්ලමකට ගණන් ගෙන කටයුතු කිරීමයි.මැතිවරණ නීති කැඩීම් ගැන පැමිණිල්ලක් ලැබීමේදී පොලිසිය එම පැමිණිල්ල විභාග කරන්න ගිහිං අවවාද කර පැමිණෙනවා.දේශපාලකයින් සෙල්ලමකට අරන් සිටින්නේ ඒ නිසයි.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට සම්බන්ධ එකදු දේශපාලකයකුට එරෙහිව හෝ අධිකරණය හමුවේ කරුණු වාර්තා කර වරදකරුවකු කරන්නේ නම් ලැබෙන දඩුවමට අමතරව එකී දේශපාලකයාට වසර 7ක කාලයක් දේශපාලනය කළ නොහැකි වන තහනමක් පැනවෙනවා.
පොලිසිය එසේ නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක නොකරන නිසා තමයි දේශපාලකයින් මේ විදිහට මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරන්නේ. මා විශ්වාස කරනවා මේ ආකාරයේ දැඩි පියවරක් එකදු දේශපාලකයකුට හෝ ගන්නේ නම් නිසැකවම මැතිවරණ නීති උල්ලංඝනය වීම් නවතිනු ඇතැයි කියා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසමේ ඉන්න සමහර කොටි හපුවොත් නීති රීති පිළිපදින්නේ නෑනේ...
ඔයා නීතිය රකින්නෙත් නෑනේ හූල් මහත්තයෝ.
මෙයා නිරෝධානය නීති කඩලා දැන් අනිත් අයට බන කියනවා.
මහ කකුළුවො පොඩි එඑවුන්ට කෙලින් යන්න කියලා දෙනවා ....
එතකොට උසාවියෙන් සිතාසි නිකුත් කරලා තිබෙද්දි හොරෙන් රටෙන් පිටවුණා කියන්නේ නීත්‍යානුකූලවද? රට ඉඳලා ආපු දුව කාර්යාලයට එක්කගියේ නීත්‍යානුකූලවද?
ඔබතුමාගේ අදහස් දැක්වීම සාධාරණයි.
මැතිවරණ නීති කඩ කළ නරකම මිනිසා ඔබයි. ඕනෑම ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයෙකුට උසාවියට ගොස් මැතිවරණයක් නොපැවැත්වීමට තර්ක කළ හැක්කේ කෙසේද? මැතිවරණයෙන් පසු ඔබේ බෑග් ඇසුරුම් කර ගෙදර යන්න. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයෙකු ලෙස ඔබේ හැසිරීම පිළිකුල් සහගත, බිහිසුණු, කැතයි.
ඔබතුමත් කොරෝනා නිරෝධායන නීති ගණන් ගත්තේ නෑ නේද?
ඔයත් ස්වාධීනයි කිව්වට ස්වාධිනම නැනේ ඉතින්.
මේයා කියන ඒවා කවුද ගනන් ගන්නෙ.?
එල්ටීටීඊ එකට කඩේ යනගමන්, ලංකාවේ මැතිවරණ නීති ගැන කතාකාරන්න මෙයා කවුද? යහපාලනේ ගෙනාපු පිලිලයක් තමයි. (බොරුවට) ස්වාධීන මැතිවරණ කොමිසම අහෝසි කළයුතුමයි...!
බල්ලොත් එක්ක නිදා ගත්තොත් බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා..
රඟපාන දේශප්‍රියට වඩා ඔබ අවංකයි හූල් මහතාණෙනි. ඒත් ඔබගේ හොඳ සිංහල ජාතිවාදීන්ට පෙන්නන්න බෑ. මේ මාසයේදී ඔබත්, ප්‍රජාතන්ත්‍රවාදයත් ලංකාවෙන් තුරන් වනු ඇත.
ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තන්ට කොමිෂන් සභාවල සාමාජිකත්වය දැරීමත් තහනම් කළ යුතුයි.
ඔක්කොම එකයි. කාටවත් ඡන්දෙ දෙන්න එපා. එනකෙනෙක් ඕන විදිහකට ආපුදෙන්. කවුරු ආවත් කරන්නේ අපිට ප්‍රශ්න ඇතිකරලා ඒ අයගේ ප්‍රශ්න විසඳාගන්නා එකයි.
ඔවා දෙනු පරහට... තමා සම්මතයේ පිහිටා සිට....
පොලිසිය පළමුව පොලිෂ් කළ යුතුයි.
අනේ හූල්, ඔයත් මුලින් රගපාලා....
ඔබ කොරෝනා නීති පිළිපැද්දේ නැහැ වගේ තමයි. නීති කැඩුවොත් කරන්න ඕනෑ දේත් ඔය නීතිපොතේ සඳහන් වෙලා ඇතිනේ. ඒ අනුව ක්‍රියාත්මක වෙන්න. මොකද බලබල ඉන්නේ...?
මෙතුමාගේ ප්‍රකාශය 70% ක් පමණ දුරට නිවැරදියි. එතරම් ප්‍රසිද්ධියක් නොමැති පක්‍ෂවල බොහෝ අපේක්‍ෂකයින් මැතිවරණ නීති කඩ කිරීමක් සිදු නොකරයි. බොහොමයක් රජයේ සේවකයින් සඳහා දේශපාලන කටයුතු වලට යෙදීම තහනම් කර තිබෙන නමුත්, මැතිවරණ කොමිසමේ සාමාජිකයකුව සිටිය දී අවස්ථා ගණනාවකදීම පක්‍ෂග්‍රාහී ලෙස කටයුතු කිරීම කිසිලෙසකින් සාධාරණ නැත...
ඔබත් ඔබේ රාජකාරිය හරිහැටි ඉටුකළේ නැහැනේ.. ඒකත් ඒවගේ තමයි.
ඔබතුමාගේ අදහස් දැක්වීම සාධාරණයි. නමුත් හුල් මහත්මයාණෙනි නීති කඩන දෙස්පාලුවන්ව අත් අඩංගුවට අරන් නිතිය හමුවට ඉදිරිපත්කරන්න පුළුවන්, නීති ගරුක, විනීත, ශක්තිමත් කොන්දක් ඇති පොලිසියක් කොහෙන්ද මේ ධර්ම ද්වීපයේ...?
මෙයා නිරෝධාන නීති පිලිපැද්දද.?
කතාව ඇත්ත. තරග නොකරන රටේ නායකයත්, කුඩුකාරයාගෙයි, හොරාගෙයි හැම රැස්වීමකටම යනවා. මේ ඔක්කොම හොරු...
මේ කතාව කියන මහාචාර්යතුමත් කොරෝනා නීති පිළිපැද්දේ නැහැ. දැන් කේතලේ කියනවා මුට්ටිය කලුයි කියලා. තමුන් ආදර්ශමත් නොවී අනුන්ගෙන් හරියට වැඩගන්න බලන්නේ කකුළුවෝ...
ඔබ කියන කතාව සම්පුර්ණ ඇත්ත. ප්‍රශ්නය තියෙන්නේ එතන තමයි.
ඒ කතාව නම් ඇත්ත, ඒවගේම පුදුමයි " සියලුම පක්ෂ " යන වචන දෙකම යොදපු එක ගැන.