(රංජන් කස්තුරි)
නීතිමය බාධාවක් පවතින හෙයින් කිසිදු දේශපාලන පක්ෂයක් අලුතින් ලියාපදිංචි කිරීමේ හැකියාවක් නැතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා කැඳවා ඇති නමුත් මේ වනතෙක් ඡන්දය පවත්වා නැතිහෙයින් එතෙක් අලුතින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට හැකියාවක් නැතැයිද මැතිවරණ කොමිෂන් සභාව කියයි.
දේශපාලන පක්ෂ අලුතින් ලියාපදිංචිය සඳහා ඉල්ලීම් ගණනාවක් ලැබෙමින් තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එහෙත් මැතිවරණවක් සඳහා නාමයොජනා බාරගෙන පසුව මැතිවරණය පවත්වා මාසයක් ගතවනතුරු අලුතින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කළ නොහැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාම යෝජනා කැඳවූවානම් ඡන්දය පැවත්වීම මැතිවරණ කොමිෂමේ කාර්යයක්. එය නොකිරීම අළුත් පක්ෂ ලියාපදිංචියට සිටින අයට බලවත්ම අසාධාරණයක් නේද.