IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොස්තාපල්ගේ වෙඩි පහරින් ටිපර් රියැදුරා මරුට

(ඉන්දිකා රාමනායක)

මඩකපුව, සින්නඌරනී ප්‍රදේශයේදී අද (21) පස්වරු 5.10ට පමණ ඇමති ආරක්‍ෂක පොලිස් කොස්තාපල්වරයකු සිදුකළ වෙඩි තැබීමකින් ටිපර් රථ රියදුරකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාගේ ආරක්‍ෂාවට අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල්වරයකු විසින් සිය රාජකාරී ගිනිඅවියෙන් එම වෙඩි තැබීම සිදුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම කොස්තාපෙලවරයා සහ ටිපර් රථ රියදුරු අතර මීට දින කීපයකට පෙර බහින්බස්වීමක් සිදුවී ඇති අතර ඊයේ පස්වරුවේ ටිපර් රථ රියදුරු ත්‍රිරෝද රථයකින් අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටින් ගමන් කරමින් සිටියදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා එම ත්‍රිරෝද රථය නවතා ටිපර් රථ රියදුරු සමඟ නැවත බහින්බස් වී ඇති බවට තොරතුරු ලැබුණු බව එම උසස් පොලිස් නිලධාරියා කියයි.

බස්හින්බස් වීම අතරතුර සැකකාර කොස්තාපල්වරයා රාජකාරී පිස්තෝලයෙන් ටිපර් රථ රියදුරුගේ හිසට වෙඩි තබා ඇත. සිද්ධියෙන් ටිපර් රථ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය කියයි.

වෙඩි තැබීමේ සිද්ධිය සම්යබන්ධයෙන් සැකකාර කොස්තාපල්වරයා එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය වන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ සිට නොමති බව ද පොලිසිය කියයි.

මඩකළපුව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

 



අදහස් (3)

කොස්තාපල්ගේ වෙඩි පහරින් ටිපර් රියැදුරා මරුට

Aparade Monday, 21 June 2021 08:39 PM

ගිනි අවි දෙනකොට..., මේ සමහර ඉගෙනුම නැති කොස්සෝ සහ ආරක්ෂක අංශ කට්ටියට අමුතු ලොකුකමක් ගහනවා. ගොඩක්ම ඔය දේශපාලනය අය වටේ ඉන්න අයට. ඇයි ඔවුන්ව තව ලොකුවට පුම්බනවනේ දේශපාලුවන් ඒ ගොල්ලන්ගේ හයිය පෙන්නන්න... විනය කියන එක නැතිකම, තරහ පාලනය කරගන්න බැරි අයට ගිනි අවි නොදිය යුතුයි. අපරාදේ ජීවිතය...!!!

:       1       144

BamunuarachchiTuesday, 22 June 2021 08:13 AM

බහින් බස් වීමකින් ඇතිවෙන කේන්තියට ඉගෙනුම අදාළ නැත.. භාවනාවද අදාළ නැත. මම වුණත් ඔය දේ කරනු ඇත...

:       0       0

lhx ghhxerib Tuesday, 22 June 2021 08:13 AM

අප්පට සිරි ගජ..! කිරි අප්පට බල්ලො පැනපි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 36 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site