IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කසකස්තානයේ ගුවන් අනතුරින් 15 ක් මරුට

මගීන් 100ක් රැගෙන කසකස්තානයේ​ අල්මති ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කළ ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් 15 දෙනකු මියගොස් 20කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. 

ගමන් ආරම්භ කර මිනින්තු කිහිපයකින් රේඩාර් පථයෙන් අතුරුදන් වූ ගුවන් යානය ඉන් ටික වේලාවකට පසු ගොඩනැගිල්ලකට කඩා වැදිණි. 

අනතුරට පත්ව ඇත්තේ ‘ෆොකර් 100 බෙක් එයාර්’ වර්ගයට අයත් ගුවන් යානයකි.

කසකස්තානයේ නූර්-සුල්තාන් අගනුවර බලා උදෑසන 7.05ට එම ගුවන් යානය අල්මති ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කර තිබිණි.

අනතුරට පත් වනවිට යානය තුළ මගීන් 95 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 5 දෙනෙකු සිටි බව ගුවන් තොටුපොළ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

කොන්ක්‍රීට් බාධකයක වැදී ඇති ගුවන් යානය පසුව දෙමහල් ගොඩනැගිල්ලකට කඩා වැදී ඇත. මෙම අනතුරට හේතුව කුමක්දැයි අද (27) පස්වරුව වනතුරුත් අනාවරණය වී නොතිබිණි. 

මධ්‍යම ආසියානු රටක් වන කසක්ස්තානයේ හදිසි අවස්ථා පිළිබඳ කමිටුව විඩියෝ පටයක් නිකුත් කර තිබිණි. එම විඩියෝ පටයට අනුව ගුවන් යානය කොටස් දෙකකට කැඩී ගොස් තිබූ අතර ගුවන් යානයේ ඉදිරිපස කොටස කඩා වැටුණු නිවසකට කඩා වැදී තිබිණි. 

එසැණින් සහන සේවකයෝ එම ස්ථානයට පැමිණි අතර ගුවන් යානයේ මගීන් බේරාගැනීම සඳහා යුහුසුළුව කටයුතු කළහ. 

අනතුර සිදු වූ ස්ථානයේදීම 14 දෙනෙකු මියගිය බවත් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව තරුණියක මියගිය බවත් අල්මති නගරයේ සෞඛ්‍ය සේවයේ ප්‍රධානියා පැවසීය. 

අනතුරින් 66 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එයින් 50 දෙනෙකු රෝහල් ගත කර ඇති බවත් එම නිලධාරියා කීවේය. තුවාල ලැබූ පිරිසෙන් 12 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද හෙතෙම කීය. තුවාල ලැබූවන් අතර දරුවන් නවදෙනකු සිටින බව ද වාර්තා විය. 

අනතුරට වගකිව යුතු සියලු දෙනාට නීතියට අනුව දැඩි දඬුවම් පමුණුවන බව කසකස්තානයේ ජනාධිපති කසීම් ජෝමාට් කායෙව් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. අනතුරට පත්වූවන්ගේ පවුල්වලට සහන සලසන බව ද හෙතෙම සඳහන් කළේය. 

මෙම අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කොමිසමක් පත් කරන බව ද ඔහු කීය. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ගුවන් ප්‍රවාහන ආරක්ෂණ නීති උල්ලංඝණය කිරීමක් සිදුව ඇති බවත් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා කීවේය. 

අනතුරට පත්වූ ගුවන් යානය අවුරුදු 23ක් පැරණි අතර පසුගිය මැයි මාසයේ දී ආරක්ෂාව සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලදී යානය අදාළ පරීක්ෂණ සමත්ව ඇතැයි කසකස්තාන බලධාරීහු සඳහන් කළහ. 

අනතුරට ‘ෆොකර් 100’ වර්ගයේ යානා නිෂ්පාදනය නවතා කලක් ගත ව ඇති අතර අනතුරට හේතුව සොයාගන්නා තුරු අදාළ වර්ගයේ සියලු ගුවන් යානා යාත්‍රා කිරීම නවත්වන බව කසකස්තානයේ කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේය. 


අනතුරට පත්වූ යානය බෙක් එයාර් ගුවන් සමාගමට අයත් යානයක් වන අතර එම ගුවන් සේවය කසකස්තානයේ අඩු වියදම් ගුවන් සේවයක් බව ද වාර්තා වේ. 


ඒ.එෆ්.පී.  

(055)

 

 



අදහස් (0)

කසකස්තානයේ ගුවන් අනතුරින් 15 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 428 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site