(තිළිණි ද සිල්වා)
කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි නව ගොඩනැගිල්ල වෙත රැගෙන යාමේදී එම ගොඩනැගිල්ල සඳහා රජයේ තක්සේරුකරු කළ තක්සේරුවට වඩා වැඩි මුදලකට අදාළ ගොඩනැගිල්ල මිලදී ගත්තේ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හිමාලි හඳුන්හේවා මහත්මිය ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් අද (4) පැවසුවාය.
ඇය මේ බව සඳහන් කරනු ලැබුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21 කට නව ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී සිදුව ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම වෙත ලැබූ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී ය.
විශාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පස් පුද්ගල කොමිෂන් සභාව හමුවේ වැඩිදුරටත් සාක්කි ලබා දුන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහාකර ලේකම්වරිය කියා සිටියේ අදාළ අමාත්‍යාංශ නව ගොඩනැගිල්ලට රජයේ තක්සේරුකරු රුපියල් මිලියන 13.5ක් තක්සේරු කළත් ඊට වැඩි මුදලකට එනම් රුපියල් මිලියන 21ට මෙම ගොඩනැගිල්ල මිලදී ගත් බවය.
පාර්ලිමේන්තුවේ අමතර කාර්යාලය පහසුකම් අවශ්‍ය වීම නිසා පෙර පැවති ගොවිජන මන්දිරය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකින් සෙත්සිරිපාය යාබද ඇති වෙනත් ගොඩනැගිල්ලකට අමාත්‍යාංශය ගෙන යාම තීරණය කළ බවද අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය කොමිසම හමුවේ වැඩිදුරටත් කීයා සිටියාය.
එසේ වුවද 2015 වසරේ දෙසැම්බර් 01 වැනිදා එවකට සිටි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානයක මහතා අගමැතිවරයාගේ උපදෙස් මත රාජගිරියේ පිහිටි ඩී.පී.ජේ ගොඩනැගිල්ල ලබා ගැනීමට යෝජනා කළ බවද ඇය වැඩිදුරටත් කීවාය.
මෙම පැමිණිල්ලේ වැඩිදුර විභාගය ලබන 08 වැනිදා 9.30ට කල් තැබිණි.අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය විසින් සාක්කි මෙහෙයවන ලදී.
COMMENTS
වෙනස රුපියල් කෝටි හත හමාරයි. කාටද බෙදී ගියේ.
ගොවියන්ගේ එළවලු විකුණගන්න බැ. දවසෙන් දවස බීජ මිල ඉහලට. ඔක්කොම රටෙන් ගේනවා. ගොවි විශ්‍රාමේ 1200. මේවගේ ගොඩනැගිලි අරන් ගත්තු විසඳුම කුමක්ද?
මේක හරියට "වැටත් නියරත් ගොයන් කන" කතාව වගේ නේද. ඉතින් කොහොමද රට දියුණු වෙන්නෙ.
මෙතන වංචාවක් සිදුවී ඇති බව කාට වුනත් වැටහෙනවා. පරණ ගනුදෙනුවක් වෙනුවෙන් ගොඩනැගිල්ල අයිතිකාරිට විශේෂ සැලකිල්ලක් දක්වන්න ඇති.
ඉතිහාසයේ දූෂණ වංචා කෙළවරක් නෑ ඒවාට පවත්වන කොමිෂන් ඉවරයක් නෑ. ප්‍රතිපලත් නෑ අපේ මුදල් නාස්ති වෙන එකයි සිදුවන්නේ මෙහෙම ගියොත් අපේ රට කොයිබට ද?
තිබුණු ආණ්ඩුවට හොරා හොරා කියලා චෝදනා කරලා පත් කරගෙන තියෙන්නේ කම්බ හොරු ටිකක් .. දැන් තේරෙනවා නේද දුමින්දලා වගේ අය රනිල් පස්සෙ මෙච්චර දුවන්නේ ඇයි කියලා
මේවට තමයි කියන්නේ එලිපිට මුදල් ගසා කනවා කියලා. ලක්ෂ 210ක් මාසිකව ගෙවාගෙන ආන්ඩුවේ ආයතනයක් තියාගෙන ඉන්නවා කියන්නේ මේ රටේ බදු මුදල් තමයි නාස්ති වෙන්නේ. ඔය ලක්ෂ 210 මාසිකව ලක්ෂ පහ හෝ දහය ගානේ කුඩා ව්‍යාපාර පටන් ගන්න දුන්නා නම් අඩු ගානේ රටේ අදායම වගේම රැකියා හරි බිහිවෙනවා. බදු සහ දඩ වැඩි කරමින් තමන්ගේ ලගම යාලුවන්ට රටේ මුදල් හොරා කන්න ඉඩ දීම තමයි පාර්ලිමේන්තුවේ ඉන්න 225මේ වගේ අරමුන. ඊලග ඡන්දයකදී ඔය 225ම ගෙදර යවන තෙක් මේ රට හදන්න බෑ
වෙනස කෝටි හත හමාරයි නෙවෙයි, මිලියන හත හමාරයි. ඒක නෙවෙයි, වැදගත් මේ එළිපිට සාක්ෂි ඇතිව කරන වංචා වලට ගන්න ක්‍රියාමාර්ග ගැන. මොකුත් නෑ ඉතින්. සිංගප්පූරුව මහේන්ද්‍රන්ව දෙන්නෙ නෑ කියල මැරෙන්න හදනවා. මදුෂ්ව ගේන්න තකහනියෙ ඩුබායි යනවා. ගේ ඇතුලෙ ඉන්න හොරු, තවත් හොරකම් කරගෙන යසට ඉන්නවා. මේක හැදෙන්නෙ නෑ
ඔතන ගැටළුව ඇයි මේ ගොඩනැගිල්ලම ගන්නේ කියන එකයි. මොකද ගොඩනැගිල්ලක් කුලියට ගත්තම ඒකේ පාටිෂන්, කාපටින් කරන කම් කුලී නොගෙවා ඉන්න බෑ. රජයේ ආයතන වල ඔව්වා ටෙන්ඩර් දම දමා කරන කොට මාස ගණන් යනවා. අනික රජයේ තක්සේරුකරු කියන ගාණට හිමිකරු දෙන්න බෑ කියනවා නම් කරන්න දෙයකුත් නෑ.
අදාල ඇමතිට තමන් හොරෙක් බව නොපෙනෙන අතර, අන් අය හොරු විදිහට පෙනෙයි..
ඉහත අනුර ප්‍රනාන්දු මහතා කිව්වා වගේ කොමිෂන් සභාවලින් මුදල් නාස්තිය පමණයි. මේ දක්වා කිසි කෙනක්ට දඬුවම් දීලත් නැහැ. මේවා ජනතාව මුලා කරන වැඩ... බොරුවට විශේෂ මහාධිකරණ තුනකුත් පත් කරලා. මේ වංචා සිදුවෙද්දී විෂය භාර ඇමති දුමින්ද දිසානායක. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන සහ එම පක්ෂයේ මහ ලේකම්. මෙතන ඉතා පැහැදිලි ප්‍රධාන පක්ෂ දෙකම පොහොට්ටුව ඇතුළු මේ රටේ දුෂණ, වංචා නැති කරන්නත් නැහැ... දඬුවම් දෙන්නත් නැහැ. අවුරුදු 71ක් මාරුවෙන් මාරුවට රට පාලනය කළ මේ පක්ෂ දෙකම පරාජයට පත්කළ යුතුයි. මේ රට හදන්නන් නං තුන්වෙනි බලවේගයක් බලයට පත්කළ යුතුයි. ජනතාව හැටියට අපි වෙනස් වියයුතුයි...
මේවා කවදාවත් කෙරෙන නඩු නෙමේ. මුල්‍ය වංචාවකට හිරේ ගිය දේශපාලුවෙක්ගේ නමක් කියන්න බලන්න කව්රු හරි? නමුත් බඩගින්නට පොල්ගෙඩියකට,අඹ ගෙඩියකට මාස ගණන් හිරේ ගිය දුප්පත් මිනිස්සු සිය ගණනක් රටේ ඇති. නමුත් කතාව නම් ලංකාව තවත් සිංගප්පුරුවක් කරන්න කොහෙන් හිනා වෙන්නද මන්ද මේවට!
අහන්න ඕනෙද? ඉතින් කෝ එතැනින් එහාට කව්රුත් කතා කලේ නැහැනේ. කව්රුත් ඩේසි ආච්චිගේ මැණික් මල්ල පිළිඅරගෙන කේස්එක එතනින් ක්ලෝස් කළා. කෝ දැන් ඩේසි ආච්චි කෙනෙක් ගැන කව්රුත් කතා නැහැනේ. ඉතින් මොකක්ද ඔහෙට තිබෙන අමාරුව.
සාටකයන් කර තිබෙන දුෂණ වංචා ලියන්න ගියොත් ස්ටීවන් ජොබ් හදපු ඇපල් මුදුකාන්ගයත් ඉඩ මදි වෙනවා .
මෙයා විහිළු සපයනවා . පස්ස දොරෙන් අගමැති පුටුවට රිංගපු ඔය මැතිතුමාව අපි පැය 24 ක් යන්න කලින් එලියට දැම්මා කියල මතක් කරලා දෙන්න ඕනෙද ? නලා කාරයන්ට වගේ නොවෙයි අපිට කල නොහැක්කක් නොමැත .
ඔක්කොම වෙලාවට සෙට් වුණාම ලංකා ඉතිහාසයේ දීර්ග කාලීනම දඬුවම එතුමාට බුක්ති විඳින්න හම්බ වෙයි . එතකන් එතුමාගේ රෙදි හෝද හොදා ඉන්න පුළුවනි .