IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෘෂිකර්ම ඇමැතිගෙන් වී මෝල් හිමියන්ට චෝදනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඇතැම් මහා පරිමාණ මෝල්කරුවන් වී සඟවා රුපියල් බිලියන ගණන් ලාභ උපයන බවත් සහල් කිලෝවකින් රුපියල් විස්සකට වැඩි ලාභයක් ලබන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) හෙළි කළේය.

ගොවින් වී ටික විකුණා අවසන් බවත් දැන් වී ටික තියෙන්නේ මෝල්කරුවන් ළඟ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

අලුත්ගමගේ මහතා මෙසේ පැවසූවේ සමගි ජන ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද පැවසීය.

"දැන් ගොවීන් වී ටික විකුණලා ඉවරයි. ඒ නිසයි අපි හාල් ගෙන්නන්න තීරණය කළේ.අපි සහල් පාලනය මාස දෙකක් ගත්තා.දැන් අපි ළඟ වී තොග ඉවරයි.දැන් වී ටික තියෙන්නෙ මෝල් හිමියන් ගාව.මේ කට්ටියගේ ඒකාධිකාරය බිඳින්න ඕන නම් පාරිභෝගිකයාට සහන මිලට සහල් දෙන්න නම් අනිවාර්යෙන්ම ආනයනය කරන්න වෙනවා ."

"අපි රසායනික පොහොර ආනයනය කරන්නේ නැහැ. කාබනික පොහොරවලින් වගා කළා කියලා අස්වැන්න අඩු වෙන්නේ නැහැ.මම වගකීමෙන් කියනවා. ඒ ගැන විවේචනය කරන්නේ රසායනික පොහොර සමාගම් වෙනුවෙන් හිටගන්න අය.රසායනික පොහොර නිසා වකුගඩු රෝගීන් එක්ලක්ෂ පනස්දාහක් බිහිවෙලා .ඊළඟ මහ කන්නෙ ඉඳලා අපි කාබනික පොහොරවලට යනවා."

 



අදහස් (7)

කෘෂිකර්ම ඇමැතිගෙන් වී මෝල් හිමියන්ට චෝදනාවක්

amarasena - nawalapitiya Tuesday, 22 June 2021 02:40 PM

බොරු චෝදනා එපා.වහාම අස්වෙලා යනන

:       0       0

kamal Tuesday, 22 June 2021 02:48 PM

බය වෙන්න දෙයක් නැ වී මොල් හිමියන්ට නවතින්න වෙන්නේ පිටසක්වල තමයි

:       0       0

සෙනෙවිරත්න Tuesday, 22 June 2021 03:44 PM

ඒදා ආණ්ඩුව ගාපු කං කෙඳිරිය මෙයාලත් කරනව. ඕව නතරකරනව කියල නේද ආවේ? මොකටද අලුත් ආණ්ඩුවත් එහෙම නම් ? රටින් ගෙනාව කියල හරියනවද?

:       0       0

Sri Lanka Tuesday, 22 June 2021 03:54 PM

බොරුවට බෝලෙ පාස් කරන්න එපා... මේ වගේ පුංචි රටක් පාලනය කරන්න බැරි ඔහෙලා නම් ෆේල්ම තමයි..

:       0       0

pradeepa Tuesday, 22 June 2021 04:07 PM

අපේ සර් හාල් වැඩේ අතෑරියානේ... කෝ හමුදාවේ තියෙනවා කියපු වී... ඒවා ගැන මොනවත් කතා නැහැ. හාල් හිතුමතේ විකුණනවා. ආණ්ඩුව නිදි ... බන්දුල සර් ... ඊළඟ කන්නය එනකම් ඉන්නවා හාල් අඩු කරන්න. දැන් කන්න කීයක් ආවාද? කෝ වැඩ කට්ටියගේ? වැඩ නෑ... හැකර කටවල් විතරයි තියෙන්නේ.

:       0       0

Gamimi Tuesday, 22 June 2021 06:45 PM

පොහොර නැතුව ගොවියෝ කුඹුරු අතහැරපුවහම ගොවියෝ හන්ගලා කුමන්ත්‍රණයක් කියයි

:       0       2

Bamunuarachchi Wednesday, 23 June 2021 09:12 AM

හලෝ මේ ගොල්ලන්ට චෝදනා කර කර ඉන්නේ මොන මගුලකටද? ගෙන්වනවකෝ හාල් පිටරටින්. ගොවියා දැනටමත් වී විකුණා අවසන්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site