ත්‍රස්තවාදීන් පිරිසක් විසින් ඉන්දියාවේ විශේෂ පොලිස් බලකායේ යුද බස් රථයක් ඉලක්ක කර පුපුරවා හරින ලද මෝටර් රථ බෝම්බයකින් 44කට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක් මිය ගොස් 13දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එම රථයේ කිලෝ 350ක් පමණ පුපුරන ද්‍රව්‍ය තිබූ බවද  පිපිරීම සිදුවන අවස්ථාවේ හමුදා බස්රථයේ නිලධාරීන් 39ක් පමණ සිටි බවද ඉන්දීය වාර්තා පෙන්වා දෙයි.

තුවාල ලැබූ නිලධාරීන් ශ්‍රී නගර්හි පිහිටි හමුදා රෝහල වෙත යවා තිබේ.

ජායිෂ් - ඊ- මොහොමඩ් නමැති ත්‍රස්තවාදී කල්ලිය මෙම ප්‍රහාරයෙහි වගකීම භාරගෙන ඇත.

මධ්‍යම විශේෂ පොලිස් බලකායේ රථ 70ක් පමණ ශ්‍රීනගර් - ජම්මු අධිවේගීමාර්ගයේ ධාවනය වෙමින් පැවතියදී ත්‍රස්තවාදීන් විසින් මෙම කාර් බෝම්බය පුපුරවා හැර ඇතැයි වාර්තා වේ.

(එන් ඩී ටීවී ඇසුරිනි)

(16844)