
(රංජන් කස්තුරි)
කොරෝනා මර්දනය කිරීම සඳහා ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවැනි එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමේ හැකියාව සොයා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග කමිටුවෙන් සහ ජාතික ඖෂධ නියාමන කමිටුවෙන් විමසීම් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ජාත්‍යන්තරව සිදු කර ඇති ඇතැම් පර්යේෂණවලින් ඇඇස්ට්‍රාසෙනිකා මෙසේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමෙන් වැඩි ප්‍රතිශක්තියක් ලැබෙන බවට තහවුරු වී ඇතැයි ද චන්න ජයසුමන මහතා පැවසීය.
විද්වත් මතය සුබවාදී වුවහොත් එය ක්‍රියාත්මක කරන බවද චන්න ජයසුමන මහතා කීය.
ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන ඇති මුළු සංඛ්‍යාව 925242කි. ඉන් පුද්ගලයින් 355675 දෙනෙකුට පමණක් අද (15) වන විට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් පිනට ලැබෙන ඕනෑ දෙයක් ගහගන්න එපායෑ. අතේ තියෙන තඹ දොයිතුව සැප වාහන 200ක් වත් ගන්න ඉතුරු කරගන්නේ නැතුව වෙන කුමක් කරන්නද?
ඔයගොල්ලෝ මීට සතියකට විතර උඩදී මහා උජාරුවෙන් කිව්වා නේද ජපානය ඇස්ට්‍රාසෙනිකා අඩු ලක්ෂ හය දෙනවා කියලා..? කෝ දුන්නද? ඔබලා රටවල් ගණනාවකින් මීට ඉහත ඇස්ට්‍රාසෙනිකා ඉල්ලලා තිබුණා... නමුත් ඒ එක රටකින්වත් ලැබුනේ නැහැ... මහජනතාව ලෙස අපට එය ලොකු ප්‍රහේලිකාවක්...!!!
මේ මොන විහිලුවක්ද? ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වත් මේ විදිහට වැක්සින් වර්ග දෙකක් කරන්න අනුමත කරලා නැහැ. ඇත්තටම මේ රටේ අයට නම් පිස්සු. මොවුන් තනිකරම පිස්සෝ රැලක්. අර පැණියම තමයි මේ පිස්සන්ට හරියන්නේ..
සොරිම තමයි. ජනතාව නූගත් කියල හිතාන ඇති
ඔය ක්‍රමයම තමයි මිනිස්සු ඉස්සරහට කරන්නේ. යහපාලනය වෙනුවට පොහොට්ටුව, පොහොට්ටුව වෙනුවට ටෙලිෆෝන් එක...
මොන ෆයිසර් ගැනද මේ කතා කරන්නේ? අන්න ෆයිසර් සහ මේ දෙන එන්නත් ගත්තු කට්ටියගේ හෘදය ඉදිමෙනවා කියලා එහෙ කලබල වෙලා. දැනටම දෙසිය ගාණකට හැදිලලු.
අමු කැවිලද මන්දා...
දෙන මගුලක් ඉක්මනින් දෙන්න... !!!
පළමුවෙන්ම මේ එන්නත් මාරුකරලා ලබාදෙන්න ඕනේ.. එතකොටවත් ඔය මොලේ විකාර හරියයිද බලන්න.
ඔය වැඩි ප්‍රතිශක්තියක් ලැබෙනවයි කියලා කියන සායනික පරීක්ෂණ වාර්තාව පුළුවන් නම් ප්‍රසිද්ධ කරන්න බලන්න.
ෆයිසර් නැතිව අර කෑගල්ලේ බාස් පැණිය දීලා හරියන්නේ නැද්ද?
ෆෝමලීන් හරි කමක් නැහැ.. ගහන මගුලක් ඉක්මණට...