
(ටී.කේ.ජී.කපිල)
පරිත්‍යාගයක් ලෙස ලැබුණු කොවිෂීල් එන්නත් සහ වෛද්‍ය උපකරන තොගයක් කටුනායක ගුවන් තොටුපළ වෙත අද රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ " කොවැක්ස් " පහසුකම යටතේ මෙම එන්නත් සහ උපකරණ තොගය එවා තිබුණි .
කිලෝ ග්රැම් 14 ක් බරැති , එක් ඇසුරුමක් ලෙස එවා තිබූ අතර එහි , මිලි ලීටර් 5 බැගින් වූ කොවිෂීල්ඩ් එන්නත් ඇසුරුම් 10 ක් , සිරින්ජර සහ එන්නත් ඉදිකටු තොගයක් ද තිබූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ අංශයේ ප්‍රකාශකවරයෙක් පැවසීය .
මෙම එන්නත් තොගය ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙන විත් , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් අද අලුයම 04.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
2025 දෙසැම්බර් මස 30
25
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘‘කොවිෂිල්ඩ්‘‘ එන්නත් තොගයක් කටුනායකට
යාපා Friday, 09 July 2021 12:18 PM
මෙවැනි වැදගත් රජයක් නොතිබුනිනම් අද මෙසේ එන්නත් නොලැබෙනු ඇත.ස්තුතියි මේ වෙනුවෙන් මහන්සි වූ සැමට