
කොව්ඩ් - 19 වයිරසය ආසාදිත මරණ භූමදානය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන්ගේ අදහස බවත් ඒ සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් පමණක් බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) පැවති කැබිනට් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීයකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මේ බව කීය.
“අගමැතිවරයා එතුමාගේ අභිලාෂය ප්‍රකාශ කළා. භූමදානයට ඉඩදෙන්නැයි එතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළා. නමුත් ජනපතිවරයාටවත්, අගමැතිවරයාටවත්, ඇමැති මණ්ඩලයටවත් මේකට හරි පිළිතුරක් දෙන්න බැහැ. මෙහි නිසි බලධරයා වන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයායි. ඔහුගේ තාක්ෂණික නිර්දේශය ගැසට් මගින් නිවේදනය කළ යුතුයි.
ආණ්ඩු බලයට පත්වීමෙන් පසු ජනපතිවරයා චීනය සමග කළ සාකච්ඡාවේදී වරායේ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම නාවික හමුදාවට බාරදෙන බව ප්‍රකාශ කළා.
මම දැනටමත් කොරෝනා එන්නත ලබාගෙනයි තියෙන්නේ. ද්විත්ව පුරවැසියන් රටේ වගකිවයුතු තනතුරු නොදැරිය යුතුයි යන්න මගේ අදහසයි. මේක අද ඊයේ වෙනස් වූ දෙයක් නොවේ. අපි දිගටම ස්ථාවරයේ තමයි හිටියේ. මෙවර ආණ්ඩුව ලෙස ලැබිලා තියෙන්නේ පක්ෂ 15කින් සෑදුණු සංධානයකටයි. අපි හැමෝටම වෙනස් වූ මත තිබුණු නිසා තමයිවිවිධ පක්ෂ ගොඩනගාගෙන සංධානයක් ලෙස එකතුවෙලා ඉන්නේ.
ඒ අතරින් එකඟ විය හැකි කරුණු අරගෙන තමයි සෞභාග්‍යයේ දැක්මට එකතු කළේ. ඒකට සියලු දෙනාම එකඟයි. ඊට පරිභාහිර දේවල් ගැනනම් මත ගැටුම් අපි අතර ඇතිවෙනවා. පවුලක ගැටුම් ඇතිවෙනවා නම් රටක් පාලනය කරන කොට කොහොම ගැටුම් වෙනවාද? ඉතින් දවස ගානේ ගැටුම් ආවත් පුදුම වෙන්න දෙයක් නැහැ. මොනවා වුණත් ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම තියෙනවා.“යැයි සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා මේ බව පැවසීය.
COMMENTS
නුදුරේදී කොළඹ පුරපති චීනෙක් පත්නොවුණොත් තමයි පුදුමේ.
කවුරු මොනවා කිව්වත් ඒ අදහසම තමයි වෙන්නේ...
දැන් අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කියන හැම දෙයක්ම එතුමාගේ පුද්ගලික අදහස්ද ප්‍රකාශ කරන්නේ..?
ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට කතා කරන්න වෙන කිසිම දෙයක් නැතිවද මේ වගේ නායකයින් යයි කියාගන්න අය මෙහෙම කරන්නේ.. ?
ලංකාවේ මහජනතාව ආදරේ කරන දේශපාලකයාට වූ දේ.. හරිම දුකයි මම අදත් එදත් ආදරය කරන දේශපාලකයෙක්...
තමන්ට හිතෙන හිතෙන දේ කියන්න නම් පාර්ලිමේන්තු එන්නේ නැතුව මැදමූලනට වෙලාම උන්නා නම් හොඳයි නේද..? පාර්ලිමේන්තුවට අගමැති කරන ප්‍රකාශ එච්චරම පහළ තැනකද තියෙන්නේ...? ජනාධිපති කටින් දෙන නියෝග චක්‍රලේඛ කියපු ජනාධිපති කෙනෙක් ඉද්දී මෙහෙම කතා ගැන පුදුම වෙන්න දේකුත් නෑ.
මහත්මයෝ, ඔබත් නීතීඥයෙක් නේද? එතුමා වගේ ඔබත් හොරාට ඉගෙන ගෙනද?
ඔබ කියන්නේ අගමැතිවරයා පිස්සු කෙලලා කියලද...? එහෙම කියන්න අගමැති වරයා පෙළඹුණා. ජිනීවා ප්‍රශ්නයට බයේ. මේ පාර අනිවාර්යයෙන්ම කෙලවෙනවාමයි. සමහරවිට අගමැතිවරයාට වරෙන්තු නිකුත් කරන්නත් පුළුවනි. සමහරවිට සෑම හමුදාවකින් ඇවිල්ලා ලොක්කන්ව අල්ලාගෙන යන්නත් පුළුවනි. හොඳයි බලවත් රටකින් සේනාවක් ඇවිල්ලා ලොක්කාව අල්ලාගත්තොත් අපි මොකද කරන්නේ..? ගහන්නද..?
ආ.. මේ එතුමාගේ පුද්ගලික මතය... එ්ක මිසක්, මලයා මේ සේරම දමලා ගහලා ඇමෙරිකාවේ යන්න හිතාගෙන ආයෙත් ටයි, කෝට් අඳින්න පටන් ගත්තාම මට නිකමට හිතුණා ඕක කියයි කියලා අද, හෙටම...
එතකොට රටේ අගමැති පාර්ලිමේන්තුවේ කියන ඒවා වලංගු නැද්ද..?
ගම්මන්පිල මහතා කිසිම දවසක තේරුමක් ඇති දෙයක් කිව්වේ නැහැ. මේ කතාවත් ඒ වගෙයි.
දෙපැත්තට බෙදිලා වගේ ඔය කරන ප්‍රකාශ ඔක්කොම ඔය කතාකරගෙන කරන්නේ... තාම හම්බන්තොට අයියලාව තේරුම් ගන්න බැරි හැටි...
රටේ දෙවැනි පුරවැසියා වන අගමැතිතුමා බොහෝ කලක් රටේ ප්‍රධාන පුරවැසියා වශයෙන් හිටි කෙනෙක්. ඒවත් වගකීම් සහිත කෙනෙකු මෙසේ මෙවැනි ප්‍රකාශ කිරීම නුසුදුසු දෙයක්. මෙවැනි වදන් බන්දු සමරසිංහ හෝ ටෙනිසන් කුරේ වැනි කෙනෙකු කීවා නම්, ඒවා විකට වදන් ලෙස සැලකීමට තිබුණා. එ්ක එහෙමයි කියමුකෝ.. දැන් මොනවද රට රවටන්න මේ කේවට්ටයන් හා දේශපාලන විකටයන් ඒ ගැන කියනා කතා හා කෙස් පැලෙන තර්ක.. මේ කේවට්ටයින්ගේ හා පෙරහැරේ ඉදිරියෙන් සද්ද දාගෙන එන කසකාරයින්ගේ බොළඳ උප්පරවැට්ටි ගැන ජනතා සිත් සතන් හොඳහැටි දනියි. පවතින අවුල් වියවුල් වසා දමා වැඩකට නැතිදේ ගැන සංවාද මවා රටේ ප්‍රශ්න වලින් ජනතා සිත් වෙනතකට ගෙනයාමේ උප්පරවැට්ටියකි මේ. කට හුරතල් කොට කියනා බොරු හා බොළඳ බස් ගැන අපි හොඳින්ම දනිමු...
එතුමාගේ අදහස මේ රටේ අගමැතිගේ අදහස වගේම පාර්ලිමේනිතුවේ ආන්ණඩු පක්ෂ ප්‍රධානියාගේ අදහස.
මේ ප්‍රකාශය අගමැතිතුමා කලේ පාර්ලිමේන්තුවේදී නැතුව කාල්ටන් නිවසේදී නොවේ.
ආණ්ඩුවට තියෙන විවේචනවලට මේකත් දුන්නොත් ඉවරයි. අනිත් ආගම්වල අයව නින්දා කරවන්න නාඩගමක් කරන්නේ.
මේ වගේ සේවකයෝ එක්ක කොහේද රටක් පාලනය කරන්නේ..? නිකම් පුස් වෙඩිල්ලක් විතරයි. මේ දේශද්‍රෝහී රජයට විරුද්ධව නැගී හිටින්න කියලනේ.. නැතිනම් තව මාස 06කින් අපිට කියලා රටක් තියෙන එකක් නැහැ. දැන් අපේ තේ ටිකත් චීනෙන් තමයි විකුණන්න යන්නේ..
බෙන්තර ගඟෙන් එහා පැත්තෙන් පූස් පැටියෙක් වත් ගන්න එපා කියද්දී.... වාඩිකෙරුවේ නැතෙයි රටේ ලොකු පුටුවක පූසෙකුටත් වඩා ලොකු එකෙක්ව...